
(යොහාන් භාසුර)
අධිවේගී මාර්ගවල ධාවනය කරන සියළුම ගිලන් රථ අද (20) සිට නැවත දැනුම් දෙනතුරු ගාස්තුවලින් නිදහස් කිරීමට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ.
ඒ අනුව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර් පේමසිරි මහතා අධිවේගී මාර්ග පාලන බලධාරීන්ට ගිලන් රථවලින් ගාස්තු අය නොකරන ලෙස අද (20) පස්වරුවේ දැනුම් දුන්නේය.
අධිවේගී මාර්ග ගාස්තු ගෙවීමෙන් තොරව පාවිච්චි කළ හැක්කේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට පමණක් බවත් ‘කොවිඩ්’ වයිරසය හේතුවෙන් මේ වන විට පවතින තත්වය සැලකිල්ලට ගෙන සියලුම ගිලන් රථ ගාස්තුවලින් නිදහස් කිරීමේ තීරණය කළ බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිලන් රථවලට මුදල් අයකරන්න කියලා නැවත කිසි දවසක දැනුම් දෙන්න එපා.
අධික වේගය මරු කැඳවන නිසා අධි වේගී මාර්ග තහනම් කරමු.
සෞඛ්‍ය සේවය නොමිලයේ දෙන අපි අධිවේගයේ ගමන්කරන ගිලන්රථ වලින් ගාස්තු අයකිරීම කොතරමි අශෝභන වැඩක්ද.මෙම ක්‍රියාත්මක කිරීම නැවත දැනුම්දෙනතුරු නොව සදාකාලිකවම කලයුතුය