
ඇමෙරිකාව සහ ඉන්දියාව අතරේ ඓතිහාසික වෙළෙඳ ගිවිසුමක් ඇති කරගත් බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ඒ සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය.
ට්‍රම්ප් පවසන ආකාරයට, එම නව වෙළෙඳ ගිවිසුම යටතේ ඉන්දීය භාණ්ඩ සඳහා ඇමෙරිකාව පනවා තිබූ සියයට 50 ක ආනයන බදු සියයට 18 දක්වා අඩු කෙරේ.
මෙම බදු සහනය ලබා දීම සඳහා ඉන්දියාව ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ප්‍රධාන කොන්දේසි කිහිපයකට එකඟ වී ඇතැයි ද පැවැසෙයි.
රුසියාවෙන් බොර තෙල් මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟ වුණු බව ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත.
රුසියාව වෙනුවට ඇමෙරිකාවෙන් සහ වෙනිසියුලාවෙන් තෙල් මිලදී ගැනීමට ඉන්දියාව පියවර ගනු ඇතැයි ද ට්‍රම්ප් පවසා ඇත.
කෙසේ නමුත් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මේ කිසිවක් තහවුරු කර නොමැති බව පැවැසෙයි.
ඊට අමතරව ඇමෙරිකන් බලශක්ති (ගල් අඟුරු ඇතුළුව), තාක්ෂණික සහ කෘෂිකාර්මික නිෂ්පාදන වෙනුවෙන් ඩොලර් බිලියන 500 කට අධික මුදලක් වැය කිරීමට ඉන්දියාව පොරොන්දු වී ඇත.
මීට පෙර රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට ඉන්දියාව ගත් තීරණය හේතුවෙන් ඇමෙරිකාව විසින් ඉන්දීය භාණ්ඩ මත සියයට 25 ක දඬුවම් බද්දක් පනවා තිබුණි. එය සාමාන්‍ය සියයට 25ක බද්දට එකතු වීමෙන් මුළු බදු ප්‍රතිශතය සියයට 50 දක්වා ඉහළ ගොස් තිබූ අතර, නව ගිවිසුම සමග එම දඬුවම් බදු ඉවත් කෙරුණි.
ට්‍රම්ප්ගේ මෙම නිවේදනයත් සමඟ අමෙරිකානු කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති ඉන්දීය සමාගම්වල කොටස් මිල ඉහළ ගිය බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd