එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම නිර්දේශ කිරීමට පක්ෂ කළමනාකරණ කමිටුව අද (23) තීරණය කළේය. 23 November 2020
මිනින්දෝරුවෝ 700 ක් වෙන වෙන දෙපාර්තමේන්තුවල පවතින පහසුකම් මත ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් මැන අවසන් කිරීම සඳහා වසර 40ක කාලයක් ගතවනු ඇතැයි ගණන් බලා ඇත. 23 November 2020
අගුණකොළපැලැස්ස රැඳවියෝ ආයෙත් වහලයට නගිති අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද(23) සී වාට්ටුවේ වහලය මතට නැග විරෝධතාවයක නියැලෙන බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 23 November 2020
අෆ්රීඩිට ගුවන් යානය මග හැරෙයි එල්.පී.එල්. තරගාවලියට සහභාගී වීම සඳහා ඊයේ (23 වැනිදා) දිවයිනට පැමිණීමට සිටි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක සහීඩ් අෆ්රීඩිට සිය ගුවන් යානය මඟහැරී තිබේ. 23 November 2020
ලංකා ගුරු සංගමයෙන් රතු එළියක් තුන්වන පාසල් වාරය ආරම්භ කළද නිසි සෞඛ්‍ය පහසුකම් නැතිකමින් සිසුන්ගේත් ගුරුවරුන්ගේත් ජීවිත අවදානමකට පත්ව ඇති බවත්, ඊට විසඳුමක් නොදුනහොත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් රාජකාරිවලින් ඉවත් කරගන්නා බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද(23) පැවසීය. 23 November 2020
සජිත් හිටපු ජනපතිනිය හමුවෙයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර විශේෂ හමුවක් කොළඹදී අද (23) සිදුවිය. 23 November 2020
වසර මැදදී මෙගා වොට් 270ක හිඟයක් ඇඹිලිපිටිය, මාතර සහ සපුගස්කන්ද බලාගාර 3 න් විදුලිය ගැනීම ඉවත් කිරීමට සැලසුම් කර ඇති නිසා ලබන වසර මැද වනවිට මෙගාවොට් 270 ක හිඟයක් ඇතිවන බව ඇමැති මණ්ඩලය ඉදිරිපත් කළ පත්‍රිකාවක සඳහන් වේ. 23 November 2020
සිසුවාට වෙඩි තැබූ වෛද්‍යවරයා රිමාන්ඩ් මහරගම ඇරැව්වල ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේදී 17 හැවිරිදි පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් පපුවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාසයේ 2 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා නියෝග කළේය. 23 November 2020
බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (23) නියෝග කරන ලදී. 23 November 2020
ව්‍යාජ තොරතුරු වලින් රුසියාවේ අධ්‍යාපනයට-රැකියාවට ගිය ලාංකිකයින් 27ක් එරට අත්අඩංගුවට ව්‍යාජ තොරතුරු මත රුසියාවේ අධ්‍යාපන හා රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අංඩගුවට ගෙන ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 23 November 2020
කටගස්දිගිලියේ පුරාවිද්‍යා රක්ෂිතයක නිවාස ඉදිකරලා කහටගස්දිගිලිය රත්මල්ගහවැව මාර්ගයේ කුරුක්කුරාගම හා අළුත් දිවුල්වැව මුස්ලිම් ගම්මානවලට මායිම්ව පිහිටා ඇති නැට්ටුක්කන්ද ( නැටුම් කන්ද ) පුරාවිද්‍යා රක්ෂිතය ආක්‍රමණය කර නිවාස 100 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකර තිබේ. 23 November 2020
එජාප මහලේකම් ධුරයෙන් අකිල ඉවත්වෙයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත්වන බව හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(23) දැනුම් දුන්නේය. 23 November 2020
උතුරුමැද පාසල් 14 ක් අද විවෘත නොකරයි සෞඛ්‍ය හේතුන් කිහිපයක් මත උතුරු මැද පළාතේ පාසල් 14 ක් අද(23)දින විවෘත කිරිමට නොහැකිවු බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය පැවසුවාය. රජයේ පාසල් වල තුන්වැනි වාරය අද (23) ආරම්භ විය. 23 November 2020
වෛද්‍යවරයෙක් වායු රයිෆලයකින් සිසුවකුගේ පපුවට වෙඩි තියලා මහරගම ඇරැව්වල ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේදී 17 හැවිරිදි පාසල් සිසුවෙකුට පපුවට වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියකට වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. 23 November 2020
‘ඔන්ලයින්’ වැඩට ගස් නගින දරුවන්ගේ ගැටලු විසඳමු මේ දවස්වල මොබයිල් ෆෝන්වලට නිමක් නැති දැන්වීම් ගලා එයි. තාවකාලික ඩේටා ප්ලෑන්, එනිටයිම් ඩේටා පැකේජ්, ඩේටා ඇඩ් ඔන් සේවාද ඇතුළු වෙනත් පහසුකම්ද විවිධ සහන යටතේ පාරිභෝගිකයන්ට ලබාදෙන බවට ඒවායේ පොරොන්දු රැසකි. මේ ඇතැම් පැකේජ් නොමිලේ සැපයෙන බවද සඳහන්ය. තවත් ඒවාට අඩු ගාස්තු අයකරන බවද කියති. ෆෝන් හිමියන්ට අවශ්‍ය වුවත් නැතත් ඒ දැන්වීම් නවතින්නේ නැත. එහෙත් පාලින්දනුවර කෙළිකන්ද ප්‍රදේශයේ ‘‘ඔන්ලයින්’’ අධ්‍යාපන කටයුතු සිදුකරන සිසු දරුවන්ට නම් එවැනි වාසනාවක් නැත. 23 November 2020
අඟුණකොළපැලැස්ස බන්ධනාගාර වර්ජනය අවසන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනය මේ වන විට අවසන් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 23 November 2020
කුරුණෑගල මහවීදිය තාවකාලිකව වසා දමයි කුරුණෑගල නගරයේ පිහිටි ප්‍රධානම වීදිය ලෙස සැලකෙන මහ වීදියේ ව්‍යාපාරික ස්ථාන රැසකින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙන එම වීදියට සංචරණ සීමා පනවා තාවකාලිකව වසා දැමීමට කුරුණෑගල මහ නගර සභාව පියවර ගෙන ඇත. 23 November 2020
දඹුල්ල තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමයි කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සිට දඹුල්ල තැපැල් කාර්යාලය වෙත තැපැල් මලු ප්‍රවාහනය කළ සේවකයෙකු කෝවිඩ්-19 ආසාදිත බවට හදුනා ගැනීම නිසා දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවා කටයුතු තාවකාලිකව නවතා දමාතිබේ. 23 November 2020
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් ආහාර වර්ජනයක අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් අද(23) උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 23 November 2020
තවත් කොරෝනා මරණ 4 ක් කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් සිවුදෙනකු අද (22) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 22 November 2020
කොවිඩ් මරණ ආදාහනය කිරීම නවත්වන්න එපා කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් සිදුවන මරණ බැහැර කිරීමේ ක්‍රම අධ්‍යනය කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව අවසන් වාර්තාවක් ඉදිරිපත් කර තෙක් ආදාහනය කිරීම දිගටම කරගෙන යන ලෙස එම කමිටුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත. 22 November 2020
නව අමාත්‍යංශ දෙකක් නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවීම සහ අමාත්‍යාංශ කිහිපයක විෂයයන් සංශෝධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ජනාධිපතිවරයා ඉතුක් සිකුරාදා (20) මෙම අතිවිශේ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. 22 November 2020
පාසල්වල සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් බිලියන 105 ක් ශිෂ්‍ය සංඛ්‍යාව පාදක කරගනිමින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 105.812 ක් පාසල් වෙත ලබාදීමට දැනටමත් පියවර ගෙන ඇති බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. 22 November 2020
විෂබීජනාශක දියර බී රුසියාවේ 7 ක් මරු දකිති කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතා කරන විෂබීජ නාශක දියර වර්ගයක් පානය කිරීමෙන් රුසියාවේ යකුටියා කලාපයේ 7දෙනෙකු මියගොස් තිබේ. 22 November 2020
ගැසට් එකේ මිලට හාල් ගන්න කරල කැපෙනකල් ඉන්න සහල් සඳහා උපරිම මිල ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන යටතේ පාරිභෝගිකයින්ට සහල් මිලදී ගැනීමට හැකිවන්නේ ඉදිරි වී අස්වැන්න ලැබෙන විට දී බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ( 22) දඹුල්ලේ දී පැවසීය. 22 November 2020
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා තාවකාලිකව නවත්වයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් හා උප තැපැල් කාර්යාල නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව වසා දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 22 November 2020
’ සියලුම රණවිරුවන්ට ඉඩම් ලබා දෙනවා’ සියලුම රණවිරුවන්ට පදිංචියට, කෘෂිකාර්මික කටයුතු කරගන්නට,වාණිජ කටයුත්තක් කර ගන්නට ඉඩමක් ලබාදිමට කටයුතු කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසිය. 22 November 2020
ශ්‍රී ලාංකික කාන්තාවන් ක්වේටයේ රෝහල්වල අසරණව ක්වේට් හි රෝහල් ගතව සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සේවය කළ නිවෙස්වලින් ආපසු භාර නොගැනීම නිසා මාස 10 තිස්සේ කසූර් නගරයේ සභා ටීබී දෙරන් රෝහලේ රැඳී සිටිති. මේ අතර සභා ටී බී දෙරන් රෝහලේ තවත් ශ්‍රී ලාංකිකයන් සිටින බවත් දැඩිසත්කාර ඒකකයේ සිටි කාන්තාවක් මිය ගිය බවත්, කොළඹ පදිංචිකාරියක වන තවත් කාන්තාවක් මේ වනවිටි දැඩි සත්කාර ඒකකයේ සිටින බවත් ඔවුන් බලන්න්ට කිසිවෙකු නොඑන බවත් කීවාය. 22 November 2020
පුත්තලමේ පාසල් විවෘත කිරිමට විරෝධය මේ වන විට පුත්තලම දිසාව තුළ කොරෝනා වසංගත තත්ත්වයේ දෙවෙනි රැල්ල විශාල වශයෙන් වාර්තාවන බව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී තිබිය දි දිසාවේ රජයේ පාසල් යළි හෙට ( 23 දා ) සිට විවෘත කිරිම දරුවන් ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයන්හි ජිවිත අනතුරේ හෙළි මක් විය හැකි නිසා සෞඛ්‍ය තත්ත්වය යහපත් වන තෙක් මෙම පාසල් යලි විවෘත කිරිමට විරෝධය පල කරන බව ලංකා විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 22 November 2020
අටලුගමට පොලිස් මුරකාපොලු 10 ක් බණ්ඩාරගම අටුලුගම ග්‍රාම සේවා වසම අටක් හුදකලා කිරීමත් සමගම එම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි යුද හමුදා සහ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත පොලිස් මුර කපොලු 10 ක් ස්ථාපිත කළ බව පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා පැවසීය. 22 November 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026