
(අංජුල මහික වීරරත්න)
කියපු බොරු ඇත්ත කිරීමට පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්නට උත්සාහ ගනිමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ මාතර කඹුරුපිටිය ගමින් ගමට වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා:-
යහපාලන කාලෙ සල්ලි අරන් බොරු කියපු අය අද මහජන මුදල් වියදම් කරලා තමන් කියපු බොරු ඇත්තක් කියලා ඔප්පු කරන්න හදනවා.
ඒකෙන් සමස්ත රටම සමාජයම මේ රාජ්‍ය යාන්ත්‍රණයම කඩාගෙන වැටෙනවා.යම් දිනෙක මේවටත් ඒ අයට වගකියන්න වෙයි.සල්ලි වලට බොරු කියලා දැන් රටේ දේපළ පාවිච්චි කරලා ඒ බොරු ඇත්ත කරන්න උත්සාහ කරනවා නම් ඒක තමයි ලොකුම අපරාධය යනුවෙන් ද රාජපක්ෂ මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුද, ඇත්තද කියලා ළගදීම බලාගනිමු.
ඔබතුමන්ලා කරපු දේවල් දැන් රටම දන්නවා.
තමුන්ලා තරම් බොරු කියලා ජනතාව රවට්ටලා බලය අරන් රටම විනාශ කරපු ආර්තික ඝාතකයෝ ලොවෙත් නැතුව ඇති. මහින්ද චින්තනය තාරුණ්‍යයට හෙටක් ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම මෙකී නොකී බොරු බේගල් ටොන් ගණන්ගහලා, බලයට ආපු දූෂිතම පවුල් පාලනේ අය කරපුවා ගැන රටම දන්නවා. ජනතාව එළවලාම දැම්මේ නිකන්ද?