නව විදුලිබල පනත මණ්ඩලය විකිණීමේ ටෙන්ඩරයක් වර්තමාන ආණ්ඩුව සම්මත කිරීමට සූදානම් වන විදුලි පනත පනතක් ලෙස නම් කළ නොහැකි අතර එය සම්පූර්ණයෙන්ම විදුලිබල මණ්ඩලය විකිණීමට සකස් කළ ටෙන්ඩරයක් බව ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමයේ කැඳවුම්කරු මාද්දුගොඩ ගමගේ මහතා අද (13) පැවසීය. 13 August 2025
ලබන අයවැයේදී ලොකු හැන්දෙන් බෙදන තැන් ගැන ජනපති කියයි ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්ත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශ වලට ප්‍රමුඛතාව ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 13 August 2025
සුව ඇමති - ෆින්ලන්ත තානාපති හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ෆින්ලන්තයේ තානාපති Kimmo Lahdevirta මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 13 August 2025
වැලිගමින් සැක භාණ්ඩ අල්ලයි වැලිගම දෙනිපිටිය බණ්ඩරවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ යුද හමුදා නිල ඇඳුමට සමාන නිල ඇඳුම් කට්ටල කීපයක් සහ කඩු දෙකක් සහ කුඩා තරාදියක් සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3210 සමග තරුණයකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි. 13 August 2025
පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට පත්වීම් ලිපිය බාරදෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා නව පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත. 13 August 2025
බත් පිඟානින් වෙඩික්කරුට පහරදී දිවිය බේරා ගනී පොලිස් ක්‍රීඩා ඇඳුමින් සැරසී මිනුවන්ගොඩ යාගොඩ මුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටට පැමිණ පස් ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහයක් ගිනි අවිය ක්‍රියාත්මකක නොවීම නිසා නූලෙන් වැළකී ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි. 13 August 2025
අංගොඩ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ අල්ලස් දැලේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව රදවාගෙන ප්‍රතිකාර කිරීම සදහා රුපියල් ලක්ෂ 15 ක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් ලක්ෂ 3ක මුදලක් ලබාගත් බව කියන අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (13) අත්අඩංගුවට ගනු ලැබීය. 13 August 2025
හෝමාගම පුංචි මන්ත්‍රී ඝාතකයා රඳවා ප්‍රශ්න කරන්න අවසර හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මීගොඩ ආටිගල ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුව දින පහක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (13) දින නියෝග කළේය. 13 August 2025
විපක්ෂය කුමන්ත්‍රණ කරන්නේ ආණ්ඩුව තියාගන්න විපක්ෂය කුමන්ත්‍රණ කරන්නේ ආණ්ඩුව එලවන්න නොව ආණ්ඩුව තියාගන්න යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 13 August 2025
මානව හිමිකම් කඩවීම් ගැන චෝදනා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බව ඇමෙරිකාව චෝදනා නගයි. 13 August 2025
යුද හමුදා ඇදුම් ලග තබාගත් අයෙක් මාට්ටු යුද හමුදා ඇදුම් තොගයක් සන්තකයේ තබාගෙන සිටි මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවන් වන වැලිගම සහන් සහ දෙහි බාලේ නැමැත්තන්ගේ සමීපතමයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3 ක් සහ මිලිග්‍රෑම් 210 ක් සමග වැලිගම බණ්ඩාරවත්ත විහාර මාවත ප්‍රදේශයේදී ඊයේ (12) අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි. 13 August 2025
විනය කඩන භික්ෂූන් නෙරපන නීති හැකි ඉක්මණින් විනය විරෝධී ක්‍රියාවන්හි යෙදෙන භික්ෂූන් වහන්සේලා ශාසනයෙන් නෙරපා හැරීමේ නීති අනපනත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සම්මත කොට ක්‍රියාත්මක කරන බව බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මහනුවරදී පැවසීය. 13 August 2025
“ක්ලීන් ශ්‍රී ලංකා” යාපනේ යයි “ක්ලීන් ශ්‍රී ලංකා ” සංකල්පය උතුරු පළාතේ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යාපනය නල්ලූර් කන්දස්වාමි කෝවිලේ මහා මංගල්‍යයට සමගාමීව අද (13) ආරම්භ කෙරිණි. 13 August 2025
කෝටි 14ක මුදල් වංචා කළ අඹු-සැමි යුවළක් දැලේ ලබාගත් මුදල් ආපසු ලබා නොදී අගුරු චෙක්පත් ලබාදී රුපියල් කෝටි 14 ක මුදලක් වංචා කළ අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.ෙඅත්අඩංගුවට ගත් එම සැකකරු වවුනියාව මහ රෝහලේ වෛද්‍ය රසානාගාර කාර්මික විශේෂඥයා බව පොලිසිය කියයි. 13 August 2025
මැලේසියාව ලංකාව එක්ක බෙදා හදා හදාගන්න කැමති වෙයි මැලේසියාවේ සංචාරක, වෙළෙඳාම් සහ අධ්‍යාපන ක්ෂේත්‍ර වල මෙන්ම මෑතකාලීනව අත්පත් කර ගත් ජයග්‍රහණවල අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ මැලේසියා මහකොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් (Badli Hisham bin Adam) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවසීය. 13 August 2025
අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් කරන්න උපරිම දහිරිය දායි ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2030 වන විට ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා විධිමත් සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවට දැනුම් දුන්නේය. 13 August 2025
මාදුරුඔය ජලාශයට කඩා වැටුනු යානයේ නියමුවා අත්දැකීම උසාවියේදී දිග හරියි තමා පැදවූ බෙල් 212 හෙලිකොප්ටර් යානය නිදර්ශන චාරිකාවක් සඳහා මාදුරුඔය යුද හමුදා විශේෂ බළකා කඳවුරෙන් ගුවන්ගත කර තප්පර 30ක් ඇතුළත තම පාලනයෙන් මිදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු බව හෙලිකොප්ටර් යානය පැදවූ හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයේ ප්‍රධාන ගුවන් නියමු, ෆ්ලයිට් ලෙෆ්ටිනන් පෝලන් ජයවර්ධන මහතා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැසීය. 13 August 2025
පොලිස්පතිට කියන්න වට්ස්ඇප් අංකයක් අපරාධ හා විවිධ ගැටලුකාරී තත්ත්වයන් ක්ෂණිකව පොලිස්පතිවරයාට දැනුම්දීම සදහා නව වට්ස්ඇප් අංකයක් හදුන්වාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 13 August 2025
සරුංගලයට බට කපන්න ගිය දරුවෝ උණ්ඩ බෝතලයක් සොයා ගනිති දර්ගා නගරය,මීගම,තොටුපොල පාර ලිදමුල්ලගේවත්ත, උඩුගම ලදුකැලැවේ ඇති උණ පදුරක් අසල සඟවා තිබු ජීව උණ්ඩ සහිත බෝතලයක් හමු වී ඇතැයි වැලිපැන්න පොලීසිය කියයි. 13 August 2025
ලබන පාර්ලිමේන්තු සතියේ වැඩ වෙන්නේ මෙහෙමයි මීළඟ පාර්ලිමේන්තු සතිය අගෝස්තු 19 සිට 22 දක්වා පැවැත්වේ. 13 August 2025
බන්ධනාගාර රෝහල්වලට හදිසි ප්‍රතිකාර ඒකක බන්ධනාගාර ගත වන රැදවියන්ගේ සෞඛ්‍ය රැකවරණය වරප්‍රසාදයක් නොව අයිතිවාසිකමක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 13 August 2025
දැරියක් මුහුදේ ගිලී මරුට පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ සිට පැමිණ තංගල්ල වෙරළ තීරයේ රැල්ල පාගමින් සිටි අවුරුදු හයක දැරියක් මුහුදට ගසාගෙන ගොස් මිය ගිය තිබුණු බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි. 13 August 2025
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ විශ්වාසභංගය සිකුරාදා න්‍යාය පුස්තකයට? ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බාර දෙනු ලැබූ විශ්වාස භංග යෝජනාව බොහෝ දුරට මේ සතියේ සිකුරාදා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය. 13 August 2025
රුමේනියා හීන පෙන්වා මුදල් වංචා කළ ඒජන්සි කළමනාකරු දැලේ රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරණයකුගෙන් රුපියල් නව ලක්ෂ හතලිස්පන්දහසක් වංචා කළ බවට සැකපිට විදේශ රැකියා ඒජන්සි සමාගමක කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 13 August 2025
ධීවර විශ්‍රාම වැටුපට ලබන මාසයේ පණදෙයි අක්‍රියව පැවැති ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ලබන මාසයේ සිට යළි ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි 13 August 2025
ලංකාවේ ක්ෂේත්‍ර තුනක සංවර්ධනයට ඕස්ට්‍රේලියා සහය මෙරට සංචාරක, අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍ර වල සංවර්ධනය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව දිගටම සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවසීය. 13 August 2025
විශ්වාසභංගයට පොහොට්ටුවේ සහය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහය දෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 13 August 2025
බෝමිරිය මැදි විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති කාර්යාලයේ කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි. 13 August 2025
කෝටි 7 ක කේරළ ගංජා සමඟ දෙන්නෙක් අල්ලයි ඉන්දියාවෙ සිට ධීවර බෝට්ටුමාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි හතක පමණ වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ 284 යි ග්‍රෑම් 415 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු යාපනය අරුකුවේලි හීදි ඊයේ (12) අත්අඩංගුවට ගත් බව යාපනය,චාවකච්චේරි පොලිසිය පවසයි. 13 August 2025
ඇමති බංගලා තීරණය මේ සතියේ ඇමති බංගලා සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තාවේ. 13 August 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026