අධ්‍යාපන අනුකාරක සභාව සියලු මන්ත්‍රීන්ට දොර අරියි
අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට විවෘත කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.