කැළණිවැලි දුම්රිය මාර්ගය අසල අනවසර පදිංචිකරුවන්ට ගෙවල්
කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්රවේශ අයිතිය තුළ පදිංචි අනවසර පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නාවින්නේ සිට පාදුක්ක දක්වා දුම්රිය රක්ෂිතයේ අනවසරයෙන් පදිංචිව සිටි පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉදිකළ කොට්ටාව, මාලපල්ල, පර්ල් සිටි රෙසිඩන්සීස් නිවාස සංකීර්ණය නිල වශයෙන් ජනතා අයිතියට පත්කිරීම සහ නිවාසවලට අදාල හිමිකම් පත්ර ප්රදානය කිරීම අද (6) පැවැත්විණි.