(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කෝවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා වහාම තමන් යළිත් පී.සී.ආර් පරීක්ෂණයකට ලක් වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි
මෙයට සති දෙකකට පමණ පෙර තමන් පී.සී.ආර් පරීක්ෂණයකට පෙනී සිටියත් විපක්ෂ නායකවරයාගේ පාර්ලිමේන්තු අසුනට යාබද අසුනේ සිටින්නේ තමන් නිසා යළිත් පී.සී.ආර් පරීක්ෂණයක් කර ගන්නා බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය .
කොවීඩ් වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා දැනටමත් ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා දෙකම තමන් ගෙන සිටිතැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැන බැන ඉඳලා එන්නත් 2කම විදගන්න නියම මහජන නායකයෝ.
සුබ ආරංචියක් අහන්න ලැබේවා.
කාට කාටත් බඩයන්න පටන් අරන් වගේ. අනේ අපට මේ වතාවෙදී අපේම නියෝජිතයෙක් පාර්ලිමේන්තුවට යවාගන්න ලැබෙයිද?
ඔහු පමණක් නොවේ පවුලේ අනෙක් සියලු දෙනාමත් පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කළ යුතුයි.