
(නිමල් ජයරත්න).
වාලච්චේන කුඩුම්බිමලේ සඟවා තිබූ ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් විදිනයන් තුනක් සොයාගත් බව වාලච්චේන පොලිසිය කියයි.
පොළොන්නරුව යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව අරලගංවිල විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම රොකට්විදන සොයාගත් බව පොලිසිය පවසයි.
පාලත්චේනෙයි, කුඩුම්බිමලෙයි ප්රදේශයේ වල දමා තිබියදී කිසියම් පුද්ගලයකු විසින් ගොඩට ගෙන එම ප්රදේශයේම සගවා තිබු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන වාලච්චේන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ඒවා භාවිතයට සුදුසු ස්වීඩනයේ නිෂ්පාදිත 84mm RCL M2 වර්ගයේ රොකට් විදිනයන් 03 ක් බවද පොලිස පවසයි.
වාලච්චේන සහකාර පොලිස් අධිකාරි එම්.එස්.එම්.ජරූල් මහතාගේ උපදෙස් මත වාලච්චේන පොලිසිය මේ පිලිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd