
(යොහාන් භාසුර)
සංචාරණ සීමා ක්‍රියාත්මක වන ලබන 21 වැනිදා රාත්‍රී 11.00 සිට දින හයක් සියලුම විශේෂ ආර්ථික මාධ්‍යස්ථාන වසා තැබීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසීයි.
ඒ අනුව අනිද්දා 21 වැනිදා රාත්‍රී 11.00 සිට 25 වැනිදා පෙරවරු 4.00 දක්වා ද, 25 වැනිදා රාත්‍රී 11.00 සිට 28 වැනිදා පෙරවරු 4.00 දක්වා ද, සියලුම විශේෂ ආර්ථික මාධ්‍යස්ථාන වසා තැබේ.
මෙම 25 වැනිදා පෙරවරු 4.00 ට සංචාරණ සීමා ඉවත් කරන බැවින් එදින පෙරවරු 4.00 සිට සියලුම ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළෙඳපොල විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.
වෙළදුන්ට ලබන 25 වැනිදා පෙරවරු 8.00 පමණ සිට ආර්ථික මධ්‍යස්ථාවලින් භාණ්ඩ ලබාගැනීමට හැකියාව ඇති අතර තොග සහ සිල්ලර වෙළදුන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා පළාත් අතර සංචරණයට බලපත්‍ර නිකුත් කිරීමට අනිද්දා (21 වැනිදා) ලබාදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම මෝඩ තීරණයක්... ගොවියන්ට වහ බොන්න තමයි වෙන්නේ...
ආර්ථික මධ්‍යස්ථාන වැහුවම ගජ මිතුරන්ගේ ඇඟලුම් කර්මාන්ත ශාලානම් අරිනවා. එහෙම නොකළොත් කොරෝනා නිෂ්පාදනය කර රටපුරා බෙදාහැරීම අඩාලවෙනවා.