(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අභ්‍යාසලාභීන් 37 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව කළුතර සෞඛ්‍ය විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.
අභ්‍යාසලාභීන් හය දෙනකුට හිස රුදාව ඇති වී ප්‍රතිකාර ගැනීම සඳහා නාගොඩ රෝහල වෙත ගිය අවස්ථාවේදී එයින් එක් අයකු සඳහා සිදුකළ පි. සි. ආර්. පරීක්ෂණයෙන් අනතුරුව මුලින්ම ඒ බව තහවුරු වී තිබූ බව එම ප්‍රකාශකයා පවසයි.
ආසාදිතයන් කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්යය බළකා අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි එම ප්‍රකාශකයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කොහොමද ඇතුලේ ඉන්න අය ගැන දැනගන්නෙ
කොරෝනා රෝගයෙන් පීඩා විඳින සියලුම ළමයින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.