(සුමන උදයන්ත)

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවනට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීමට අවශ්‍ය වැඩපිළිවෙළක්  වැලිකන්ද සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරම්භ කර ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්.එස්.අමිත් මහතා පැවසීය.

ඖෂධ ඇතුළු සියලු පහසුකම් රජය විසින් ලබා දෙන බව ද ඒ මහතා කීය.

මත් ද්‍රව්‍යවලට පුරුවූ පුද්ගලයන්ට මාස 03 පුනරුත්ථාපන කාලයකින් පසු සිය ජීවිකාව කරගෙන යාම සඳහා රැකියාවක් කරගෙන යාමට වෘත්තීය පුහුණුවක් ලබා දෙන බව ද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් 0769627761 දුරකථන අංකය ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගැනීමට හැකිය. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින තරුණ තරුණියන් කඩිනමින් පුනරුත්ථාපනය සඳහා යොමුවන ලෙස ඔහු  ඉල්ලා සිටින බව වැඩිදුරටත් පැවසීය.