හොරෙන් පැන්න සෙබළුන්ට දැල එලයි ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිට අනවසරයෙන් සේවය අත්හැර ගිය සෙබළුන් විශාල පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 09 June 2025
වෙඩික්කරුවන්ට කුලී කාමර දෙන අයෙක් අල්ලයි ගම්පහ සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල වෙඩි තබා පුද්ගලයන් ඝාතනය කිරීම සඳහා පැමිණෙන වෙඩික්කරුවන්ට සහ යතුරු පැදිකරුවන්ට බෝඩිං කාමර වල නවාතැන් පහසුකම් සපයා දෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු මිනුවන්ගොඩ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩගුවට ගනු ලැබ ඇත. 09 June 2025
පොලිස් ලොක්කො 10කට ස්ථාන මාරු උසස් පොලිස් නිලධාරීන් 5 දෙනකු ඇතුළු ස්ථානාධිපතිවරුන් 10 දෙනකුට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 09 June 2025
අල්ලස් කොමිසමට නව විමර්ශන අධ්‍යක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ (විමර්ශන) ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එස්. මොහාන්ලාල් මහතා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පත්කරනු ලැබ සිටී. 09 June 2025
මත් කරල් සමඟ කාන්තාවක් මාට්ටු විවිධ වර්ගයේ මත්කරල් 9657 ක් සමඟ සැකකාරියක් වාරියපොළ වලස්පිටිය වත්ත ප්‍රදේශයේදී ඊයේ(8) අතඅඩංගුවට ගත් බව මාවතගම පොලීසිය කියයි. 09 June 2025
අ‘පුර-මිහින්තලේ වන්දනාවේ යන්න නොමිලේ දුම්රිය පහසුකම් අද සිට පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය හා මිහින්තලේ අතර නොමිලේ ගමන් කිරීමට හැකි පොසොන් දුම්රිය අද (09) දහවල් 12. 30 සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 09 June 2025
ගිනි අවියක් සමඟ සූපවේදීයා අත්අඩංගුවට විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ දාහතරක් සමඟ සූපවේදියෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 09 June 2025
වැස්ස හෙට සිට වැඩි වේ දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි විමක් හෙට සිට අපෙක්ෂා කරන බවත් දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 June 2025
තන්තිරිමලේ ආලෝක පූජාව 9, 10 සහ 11 තෙදින පුරා විජය පුවත්පත් සමාගමේ අනුග්‍රහයෙන් සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ ’ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ 9 ,10 සහ 11 යන තෙදින පුරා පැවැත්වේ. 08 June 2025
අ‘පුර සිද්ධියට බන්ධනාගාර කොමසාරිස්ගෙන් ප්‍රකාශ ගනී ඉකුත් වෙසක් පෝය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව ලබා දුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කීපදෙනෙකු අනීතික ලෙස බන්ධනාගාරය මගින් නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත. 08 June 2025
මැතිසබේ දූෂණ මඩින්න වෙනම අංශයක් පාර්ලිමේන්තුවේ දූෂණ සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා විශේෂ අභ්‍යන්තර ඒකකයක් පිහිටවනු ලැබ ඇත. 08 June 2025
සිරකරු පොදු සමා සිද්ධියට අ‘පුර බන්ධනාගාර අධිකාරි අත්අඩංගුවට ජනපති සමාව යටතේ වෙසක් පොහෝදින නිදහස් කළ සිරකරුවන් අතරට සිරදඬුවම් නියම වූ සහ තවත් චෝදනා ගණනාවක් යටතේ නඩු පවතින චූදිතයකු නිදහස් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 08 June 2025
පොසොන් නිමිත්තෙන් රට පුරා දන්සල් 7021ක් පොසොන් උත්සවයට සමගාමීව දිවයින පුරා දන්සැල් 7021 ක් අද(8) දිනය වනවිට ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 08 June 2025
සුව ඇමති අ’පුර පොඩි රෝහල් වල හදිසි නිරීක්ෂණයක අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් සියල්ල සංවර්ධනය කර ගුණාත්මක, විශිෂ්ට, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීමට ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසය. 08 June 2025
දෙහිවලින් ‘මැකෝ‘ ගිරවෙක් සොරාගෙන ගිහින් දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි. 08 June 2025
චමලුත් ළඟදීම අල්ලස් කොමිසමට? දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු කතානායකවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වන චමල් රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. 08 June 2025
පාපැදි සොරා ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට සොරා ගත් පාපැදි 170 ක් සමග මට්ටක්කුලිය සමගිපුර ප්‍රදේශයේ නිවසකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස විමර්ශන අංශය කියයි. 08 June 2025
නිදහස් කළ බහලුම් 323 තුළ නීතිවිරෝධි දෙයක් තිබුණේ නෑ පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 නිදහස් කිරීමට පෙර ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කළ අතර එම බහලුම් තුළ කිසිදු නීති විරෝධි දෙයක් අන්තර්ගතව නොතිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (8) පැවසීය. 08 June 2025
සබරගමු සරසවියේ බිල්ඩිමක් කෝටි තුනක් ගිලලා සබරගමු විශ්ව විද්‍යාලයේ නව පුස්තකාල ගොඩනැගිල්ල ඉදි කිරීමෙදි සිදුවී ඇති අක්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි තුනක පමණ පාඩුවක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවිය. 08 June 2025
ඇල්ලේවැව වැවේ ගිලි හතරක් මරු දකිති පොලොන්නරුව ඇල්ලේවැව වැවේ දිය නාමට ගිය කණ්ඩායක සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි දිඹුලාගල පොලිසිය කියයි. 08 June 2025
සිමෙන්ති තොග මිල ඉහළට කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදන සමාගම් තීරණය කර තිබේ. 08 June 2025
කඳසුරිඳුගේ වාහනේ ගැටී කෝච්චි ඩ්‍රයිවර්ට තුවාල බෙලිඅත්ත බලා ධාවනය වූ මන්දගාමී දුම්රියට බඹරැන්ද ප්‍රදේශයේදී මොනරෙකු ගැටීමෙන් සිදු වූ අනතුරකින් මොණරා මිය ගොස් දුම්රිය රියදුරුට තුවාල සිදුව තිබේ. 08 June 2025
T 56 ක් -ජීව උණ්ඩ 29ක් සමඟ අයෙක් අත්අඩංගුවට මට්ටක්කුලිය සමිත් පුරප්රදේශයේදී ටි 56 ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කොළඹ උතුර අපරාධ කොට්ඨාසය කියයි. 08 June 2025
ගිය වසරේ සීනි කිලෝ කෝටි 56ක් රටින් ගෙනත් කාලා රුපියල් කෝටි 11200 ක් වැයකර සීනි කිලෝ කෝටි 56 ක් 2024 අවුරුද්දේ ආනයනය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. 08 June 2025
අනතුරින් පොලීසියේ 4ක් රෝහලේ කොස්තාපල්වරයෙකු පැදවූ යතුරුපැදියක් කළුතර පළාතොට කැලි කසල ප්‍රතිශක්තීකරණ මධ්‍යස්ථානය අසලදී ලිස්සා පෙරළී ගොස් පුහුණු කටයුතු සඳහා ගමන් කරමින් සිටි පොලිස් කණ්ඩායමක ගැටීමෙන් එම නිලධාරියා ඇතුළු සිව්දෙනකු තුවාල ලැබූ බව කළුතර දකුණ පොලිසිය කියයි. 08 June 2025
පොසොන් උත්සව ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 3500ක් පොසොන් පොහොය නිමිති කරගෙන හෙට (9) දා සිට අනුරාධපුර, මිහින්තලය සහ අටමස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 3500 ක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 08 June 2025
විදුලි සේවකයෙකු කපා කොටා මරා දාලා කලුතර ප්‍රාදේශීය සභාවේ විදුලි සේවකයෙකු කපාකොටා ඝාතනය කර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි . 08 June 2025
අදත් තැනින් තැනට වැසි වාර කිහිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 June 2025
මාතර බන්ධනාගාරය කොටවිලට මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 07 June 2025
සමහරු හොරා කාපු ගණන් මට කියව ගන්නත් අමාරුයි සමහරු වංචාවෙන් දූෂණයෙන් හොයපු ගණන කොච්චරද කියනවනම් සමහර ඒවා තමාට සම්මත ක්‍රමයට කියවීම පවා දුෂ්කර බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය. 07 June 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025