(සුජිත් හේවාජුලිගේ)

විදේශයන්හි පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් විශ්‍රාම දිවිය නැතහොත් සැදෑ සමය  ගත කිරීම සඳහා ලංකාවට නැවතත්  පැමිණ සිටින බව  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු සහ  තානාපති සේවා අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙසේ ලංකාවට පැමිණ සිටින වැඩි දෙනෙක් අවුරුදු විස්ස තිහ පමණ කාලයක් විදේශයන්හි පදිංචිව සිටි අය වෙති.

සමහරුන් විදේශයන්හි රැකියා කර ඒ රටවලදී විශ්‍රාම ලැබූ අය බව ආරංචි මාර්ග සඳහන් කරයි.

විදේශයන්හි මෙරට නොමැති යම් යම් සැප පහසුකම් තිබුණද අන්‍යෝන්‍ය බැඳීම් සහ ඥාති සබඳතා පවත්වමින් ජීවත්වීමට  ඇති කැමැත්ත   තමන් උපන් බිමේම අවසන් ගමන් යෑමට ඇති බලාපොරොත්තුව, විදේශයන්හි සිටියදී දැනුණු  පාළුව තනිකම කාන්සිය  දුරු කර ගැනීම යනාදී හේතු පදනම් කරගෙන බොහෝ පිරිසක් මෙසේ පැමිණ සිටින බව වාර්තාවේ.

මේ අතර විදේශයන්හි පදිංචිව සිටින දූ දරුවන් ළඟට ගොස් සිටි  විශ්‍රාමික මවුපියන් අතිවිශාල පිරිසක්ද සැදෑ සමයගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව දැනගන්නට ඇත.