
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාව සමග නව ගුවන් ගමන් සම්බන්ධතාවයක් ආරම්භ කරමින් චීනයේ " කැපිටල් " ගුවන් සේවය ( Capital Air Lines), බෙයිජිං නුවර, ඩැක්සිං (Daxing) ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ප්‍රථම මංගල ගුවන් යානය (Inogaral Flight) කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (31) දින පස්වරුවේ පැමිණියේය.
මෙම මංගල ගුවන් ගමන සදහා ඒ.- 330 එයාර් බස් ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසි අවස්ථාවේ දී ජල ආචාර පවත්වා පිළි ගනු ලැබීය .
චීනයේ බෙයිජිං නුවර සිට කැපිටල් ගුවන් සේවයේ ජේ.ඩී.- 487 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත අද පස්වරු 01.46 ට පැමිණි අතර එහි ගුවන් මගීන් 170 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 13 ක් ද පැමිණ සිටියහ .
මින්පසුව මෙම ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකම අගහරුවාදා සහ සෙනසුරාදා යන දින වල පස්වරු 02.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් එදින පස්වරු 04.20 ට චීනයේ බෙයිජිං නුවර බලා පිටත්ව යාමට නියමිත අතර මෙම ගුවන් ගමන සදහා පැය 08 ක ගුවන් කාළයක් වැය වේ .
මෙම ගුවන් යානය පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති ෂූ යංවෙයිං ( Zhu Yanwei ) , කටුනායක ගුවන් තොටුපොළ කළමනාකරණ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා ඇතුළු විශාල සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිසක් ද පැමිණ සහභාගී වී සිටියහ .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd