ලිදුල නගර සභාවේ හිටපු සභාපති රිමාන්ඩ් තලවකැලේ ලිදුල නගර සභාවට අයත් මස්කඩ කාමරයක් අඩු ලන්සුවකට ලබාදීමෙන් රුපියල් ලක්ෂ 23කට අධික පාඩුවක් සිදු කළේ යැයි කියන හිටපු සභාපති අශෝක සේපාල ලබන 11වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද(02) නියෝග කළාය. 02 June 2025
ජනපතිගෙන් ජනතාවට සහතිකයක් ජනතාව රජයට ගෙවනු ලබන බදු මුදලින් රුපියලක් වත් දේශපාලන අධිකාරිය විසින් වංචා හෝ නාස්ති නොකරන බවට රටට සහතිකයක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (2)පැවසීය. 02 June 2025
පසුගිය කාලෙ දියුණු වුණේ දේශපාලකයන්ගේ බැංකු ගිණුම් පසුගිය කාලේ මොරටුවේ දියුණුව කෙසේ වෙතත් හිටපු නගරාධිපතිලාගේ හා නාගරික මන්ත්‍රිවරුන්ගේ බැංකු ගිණුම් නම් දියුණු වී ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 02 June 2025
කොරතොට ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට පොලිසි විශේෂ කාර්ය බළකාය නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ගලබඩවත්ත, කොරතොට ප්‍රදේශයේදී නිවෙසක සිටි පුද්ගලයකු රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. 02 June 2025
මාර්ග සංවර්ධන අධිකාරියේ නව අධ්යක්ෂ වැඩ බාරගනී මාර්ග සංවර්ධන අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වරලත් ඉංජිනේරු විමල් කණ්ඩම්බි මහතා බත්තරමුල්ල, කොස්වත්ත, ‘මහනැගුම මහමැදුර’ මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී සිය රාජකාරි අද ආරම්භ කළේය. 02 June 2025
ගාල්ලේ දරුවෙක් කොරෝනාවෙන් මරුට ගාල්ල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාසය එකහමාරක් වයසැති බිළිඳකු කොරෝනා ආසාදනය වී මියගිය බව තහවුරු වී ඇතැයි රෝහල් අධ්යක්ෂ රංග සභාපතිගේ මහතා පවසයි. 02 June 2025
ජා.ජ.බ දැනට පුංචි ආණ්ඩු 151ක් හදයි ජාතික ජනබලවේගය මේ වන විට දිවයිනේ පළාත් පාලන ආයතන 151ක බලය පිහිටුවා තිබේ. 02 June 2025
ඌව පළාතට ක්‍රීඩා සංකීර්ණයක් ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල දී විවෘත විය. 02 June 2025
අධිකරණයට අපහස කළැයි නීතිඥවරියගේ නඩුව අවසන් කරයි උසාවියට අපහාස කරන කළැයි කියමින් පුත්තලම මහාධිකරණයෙන් රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් පසු අභියෝජනාධිකරණය විසින් නොපමාව මුදා හරිනු ලැබු පුත්තලම මහාධිකරණ කලාපයේ රාජකාරී කරන නීතීඥ එස්.ඒ.පී. උදයංගනී මහත්මිය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංයමය ගොනු කොට තිබූ රිට් පෙත්සමේ පාර්ශවකරුවන් අතර ඇතිවු එකඟත්වය මත නඩුව අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (02) තීරණය කළේය. 02 June 2025
තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ් රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු වන තුසිත හල්ලොලුව මහතා ලබන 4 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද(02) නියෝග කළාය. 02 June 2025
ජාතික තේරීම් කමිටුව පත් කරයි ජාතික තේරීම් කමිටුව පත් කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදු කෙරිණි. 02 June 2025
පැන ගිය සෙබළු 2983 ක් අල්ලයි ත්‍රිවිධ හමුදාවෙන් පලා ගිය සෙබළුන් 2983 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පැවැසීය. 02 June 2025
සුඛෝභෝගි වාහන දෙකක් සමඟ ද්විත්ව පුරවැසියෙක් අත්අඩංගුවට ව්‍යාජ ලේඛන සකසා පරිහරණය කළ රුපියල් කෝටි 16 ක් සුඛෝභෝගී වාහන දෙකක් සමඟ ද්විත්ව පුරවැසි භාවයක් හිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය කියයි. 02 June 2025
විදුලි සැරෙන් මාරයා එයි කලවාන දෙල්ගොඩ කොළණිය ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැනක් ආසන්නයේ පිහිටි ගසක අත්තක් ඉවත් කිරිමට ගිය පුද්ගලයකුට විදුලි සැර වැදීමෙන් අද (02) මියගොස් ඇති බව කලවාන පොලිසිය පැවසීය . 02 June 2025
’’ මගේ වැය ශීර්ෂයේ කප්පාදු කළ හැකි හැම රුපියලක්ම කප්පාදු කළා’’ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ කප්පාදු කළ හැකි හැම ප්‍රමාණයක්ම තමා කප්පාදු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 02 June 2025
පුංචි සභා 138 ක් ඇරීම කල්යයි පළාත් පාලන ආයතන339න් එකසිය හැත්තෑ අටක් සභික නම් ලැයිස්තු භාරදීම ප්‍රමාද වීම ප්‍රධානීන් පත් නොකිරීම හා විවිධ නීතිමය ගැටලු හේතුවෙන් අද(2) දිනයේ ස්ථාපනය කිරීම ගැටලුකාරී වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 02 June 2025
මාර ගස් දෙකක් පාසලක් වහයි හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් කාසල්රි කාෆෙක්ස් දමිළ මහ විද්‍යාලයට විශාල මාර ගස් දෙකක් කඩා වැඩිමේ දැඩි අවදානමක් නිසා පාසල අද (02) හෙට (03) දින දෙක වසා දැමීමට තීරණය කළ බව එම විදුහලේ විදුහල්පති ජේම්ස් වික්ටර් මහතා පැවසීය. 02 June 2025
සූර් වී පුද්ගලයෙකුට පහරදුන් සෙබළු 6ක් අත්අඩංගුවට පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය අසලදී බීමතින් පුද්ගලයෙකුට පහර දුන් බව කියන යුද හමුදා සෙබලු හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසයි. 02 June 2025
පානදුර වෙඩිතැබීමක් යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවෙකු විසින් පානදුර වලාන ගැමුණු මාවත ප්‍රදේශයේදි වෙඩි ප්‍රහාරයක් එල්ලකර පලාගොස් ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි . 02 June 2025
උදැල්ලකින් පහරදී අයෙක් මරලා හොරණ , රෙමුණ ලී මෝලක සේවකයන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව එක්සේවකයෙකු අනෙක් සේවකයාට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි. 02 June 2025
පුංචි ආණ්ඩුවල අලුත් සභික නාම ලේඛන හෙට ලංකාදීපයේ පළාත් පාලන ආයතන 161 නව සභිකයන්ගේ නම් හෙට ලංකාදීප පුවත්පතේ පළ වේ. පළාත් පාලන ආයතන 339 කට අදාළව මැයි 6 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව තේරී පත්වූ සහ තෝරා එවූ සභිකයින්ගේ නම් ප්‍රසිද්ධ කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කළේය. 02 June 2025
පළාත් පාලන ආයතන 161 ක වැඩ අදින් ඇරැඹෙයි පලාත් පාලන ආයතන 161 ක් අද (02) දින සිට වැඩ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 02 June 2025
මහින්දානන්ද -නලින් බලන්න පුළුවන් මාසයකට සැරයයි බරපතළ වැඩ සහිත සිර දඬුවම් විඳින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් පවුලේ සාමාජිකයන්ට හෝ හිතවතුන්ට බැලීමට අවසර ලැබෙන්නේ මාසයකට සැරයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 02 June 2025
දිය තටාකයකට වැටී සිසුවියන් දෙදෙනකු මරුට මුලතිව්, කුමළමුනේ ප්‍රදේශයේ කෝවිලක දිය කැපීම සඳහා සාදන ලද තටාකයකට වැටී සිසුවියන් දෙදෙනෙකු මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි. 02 June 2025
පළාත් කිහිපයකට තරමක වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි . 02 June 2025
චීනෙන් ලංකාවට මකර බෝට්ටු පහක් ශ්‍රී ලංකාවේ කැනෝයිං සහ කයාකිං ජාතික සංගමය විසින් පවත්වන ලද චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලිය දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී කණ්ඩායම් 25 ක සහභාගීත්වයෙන් පැවැත්විණි. 01 June 2025
දියේ ගිලී හතරක් මරුට මුලතිව්, කුමුලමුනෙයි, කොට්ටුකිනරු පොකුණේ සහ උඩුප්පුකුලම් වැවේ ගිලි සිසුවියන් දෙදෙනකු සිසුවකු ඇතුළු සිව් දෙනකු මියගොස් ඇතැයි මුලතිව් පොලිසිය කියයි. 01 June 2025
සෙවනගල වහන්න කිසිඳු අදහසක් නෑ සෙවනගල සීනි සමාගම වසාදැමීමට ආණ්ඩුව කිසිඳු තීරණයක් ගෙන නොමැති මෙන්ම දේශීය සීනි කර්මාන්තය බිඳවැටීමට කිසිඳු ඉඩක් නොතබන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (1) පැවසීය. 01 June 2025
දේශීය ඖෂධ නිෂ්පාදකයාට උපරිම හයිය දෙනවා මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින් ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට උපරිම සහාය අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය. 01 June 2025
රිය අනතුරින් 4 ක් රෝහලට පානදුර දිබ්බැද්ද හන්දියේ කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් ළමුන් දෙදෙනකු ඇතුලු සිව්දෙනෙකු රෝහල් ගතකර ඇති බව පින්වත්ත පොලිසිය සදහන් කරයි . 01 June 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025