මහර බන්ධනාගාරයේ මහ යුද්ධයක් - 4 ක් මරුට මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව දැනට රාගම රෝහලට මළ සිරුරු 4 ක් රැගෙන ආ බවත්, මේ වන විට තුවාල ලැබූ රැඳවියන් 25 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් අධ්යක්ෂවරයා පවසයි. 29 November 2020
මුතුරාජවෙල පාරිසරික අධ්‍යයන වාර්තාවකට අවසර මුතුරාජවෙල තෙත් බිමෙහි හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා පාරිසරික අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය අවසර ලබා දී ඇත. 29 November 2020
ඊශ්‍රායලයේ සිටින පිරිසක් කඩිනමින් ලංකාවට ගෙන එන්නැයි ඉල්ලිමක් රැකියා වීසා බලපත්‍රයේ වලංගු කාලය ඉක්ම වුවද, පවතින කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඊශ්‍රාලයේ සාත්තු සේවයේ සහ හෝටල් සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 64 දෙනෙකු ලබන දෙසැම්බර් 31 වැනිදාට පෙර හැකි ඉක්මනින් දිවයිනට ගෙන්වා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලමින් ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලිඛිතව දැනුම් දීමක් කර ඇත. 29 November 2020
සිවාජිලිංගම්ට සර්පයෙක් ගහලා ප්‍රකට දෙමළ දේශපාලනඥයකු වන එම්.කේ. සිවාජිලිංගම් මහතා සර්පයකු දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල් ගත කර ඇත. 29 November 2020
දුරකතන සංඥා සොයමින් මොරගහවැව දරුවෝ ජල ටැංකියට නගිති පවතින කොරෝනා වසංගතය හමුවේ තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ කෙරෙන ඉගැන්වීම් සඳහා දිනපතා අඩි 60 කට ආසන්න උසකින් යුත් ජල ටැංකියකට නැගි අධ්‍යයන කටයුතු කරන දරුවන් පිරිසක් නවගත්තේගම මොරගහවැව ගම්මානයෙන් දැක ගත හැකිවිය. 29 November 2020
මාස 11 ක උත්සාහයකින් පසු නියපොත්තා අල්ලයි තඹුත්තේගම ප්‍රදේශයේ දී වන නිලධාරියෙකු ඇතුළු අට දෙනෙකුට වරින් වර මරු කැඳවූ නියපොත්තා නමැති අලියා වනජීවී නිලධාරින් විසින් අල්ලා ගනු ලැබ හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට අද (29) ගෙනයනු ලැබීය. 29 November 2020
පොළොන්නරුව-හිගුරක්ගොඩ කලාප කාර්යාල හෙට විවෘත කරයි පොලොන්නරුව හිගුරක්ගොඩ කලාප කාර්යාලය (30) දින සිටි විවෘත කිරිමට සෞඛ්‍ය බලධාරින්ගේ අවසරය ලැබි ඇතැයි හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කලාපය බාර අධ්‍යක්ෂිකා ටී.එ.ඩී.වයි. ගීතාංජලී මහත්මිය පැවසුවාය. 29 November 2020
මහනුවර රෝහලේ උගුර කන නාසය ඒකකය සිකුරාදා තෙක් වහයි මහනුවර ජාතික රෝහලේ උගුර,කන හා නාසය පිළිබඳ ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයෙකු හෙද නිලධාරිනියන් නව දෙනෙකු ඇතුළු 19 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු වීමෙන් පසු එම ඒකකය ලබන සිකුරාදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මහනුවර ජාතික රෝහලේ වැඩ බලන අධ්යක්ෂ ඉරේෂා ප්‍රානන්දු මහත්මිය පැවසුවාය. 29 November 2020
බෝගම්බර බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානයෙන් පළා යෑමටතැත් කළ 4ක් අල්ලති බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පළා යෑමට උත්සහ කළ රැඳවියන් සිව් දෙනෙකු අහසට වෙඩි තබා අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් අද (29) සමත්ව තිබේ. 29 November 2020
රාජ්‍ය ආයතන විවෘත කිරීමෙන් කොරෝනා පැතිරයාමේ වැඩි ප්‍රවණතාවක් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල රාජ්‍ය ආයතන විවෘත කර තිබීම නිසා කොරෝනා වසංගතය පැතිර යාමේ ප්‍රවණතාවක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ලංකාදීපයට පැවැසීය. 29 November 2020
මාතලේ යටවත්ත වසම් දෙකකට සංචරණ සීමා මාතලේ යටවත්ත උණවේරුව නව ජනපදය ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදනය වු රෝගින් 5දෙනෙකු හමුවීමත් සමග ග්‍රාම නිලධාරි වසම් දෙකකට සංචරණ සීමා පැනවීමට යටවත්ත කොරොනා මර්දන කමිටුව තීරණය කර තිබේ. 29 November 2020
වැලි ජාවාරම වටලන්න ගිය කොස්තාපල් ටිපර් රථයට යටකර මරාදමලා දැදුරුඔයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකු කොබෙයිගනේ ප්‍රදේශයේ දී ටිපර් රථයකට යට කිරීමෙන් අද (29) අලුයම මරණයට පත් කර ඇති බව නිකවැරටිය පොලිස් අධිකාරි කාර්යාලය පැවසීය. 29 November 2020
කොළඹ-ගම්පහ තවත් ප්‍රදේශ කිහිපයක අගුලු අරී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය ඉවත්කිරීමටත්, තවත් ප්‍රදේශ කිහිපයක තවදුරටත් හුදකලා තත්වය ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇතැයි කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 29 November 2020
තවත් කොරෝනා මරණ 2ක් කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු අද(28) මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව රාත්‍රී 10.30ට පළ කළ නිවේදනයේ දැක්වේ. 28 November 2020
දඹුල්ල පිලට ලකුණු 4 ක තියුණු ජයක් මහනුවර ටස්කර්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම අතර පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට දඹුල්ල වයිකින්ස් කණ්ඩායම සමත් විය. 28 November 2020
බ්‍රිතාන්‍යයේ රසායනාගාරයක වැරදීමකින් 1300 කට කොරෝනා කියලා බ්‍රිතාන්‍යයේ රසායනාගාරයක සිදුවූ දෝෂයක් හේතුවෙන් 1300ක පමණ පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බවට සාවද්‍ය ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ. 28 November 2020
සෞදියට ශ්‍රමිකයින් යැවීම යළිත් සෞදි රාජ්‍යයේ රැකියා සදහා ශ්‍රමිකයින් පිටත්කර යැවීම යළිත් ආරම්භ කල බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 28 November 2020
මාරවිල මුදුකටුව මත්ස්‍ය වෙළෙඳ සැල් වසා දමයි මාරවිල මුදුකටුව මාර්ගයේ මත්ස්‍ය වෙළෙඳ සැල් අද (28) දහවල් සිට වසා දැමීමට කටයුතු කළ බව නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය උපුල් ජයතිලක මහතා පවසයි. 28 November 2020
මහනුවර ජාතික රෝහලේ 18 කට කොරෝනා මහනුවර ජාතික රෝහලේ උගුර,කන හා නාසය ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයෙකුට හා තවත් හෙද නිලධාරිනියන් 07 දෙනෙකු ඇතුලු කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී තිබෙන බව මහනුවර රෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. 28 November 2020
පාකිස්තානු සිරකරුවා බන්ධනාගාර රෝහලේදී මියයයි මහර බන්ධනාගාරයේ රඳවා සිටි පාකිස්තානු ජාතික සිරකරුවෙක් වකුගඩු රෝගී තත්වයක් මත රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (28) මියගොස් ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 28 November 2020
ක්‍රීඩාව කියන්නේ අපව හැමදාම එක්කළ මහපොදු සාධකයයි නාමල් රාජපක්ෂ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ප්‍රධාන ක්‍රීඩා පිටියක් බැගින් ලබාදීමට නියමිත බව පොදුජන පෙරමුණු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(28) පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් පැවසීය. 28 November 2020
අටුලුගම සංචරණයන් සෙවීමට හෙලිකොප්ටර් යානා හුදෙකලා කරන ලද බණ්ඩාරගම අටුලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල පදිංචිකරුවන්ගේ සංචරණයන් පිළිබඳ ඩ්‍රෝන කැමරා සහ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදාගනිමින් නිරීක්ෂණය කිරීම අද (28) පොලිස් මූලස්ථානයේ රථවාහන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. 28 November 2020
අටුළුගම ජනතාව බොරු තොරතුරු දී නිලධාරීන් නොමග යවනවා අටුළුගම ප්‍රදේශයේ බොහෝ දෙනා ව්‍යාජ තොරතුරු ලබා දී නිලධාරින් නොමග යැවිමට කටයුතු කරන බව , යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 28 November 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුර 19,000 ට කිට්ටු කරයි මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (27) පස්වරු 10.45 වනවිට තවත් ආසාදිතයන් 221 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 472 ක් දක්වා ඉහළ ගියේය. 27 November 2020
කොරෝනා මරණ 100 පනී - අදට 8 යි කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් අටදෙනකු අද (27) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 27 November 2020
බේරුවල ප්‍රා. සභාවේ මන්ත්‍රීවරියකටත් කොරෝනා බේරුවල ප්‍රාදේශීය සභාවේ පයාගල ප්‍රදේශයේ පදිංචි මන්ත්‍රීවරියක ඇතුළු දර්ගානගරයේ ජීවත්වන තවත් දෙදෙනෙකුට අද (27) කොවිඩ් ආසාදිත වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (27) සවස පැවසීය. 27 November 2020
වැලිකඩ - මීගමු බන්ධනගාර රැඳවියෝ විරෝධතාවයක වැලිකඩ සහ මීගමුව බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් අද (27) උදෑසන සිට බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවයක නිරතව සිටිති. 27 November 2020
ආසාදිතයෝ 410 ක් සුවය ලබති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 410දෙනෙකු සුවය ලබා අද (27) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 27 November 2020
කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර්ශන ස්ථානාධිපති මියගියේ හෘදයාබාදයකින්ලු කොළඹ ගාලු මුවදොර පිටියේ දී ව්‍යායාම කරමින් සිටියදී හදිසියේ මියගිය කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර් ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ එච්.නිලන්ග මහතා මියගොස් ඇත්තේ කිරීටක ධමනි අවහිර වීමෙන් ඇතිවූ හෘදයාබාධයකින් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී පරීක්ෂණයේදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 27 November 2020
සිරකරුවන් 600 කට ජනපති පොදු සමාව ජනාධිපති පොදු සමාව යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 600 දෙනකු පමණ නිදහස් කිරිමට පියවර ගන්නා බව බන්ධනාගාර මුලස්ථානය පවසයි. 27 November 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026