වරාය සේවක වර්ජනය අවසන් වරාය සේවකයන් විසින් දින තුනක් තිස්සේ ගෙන ගිය වර්ජනය හා දින පහක් තිස්සේ ගෙන ගිය සත්යග්රහ ව්‍යාපාරය අද (02) අවසන් කිරීමට වරාය වෘත්තිය සමිති පියවර ගත්හ. 02 August 2020
‘ව්‍යවස්ථාව ඉක්මණින් වෙනස් කරන්න අවශ්‍යයි’ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් සකස් කිරීම ඉදිරි ආණ්ඩුවේ ප්‍රධාන කාර්යයක් සේ සළකා කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 02 August 2020
කලුතර බන්ධනාගාරයෙන් පලා ගිය රැඳවියකු අල්ලයි කලුතර බන්ධනාගාරයේ නිරෝධායන වාට්ටුවෙන් පලා ගිය රැඳවියන් තිදෙනාගෙන් එක් අයෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි කලුතර උතුර පොලිසිය කියයි. 02 August 2020
කොරෝනා ආසාදිත මවගේ බිළිඳා නිරෝගීයි කොවිඩ් - 19 වයිරසය ආසාදිත මවකට අලුත උපන් බිළිඳාට වයිරසය ආසාදනය වී නොමැති බව කොළඹ - නැගෙනහිර රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා තහවුරු කළේය. 02 August 2020
මීගමුව බන්ධනාගාරයේ උණ පඳුරක් යට ටී-56 ජීව උණ්ඩ මීගමුව බන්ධනාගාරයේ තනිකඩ නිලධාරීන්ගේ බැරක්කය පිටුපස උණ පඳුරක් යට වළ දමා තිබූ ටී 56 ජීව උණ්ඩ 14 ක් සහිත පාර්සලයක් අද (02) දහවල් සොයාගත් බව මීගමුව පොලීසිය කියයි. 02 August 2020
සුවය ලැබුවෝ 74 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 74 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. 02 August 2020
නවගත්තේගම ස්ථානාධිපතිට බැන වැදුණු අපේක්ෂකයාට පරීක්ෂණයක් නවගත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැන වදිමින් ඔහුගේ රාජකාරියට බාධා කළ ශ්‍රී ලංකා පොදුජන පක්ෂ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයා සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියකු කීය. 02 August 2020
කෙටල ගාලකින් ගිනිඅවි - මැගසින් අත්තිඩිය කහවිට මාවතේ කෙටල ගාලක තිබී අලුත්ම ගිනි අවි හතරක් සහ මැගසින් 8ක් හමු වූ බව ගල්කිස්ස පොලිසිය කියයි. 02 August 2020
තුන්වැනි මහලේ බිත්තිය සැඩ සුළඟින් අසල නිවෙසක වහලය මතට මොරටුව ලුනාව ප්‍රදේශයෙන් හමාගිය දැඩි සුළං තත්ත්වයෙන් ඉදිකරමින් තිබූ තුන් මහල් ගොඩනැගිල්ලක උඩුමහලේ බිත්තිය අසළ නිවසක වහලය මතට කඩා වැටී ගැබිනි මවක් ඇතුලු දෙදෙනෙකු තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව මොරටුව පොලිසිය පවසයි. 02 August 2020
කලුතර බන්ධනාගාරයෙන් රැඳවියෝ දෙදෙනක් පලා යති කලුතර බන්ධනාගාරයේ ‘කොරෝනා වාට්ටුවේ ‘ රඳවා සිටි රැඳවියන් දෙදෙනකු අද (02) අලුයම බන්රැධනාගාර තාප්පයෙන් පැන පලා ගොස් ඇත. 02 August 2020
වරායේ ගැටළුවට අගමැතිගෙන් සාර්ථික පිළිතුරක් කොළඹ වරායේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ තංගල්ලේ දී පැවැති සාකච්ඡාවෙන් සාර්ථික පිළිතුරක් ලැබුණු බව කොළඹ වරාය වෘත්තීය සමිති එකමුතුව කියයි. 02 August 2020
ඡන්දය දාන්න කිලෝමීටර් 45 ක් යන ගම්වැසියෝ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කිලෝමීටර 45ක් දුර ගෙවා යාමට සිදුවන අතුරේගෙදර හා පැල්වාඩිය ගම්වාසීන්ට විශේෂ බස් සේවාවක් යොදවන බව නෙළුව ප්‍රාදේශීය ලේකම් චතුරංග ගුණසේකර මහතා පවසයි. 02 August 2020
බෙලිඅත්තේ වෙඩි තැබීමකින් කතක් මරුට බෙලිඅත්ත දම්මුල්ල ප්‍රදේශයේ දී අද (2) සිදුවූ වෙඩි තැබීමකින් දෙදරු මවක මියගොස් ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි. 02 August 2020
පෙම්වතා ඉදිරිපිට දී පෙම්වතිය දූෂණය කළ සැකකරු අත්අඩංගුවට පානදුර පිංවත්ත මුහුදු වෙරලේ දී පෙම්වතා ඉදිරි පිටදීම පෙම්වතිය දූෂණය කිරීම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු දැඩි පරිශ්‍රමයක් දරා වාද්දුව උතුරු තල්පිටිය ප්‍රදේශයේ දී අද ( 02) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි . 02 August 2020
ශානි මහර බන්ධනාගාර රෝහලට දැනට රිමාන්ඩ්බාරයේ පසුවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා මහර බන්ධනාගාරයට රැගෙන යාමෙන් පසු මේ වන විට එම බන්ධනාගාර රෝහලේ අංක 1 වාට්ටුවේ පසුවන බව බන්ධනාගාර ආරංචිමාර්ග කියයි. 02 August 2020
කැළණි ගඟේ අතුරුදන් වූ සිසුන් දෙදෙනා සොයා හමුදා කිමිදුම්කරුවන් කැළණි ගඟේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ සිසුන් දෙදෙනා සොයා ගැනීම සදහා නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවන බව කිරිදිවැල පොලිසිය පවසයි. 02 August 2020
මත්කුඩු ජාවාරමේ නිරතවූ 5 ක් අත්අඩංගුවට දීර්ඝ කාලයක සිට කොටි සංවිධානය සමඟ සබඳතා පවත්වමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයින් 5 දෙනෙකු රාජගිරිය හන්දියේ දී හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි. 02 August 2020
බීඩි කොළ කිලෝ 50 ක් අල්ලයි බීඩි කොළ කිලෝ 50ක පමණ ප්‍රමාණයක් නීතිවිරෝධීව ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී අද (01) අත්අඩංගුවට ගත්බව බලන්ගොඩ අඩවි වන නිලධාරි කාර්යාලය පවසයි. 01 August 2020
පැය 24 කදී කොරෝනා ආසාදිතයන් 292,000 ක් අවසන් පැය 24 කාලයේදී ලොව නන්දෙසින් වාර්තාගත නව කොරෝනා වයිරස ආසාධිතයන් විශාල ගණනක් වාර්තා වී ඇතැයි ද එම ගණන 292,000 ඉක්මවන්නේ යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. 01 August 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 365 ට බසී කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් අතුරින් 48 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් අද (1 වැනිදා) පිටත්ව ගියහ. ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව 365 දක්වා අඩුවී තිබේ. 01 August 2020
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අත්අඩංගුවට ඉන්දියාවට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාට අයත් බව කියන මුල්ලේරියාව කැලණි නදී මාවතේ නිතී විරෝධී වැලි තොටුපල පවත්වාගෙන ගිය පාතාල සාමාජිකයෙක් වන රංගන නොහොත් සුනාමි නැමැත්තා සමග අත් බෝම්බයක් හා කඩුවක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කියයි. 01 August 2020
වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගත වූ පැය 24තුළදී නව කොරෝනා වයිරස ආසාධිතයන් 397 දෙනකු හඳුනාගෙන ඇති අතර වයිරස ආසාධිත මරණ 3ක් වාර්තා වී ඇත. 01 August 2020
ශානි අබේසේකර රිමාන්ඩ් අධිකරණයට බොරු සාක්ෂි ඉදිරිපත් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශානි අබේසේකර මහතා ලබන 7 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (31) නියෝග කළේය. 31 July 2020
රාජිත ඇතුළු දෙදෙනකුට එරෙහිව නීතිපති මහාධිකරණයේ නඩු පවරයි 2019 ජනාධිපතිවරණයට බලපෑමක් ඇතිකිරීමේ චේතනාවෙන් සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන ගොස් කිඹුලන් පිරි වැවකට දෑමූ බවට මාධ්‍ය සාකච්ඡාවකදී අසත්‍ය කරුණු පැවසූ බවට චෝදනා කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු දෙදෙනකුට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අද (31) නඩු පවරන ලදී. 31 July 2020
නිවාස අමාත්‍යාංශයේ ප්රචාරයට කෝටි 57 ක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය නිවාස ණය ආධාර ලබා දීමේ දී බරපතල අක්‍රමිකතා සිදුව ඇති බව විගණන පරීක්ෂණවලදී හෙළිවී ඇති බැවින්, ඉදිරියේ දී නීතිමය පියවර ගන්නා බවත් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා ප්‍රකාශ කළේය. 31 July 2020
හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනකුට මරණ දඩුවම් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්රීවරයෙකු සහ මෙවර මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයට ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කරන ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකු මිනීමැරීමේ චෝදනාවට වරදකරු කළ පූර්වගාමී රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය මහතා ඔවුන්ට අද (31) මරණ දණ්ඩනය නියම කළේය. 31 July 2020
බදියුදීන්ට එරෙහි විල්පත්තු නඩුව 26 වැනිදාට කල්යයි විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචිකිරීම් හා අනවසර ඉදිකිරීම් කළේ යැයි කියන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම පිළිබඳ තීන්දුව අද (31 ) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනද එම නඩුව කැඳවූ අධිකරණ ශාලාවේ සියලුම නඩු අගෝස්තු 26 යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය දැන්වීමක් මඟින් දැනුම් දුන්නේය. 31 July 2020
මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කරන්න යයි දැනට මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකර ඇති දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වාම දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 31 July 2020
කෝටි 23 ක මත්කුඩු අල්ලයි වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී කෝටි 23 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ ජාවාරම්කරුවෙකු විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ඒකක ii බට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 31 July 2020
මැතිවරණ දැන්වීම් ඉවත් කරන්නැයි ඉල්ලූ පෙත්සම සළකා බැලීම 4 දා මොරටුව ඇතුළු දිවයින පුරාම ප්‍රදර්ශනය කර ඇති මැතිවරණ ප්රචාරක දැන්වීම් පුවරු, අපේක්ෂකයන්ගේ ඡායාරූප සහ දැන්වීම් පත්‍රිකා වහාම ඉවත් කිරීමට පියවර ගැනීමට මැතිවරණ කොමිසමට හා වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ක්‍රිස්මාල් වර්ණසූරිය ගොනු කළ ‘රිට්’ පෙත්සම අගෝස්තු 04 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) නියම කළේය. 31 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026