(අංජුල මහික වීරරත්න)

මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි දැනට කැණීම් කටයුතු සිදු නොවන කොටිකම්බොක්ක ධමනි තිරුවානා (Vein Quartz) නිධිය නිරීක්ෂණය කිරීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එහි මූලික විද්‍යාත්මක ගවේෂණයන්ට අනුව මීටර් 700ක භූමි ප්‍රමාණයක පැතිරී ඇති මෙම නිධියේ මෙට්‍රික් ටොන් මිලියන 0.31 ක අතිවිශාල තිරුවානා සංචිතයක් පවතින බවට හඳුනාගෙන ඇත. 

මෙය ජාතික ආර්ථිකයට දායක කරගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලීම අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ විය.

 ක්ෂේත්‍ර නිරීක්ෂණයෙන් අනතුරුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී අනවසර කැණීම්කරුවන්ගෙන් මෙම ස්වභාවික සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණි.

මෙම අවස්ථාව සඳහා මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරි ගංගානි, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ආචාර්ය එස්.පී චමින්ද, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මහේශ් අබේසේකර, භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යංශයේ සභාපති ජේ.එම්.එස්.එන්.ජයසිංහ, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ සභාපති මහාචාර්ය ජී.ඩබ්ලිව්.ඒ. රොහාන් ප්‍රනාන්දු මහත්වරු ද  සහභාගී වූහ.