(අංජුල මහික වීරරත්න)

නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය කැබිනට් අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුව හරහා සම්මත කර ක්‍රියාත්මක කරන තෙක් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ද්‍රව්‍ය හැර අනෙකුත් සියලුම ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය.

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ නිවාස සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය වැලි සහ ගල් වැනි ද්‍රව්‍ය සඳහා මෙම තහනම බල නොපාන බවයි. කෙසේ වෙතත්, ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් සහ ගානට් වැනි බර ඛනිජ (Heavy Minerals) සඳහා වන සියලුම ගවේෂණ සහ කැණීම් බලපත්‍ර ලබාදීම නව ප්‍රතිපත්තිය එළිදක්වන තෙක් අත්හිටුවා ඇත.