(විමුක්ති එස් රුද්‍රිගු)

වෙනිසියුලානු ඉන්ධන ක්ෂේත්‍රයට පුද්ගලික සහ විදේශීය සමාගම්වලට අවසරදීම සඳහා වන නීතියකට එරට වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් පසුගියදා අත්සන් තැබුවාය.

ඒ සමග වෙනිසියුලානු ඉන්ධන ක්ෂේත්‍රය තුළ විදේශීය ආයෝජන සිදු කිරීමට අවසර හිමිවිය. වෙනිසියුලානු ඉන්ධන කේෂ්ත්‍රය මෙතෙක් රජය සතුව තිබූ අතර නව නීතියත් සමග ඉන්ධන කේෂ්ත්‍රය පුද්ගලීකරණය කිරීමට අවස්ථාව ලැබී ඇත.

වෙනිසියුලානු ඉන්ධන ක්ෂේත්‍රය තුළට විදේශීය සමාගම්වලට පැමිණීමට ඉඩ ලැබිය යුතු බව ඇමෙරිකාව ජනපති මදුරෝ අත් අඩංගුවට ගැනීමෙන් පසු ජනපති ට්‍රම්ප් ඉදිරිපත් කළ කොන්දේසියක්ද විය.

නීතියට අත්සන් තබමින් වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් ප්‍රකාශ කර සිටියේ වෙනිසියුලානු ඉන්ධන ක්ෂේත්‍රය පුද්ගලීකරණය කිරීමට අවසර ලබාදීම එරට ආර්ථිකය වර්ධනය කිරීමට තැබූ වැදගත් පියවරක් ලෙසයි. වෙනිසියුලානු පාර්ලිමේන්තුව පනත් කෙටුම්පත සම්මත කළ පැය කීපයක් ඇතුළත එය නීතියක් බවට පත් කිරීම සඳහා පනත් කෙටුම්පතට අත්සන් තබා තිබිණි.