
(එච් චන්දන )
නිශ්චිතවම හදුනාගැනීමට නොහැකි විශාල ප්‍රමාණයේ උපකරණයක් හලාවත වෙරළට ගොඩ ගසා ඇති බව හලාවත පොලීසිය කියයි.
හලාවත - ඉරණවිල මාර්ගයේ පිහිටා ඇති වෙරළ ආරක්ෂක බළකායේ කදවුරට ආසන්නයේ වෙරළට මෙය ගොඩ ගසා ඇති බව අද උදැසන වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් දැක තිබේ.
අඩි 10 – 15 ක් පමණ උස මෙම උපකරණය බෝයාවක් වීමට හැකි බව මෙය දුටු ප්‍රදේශවාසීහු සදහන් කරති.
මෙම උපකණය මුහුදේ යාත්‍රා කරන නැව් වළට ගමන් මාර්ගය පෙන්වීම සදහා යොදා ගන්නා බවට තවත් පිරිසක් සදහන් කරන අතර මෙම උපකරණය නිෂ්චිතවම මෙතෙක් හදුනා නොමැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මුහුද යට සුනාමි තත්වයක් පැමිණි විට කල්තියා දැනුම් දෙන උපකරණයකි.
අනිවාර්යයෙන්ම , නීතිවිරෝධී ඖෂධ ඇතුලේ තියෙන්න ඕනෑ..
මේක මුහුදේ ජලතරණ මැනීමට යොදාගන්නා බෝයාවක්...
ඕක දඬුමොනරේ කොටසක්.. රටේ වාසනාවට ලැබෙන දේවල් ...
චීන චන්ද්‍රිකාවේ කොටසක්
Google එකට අනුව මෙය Buoy ලෙස හැඳින්වෙන අතර සිංහල භාෂාවෙන් 'බෝයාව' ලෙස හැඳින්වේ .
ඔය වගේ ඒවා මාලදිවයිනේ කොරල්පර තියෙන තැන්වල තියෙනවා.
දේශගුණය නිරීක්ෂණය කරන උපකරණයක් විය හැකිය.
දැන්වත් පිළිගන්නවද? රාවණාගේ දඬු මොනරෙ ගැන.
මේක තව මරාලයක්ද දන්නේ නැහැ. දන්න කෙනෙක්ගෙන් අහන්න.
බෝයාවක් නේද?
ඕක බෝයාවක්... මුහුදු පතුල මත දමා තිබෙන ඇන්කර් එකට සවිවෙලා තිබෙන්නේ දම්වැලකින්.... එය කැඩුණොත් ඔහේ පාවෙලා යනවා...