(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි බව ඇමරිකානු රාජ්‍ය බුද්ධි සේවය ද තහවුරු කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවැසීය .
අයි . එස් මතවාදය ශ්‍රී ලංකාවට ගෙනවිත් එම මතවාදයට සහරාන් යොමු කරනු ලැබුවේ නවුෆර් මවුලවි විසිනැයි ද ඔහු ප්‍රකාශ කළේය.
වීරසේකර මහතා මෙසේ පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ කටින් පිටවන හැම වචනයක්ම අපි විශ්වාස කරනවා.
එහෙම හඳුනා ගත්තයි කිව්වම හරිද? අපි විශ්වාස කරාම ඉවරයි නේද? ඔක්කෝම සම්පූර්ණයි එතකොට...
මේ මිනිහා කියන්නේ පට්ටපල් බොරුවක්... මම අභියෝග කරනවා එහෙම කියලා තියෙන තැනක් තියෙනවා නම් පෙන්නන්න කියලා... ඒත් ඔය කියන්නේ එෆ්.බී.අයි. එක ගැන නම් හොඳම දේ තමයි ඒ අයට මෙහි වැඩිදුර පරීක්‍ෂණ F.B.I එකට බාරදෙන එක. ඇයි ඒක නොකරන්නේ? මොකද එෆ්.බී.අයි. එක ඇත්ත දන්නවා.
අපේම කවුරුහරි නායකයෙක් වෙන්න බැරිද?
දැන් කොයි කාලයක්ද? අපි අපට අවශ්‍ය එක්කෙනා හොය හොයා අඳුරේ අත පත ගානවා. අමෙරිකාවෙන් හරි එක්කෙනා හොයා ගත්තත් එයා අපට ඕන එක්කෙනා නෙවේ නම් ඒකත් අර සුප්‍රකට "විදේශ කුමන්ත්‍රණ" ගොඩට තමයි වැටෙන්නේ. පුටුවකට වෙලා " කැමරා, සවුන්ඩ්, ඇක්ෂන්" කියනවා වගේද රට පුරාම " පුස් වෙඩි... පුස් වෙඩි" කියද්දී රටක ආරක්ෂාව ගැන වැඩ කරනවා වගේ මවා පෙන්නන එක..?
මෙතුමාට සහ ආණ්ඩුවට ඕනෑවෙලා තියෙන්නේ මහමොල කාරයා අල්ලලා හින්දා කේස් එක වහන්න. මිනිස්සු නොමග යවන සුරඟන කතා..
තවත් ජාත්‍යන්තර ඉල්ලන් කෑමක් කන්න යන්නේ... fbi එකෙන් එහෙම කියපු තැනක් දැකපු කෙනෙක් ඉන්නවද?
මිනිස් ඝාතනයකින් වැඩිම වාසනාවක් හිමිකර ගත්තේ කව්ද යන්නත් ජනතාව හඳුනා ගෙන ඇත.
ඒකද එයා ඇමෙරිකාවේ ගියේ.?
මේ පුද්ගලයා කියන කිසි දෙයක් විශ්වාස කරන්න බැහැ. තමන්ගේ හිතට එන දේවල් සියල්ල හරි කියල ක්‍රියාත්මක කරන්න යන කෙනෙක්. පාර්ලිමේන්තුවට එන්න පෙර මෙයාගේ රැස්වීමකට ගිය මම මිතුරෙකුගේ ඉල්ලෙමට. එදා මට තේරුණා මෙය තම ගැන ආදී තක්සේරුවකින් ඉන්න කෙනෙක් කියලා . මිනිස්සු මෙයාව දේශප්‍රේමියෙක් කියල උස්සල තිබ්බ. එත් දැන් තෙරෙනවා නිකම්ම පුස් වෙඩිල්ලක් කියල. දේශපනනයට නවකයින් ට රටේ ලොකු වගකීම් දුන්නම මෙහෙම වෙනවා.
අපේ අයට බැරිවුණා අල්ලපු ගෙදර කෙනාව අල්ලගන්න.. ඇමෙරිකාව අපේ ඔක්කොම දන්නවා... ඇමෙරිකාවට අපේ රට බාර දුන්නා නම් ඉවරයි.