ඇෆ්ගනිස්තානයේ බන්ධනාගාරයකට අයි.එස්. ප්‍රහාරයක් ඇෆ්ගනිස්තානයේ ජලාලාබාද්හී බන්ධනාගාරයක දී ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුමකින් ඉස්ලාමික් ස්ටේට් සටන්කාමීහු දස දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 04 August 2020
තවත් කොරෝනා ආසාදිතයින් 6 ක් කොරෝනා වයිරසය ආසාදිතයින් හය දෙනෙකු අද (04) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2834 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 04 August 2020
සිංගප්පුරුවෙන් සංචරණ කටයුතු සදහා නව පියවරක් විදෙස් රටවලින් පැමිණෙන සංචාරකයින් හා රැකියාවල නිරතවන්නන් සංචරණ කටයුතු සිදුකිරීමේ දී පැළඳ සිටිය යුතු නව උපකරණයක් හඳුන්වා දීමට සිංගප්පුරු රජය පියවර ගෙන තිබේ. 04 August 2020
ප්‍රේමලාල්ගේ මරණීය දණ්ඩනය වෙනුවෙන් අභියාචනා පෙත්සමක් රත්නපුර මහාධිකරණයේ දී පසුගිය 31 වැනිදා මරණිය දණ්ඩනය නියම වූ හිටපු රාජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් අභියාචනා පෙත්සමක් ඔහුගේ නීතිඥයින් විසින් රත්නපුර මහාධිකරණයට අද (04) වැනිදා ඉදිරිපත් කළේය. 04 August 2020
සම්පායෝ 18 තෙක් රිමාන්ඩ් මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අගෝස්තු 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසුරිය මහත්මිය අද (4) නියෝග කළාය. 04 August 2020
මැතිවරණයට විදෙස් නිරීක්ෂකයින් නෑ කොරෝනා වසංගත තත්ත්වය සමඟ විදෙස් ගමන් අවහිර වීම හේතුවෙන් මෙවර මැතිවරණයට විදේශීය නිරීක්ෂකයින් නොපැමිණෙන බව පැෆරල් සංවිධානය පවසයි. 04 August 2020
දියණිය ඝාතනය කළ පියාට මරණ දඬුවම තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ප්‍රමිල රත්නායක මහතා අද (4) මරණ දඬුවම නියම කළේය. 04 August 2020
තවත් 7ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 7දෙනෙකු සුවය ලබා අද(04) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 04 August 2020
විදෙස් රටවල සිටින පිරිස් ශ්‍රී ලංකාවට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි මහ මැතිවරණය හේතුවෙන් විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අද (4) සිට ලබන 8 වැනිදා තෙක් යළි තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත. 04 August 2020
රජයට පිටුපා පෞද්ගලික වෙළෙඳුන්ට වී විකුණති රජයේ සහතික මිලට ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 18ක් මේ වනවිට විවෘත කර සතියක පමණ කාලයක් ඇතැත් වී ඇටයක්වත් මෙතෙක් වී අලෙවි මණ්ඩලයට ලැබී නැතැයි වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි. 04 August 2020
දඹුල්ලේ සම්බාහන මධ්‍යස්ථාන දෙකක 13 ක් නිරෝධායනයට නිරෝධායන නීතියට පටහැනිව රූපලාවන්‍යගාර පවත්වාගෙන යන මුවාවෙන් සම්බාහන මධ්‍යස්ථාන සහ විවිධ ලිංගික උත්තේජන කටයුතු සිදුකළ දඹුල්ල ඉනාමළුව ස්ථාන දෙකක් වටලා 13 දෙනෙකු නිරෝධායනයට යොමු කිරිමට දඹුල්ල සහ සීගිරිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද (4) පියවර ගත්හ. 04 August 2020
පැමිණිල්ල සංශෝධනය කිරීමෙන් සැකකරුට ඇප කටඋත්තරයක් ලබා දීම සඳහා පොලීසියට ගිය පසු මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ්භාරයට පත්කළ තිදරු පියෙකු එකී පැමිණිල්ල පොලීසිය විසින් සංශෝධනය කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස් කිරිමට රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනතා රෝෂිනී පෙරේරා මහත්මිය අද (04) නියෝග කළාය. 04 August 2020
නාකොටික් නිලධාරීන් 13 දෙනා රිමාන්ඩ් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර බාරයේ සිටින මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් 13 දෙනා අගෝස්තු 18 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (4) නියෝග කළාය. 04 August 2020
බොරු සාක්කි දුන් උප පොලිස් පරීක්ෂක රිමාන්ඩ් බොරු සාක්ෂි ලබාදුන්නැයි කියන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කරන ලද උප පොලිස් පරීක්ෂකවරයා ලබන 7 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතතරක ලෙස බාරයේ තබන ලෙස ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (04) නියම කළේය. 04 August 2020
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරකට පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම ඡන්ද මධ්‍යස්ථානයක් වෙත ඡන්ද පෙට්ටි,ඡන්ද පත්‍රිකා හා අනිකුත් ලිපි ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අනතුරකට ලක්වී ඇති බව අක්මීමන පොලිසිය පවසයි. 04 August 2020
මැනිලා නුවරට යළිත් අගුළු දමයි කොරෝනා ආසාදිතයින් වැඩිවීම හේතුවෙන් පිලිපීනයේ මිලියන ගණනක් ජනතාව සඳහා නැවත අගුළු දැමීම ක්‍රියාත්මක කිරීමට එරට රජයට සිදුවී තිබේ. 04 August 2020
බුදුන්ගේ දකුණු දළදාව ඇත්තේ විල්ගම් වෙහෙරේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව නිදන්කොට සෝමනම් නුවර කරවන ලදැයි කියන දාගැබ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිල පුද බිමට කි.මී. 4ක් පමණ උතුරු දෙසින් තිබෙන විල්ගම් වෙහෙර දාගැබ බවට පිළිගත හැකි සාධක අනුව නිගමනය කළ හැකි බව ත්‍රිකුණාමලය පුරාවිද්‍යා අධ්යක්ෂ ආචාර්ය අර්ජුන තන්ත්‍රිගේ මහතා පවසයි. 04 August 2020
සමාජ මාධ්‍යයන්හි නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉහළ ගිහින් මැතිවරණ නිහඬ කාලයේදී සමාජ මාධ්‍ය ජාලා මගින් කෙරෙන නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු අපේක්ෂා නොකළ ආකාරයෙන් ඉහළ ගොස් ඇතැයි ද එය බරපතල තත්ත්වයක් යැයි ද මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය චෝදනා කරයි. 04 August 2020
අංගොඩ ලොක්කා මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ මද්දුමගේ ලසන්ත චමින්ද පෙරේරා නොහොත් ‘‘අංගොඩ ලොක්කා’’ ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේ දී මියගොස් හොර රහසේම ආදාහනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 04 August 2020
බොරු සාක්කි ලබා දුන්නැයි උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව 2014 වසරේ දී පවතින නඩු කටයුත්තකට අදාළව බොරු සාක්කි ලබා දීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය. 04 August 2020
කොළඹ බන්ධනාගාරවල ආරක්ෂාවට එස්ටීඑෆ් කැඳවයි කොළඹ බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට බන්ධනාගාර මූලස්ථානය කටයුතු කරයි. 04 August 2020
ජීවිත තර්ජන එල්ල වී ඇති බන්ධනාගාර නිලධාරීන්ට ගිනි අවි ජීවිත තර්ජන එල්ල වී ඇති බන්ධනාගාර නිලධාරීන් රැසකට ගිනි අවි ලබාදීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන ඇත. 04 August 2020
බඹරු ඡන්ද මධ්‍යස්ථානය වෙනස්කරන්නයි කියති වන්නි මැතිවරණ කොට්ඨාසයේ වවුනියාව ඊරට්පෙරියකුලම පැරකුම් මහ විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානය බඹර කූඩු හේතුවෙන් එම ස්ථානයෙන් ඉවත්කර වවුනියාව දකුණ ප්‍රාදේශීය සභා නිවාඩු නිකේතනය හා උත්සවය ශාලාව වෙත රැගෙන ගිය බව වන්නි දිස්ත්‍රික් මැතිවරණ තේරීම් භාර නිලධාරී එස්.එම්.සමන් බන්දුලසේන මහතා පැවසීය. 04 August 2020
බස් වෑන් අනතුරකින් ඇඟලුම් සේවිකාවන් දෙදෙනෙකු මරුට තිහගොඩ පොලිස් වසමේ අපරැක්ක පාසල ඉදිරිපිට දී අද (4) ඇඟලුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් සහ වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරෙන් ඇඟලුම් සේවිකාවන් දෙදෙනකු මිය ගිය බව තිහගොඩ පොලිසිය පවසයි. 04 August 2020
නුවරඑළි ඡන්ද පොළ ලොක්කෝ 10 ක් ඉවතට නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි කටයුතු සඳහා තෝරාගනු ලැබ සිටි ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන් දස දෙනකු එම කටයුතුවලින් ඉවත් කර ඔවුන්ට එරෙහිව විමර්ශනයක් ඇරැඹූ බව නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි රෝහණ පුෂ්පකුමාර මහතා පැවැසීය. 04 August 2020
කල්පිටිය දූපත්වැසියෝ ඡන්දය දාන්න ප්‍රවාහන පහසුකම් ඉල්ලති කල්පිටිය දූපත් සමූහයට අයත් උච්ච්මුණේ දූපත් ඡන්ද දායකයින සදහා මොහොත්තුවාරම දූපත් ඡන්ද මධ්‍යස්ථානය කරා ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලෙස උච්චිමුණේ ඡන්ද දායකයෝ ඉල්ලා සිටිති. 04 August 2020
මැතිවරණ සමයේ නීතිගරුක වෙමු සියලුම මැතිවරණ ප්රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට තහනම්ය. කිසියම් ක්‍රියාදාමයකට අදාළව නීති පැණවෙන්නේ එම ක්‍රියාදාමය විධිමත් කිරීම සඳහාය. එම ක්‍රියාදාමයෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කරගත හැකිවන්නේ එම ක්‍රියාදාමය විධිමත් වීමෙන් පමණි. මැතිවරණ ක්‍රියාදාමයට අදාළව නීති පනවා තිබෙන්නේ ද ඒ අර්ථයෙනි. එම නීතිය එයට හිමි නිසි අරුතෙන් හඳුනාගෙන ක්‍රියාත්මකවීම සෑම දේශපාලන පක්ෂයක මෙන්ම සෑම අපේක්ෂකයකුගේම හා ආධාරකරුවකුගේ වගකීමය. 04 August 2020
ඡන්දය දෙන්නැයි ඉල්ලා මුදල් බෙදලා හිටපු අමාත්‍යවරයකුට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා මෝටර් රථයකින් පැමිණ මුදල් බෙදූ පුද්ගලයන් දෙදෙනෙකු බේරුවල මුල්ලිය මලේ හංදිය ප්‍රදේශයේ දී බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි. 04 August 2020
අඛණ්ඩව පස්වැනි දිනටත් ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 50,000ක් ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සහ ප්‍රාන්ත දෙකක මහ අමාත්‍යවරුන් දෙදෙනකු නව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කර ඇත. 03 August 2020
ස්වයං නිරෝධායනය ට ලක් වෙමින් සිටි පුද්ගලයකු අයි.ඩී.එච් රෝහලට සීෂෙල්ස් රාජ්‍යයේ සිට පැමිණ දින 14 ක් නිරෝධායනය වී නිවසට පැමිණ ස්වයං නිරෝධායනය වෙමින් සිටි 54 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් අද (03) ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 03 August 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026