නාවලපිටිය පහේ හපනුන්නට අසාධාරණයක් කරලා
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී නාවලපිටිය කනිෂ්ඨ බාලිකා විද්‍යාලයේ ශාලා අංක 1 දරුවන්ට පළමු ප්‍රශ්න පත්‍රය පැය කාලක් පමාකර දී පැය කාලක් කලින් එකතු කර අසාධාරණයක් සිදු කර ඇතැයි පවසා මව්පියෝ පිරිසක් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ගම්පොළ කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඇතුළු වගකිව යුතු නිලධාරීන්ට පැමිණිල්ලක් අද භාරදුන්හ.