(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ප්ලාස්ටික් බටයක බහා සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
සැකකරු සමග අත්අඩංගුවට ගත් එම ගිනි අවියේ අංකය අපැහැදිලි බව පොලිසිය කියයි.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශනය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම් ජි චානක මහතාගේ මෙහෙයවීම මත පොලිස් පරීක්ෂක ඇරෑගම මහතාට ලද තොරතුරකට අනුව උස් වැට කෙයියාව පමුණුගම ප්‍රදේශයේ නිවසකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුට මෙම ගිනි අවිය ලද ආකාරය සහ එය අපරාධ සඳහා යොදා ගත්තාද , ලබා දුන්නා ද යන්න පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි. කුලී වැඩවල නිරත 24 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd