කෝටි 11ක රන් කටුනායකින් අල්ලයි
රුපියල් එකොළොස් කෝටි පනස් ලක්ෂයක් වටිනා පවුම් 408 ක් බරැති රන් බිස්කට් 28 ක් , මෝටර් රථ අමතර කොටස් තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්රී ලාංකික ගුවන් මගියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අද (11) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .