(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොරෝනා වසංගතය හමුවේ වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීමට ඇති ප්‍රධාන තුරුම්පුව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යයි සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවැසී ය .
මේ පනත් කෙටුම්පතට සාම්ප්‍රදායික අදහස් වලින් මිදී සහය දක්වන්නැයි සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීය .
ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ දී ය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේශද්‍රෝහී මිනිස්සු පත්කරලා එවන ජනතාව මේවාට වගකියන්න ඕනෑ. දැන්වත් බුද්ධිමත්ව වැඩ කරන්න.
මෙන්න මේක තමයි සත්‍යය. මේ අය කොරෝනා වැඩිවෙන්න ඇරියේ මෙන්න මෙතනට එන්න තමයි. මේක ආණ්ඩුව හිතාමතාම කොරෝනා වැඩිවෙන්න ඉඩඇරලා දැන් මිනිස්සුන්ට චීන සහාය නැතිව අපට ජීවත් වෙන්න බැහැ කියලා මරණ බය ඇතිකරලා චීනයට පෝර්ට් සිටි එක දෙන්න සහාය ඉල්ලනවා. මේ අය නම් මිනිස්සු වෙන්න බැහැ.
අපි රටගැන හිතුවට වැඩක් ඇද්ද ඇමතිතුමා? ඔබතුමන්ලා රට ගැන නොහිතනකොට. අවුරුදු 73ක්ම ඔබතුමන්ලා රට ගැන නොහිතපු නිසානේ රට කෙට්ටු වුනේ. අපි මට්ටු වුනේ. ඔහොම නෙමෙයි ඇමැතිතුමා ක්‍රම සහ විධි ගැන හිතන්න. ඡන්දෙකට මේ ගාන කියලා ලංසුවක් තියන්න. ගාන වැඩිනම් 225 ඡන්දෙ ෂුවර්.
අන්තවාදීන්ගෙන් රට බේරගන්න කතාකරපු, යකානටපු අය දැන් චීන්නුන්ට රට දෙන්න ඡන්දෙ ඉල්ලනවා.
සාම්ප්‍රදායික අදහස් වලින් මිදී පනතට සහාය දෙන්නැයි කියන්නේ... මේ අපේ රට, මේ අපේ ජාතිය කියන දේවල් අමතක කරලා චීනාට මේකේ කොලනි හදන්න සහාය දෙන්න කියනා ඒකනේ. එහෙම නේද? මොහු එදා කියූ දේ හා අද කියනා දේ අතර මොනතරම් පරස්පරතා තිබේද?
අපි රටේ අනාගත පරපුර ගැනයි හිතන්න ඕනෑ.. හිරෝෂිමා, නාගසාකි ඊට උදාහරණයක් නේද? ලෝකෙට ණය වෙනවට වඩා අපේ රට තුළ තිබෙන සම්පත් ප්‍රයෝජනයට අරගෙන තරුණ පරපුරට උදව් කරන්න. අනාගතය ගැන ඔවුන් බලාගනීවි. අපිට දුකයි ඡන්දෙ දෙන්න අපේ අනාගත පරපුරට රජය ආදර්ශ වෙයි කියලා.. ඒත්... ?
සමහර දේශප්‍රේමීන් හිතන්නේ චීනුන්ට රටේ කොටසක් දෙන එක වැරදි නැහැ කියලා. පිලිප් වලෙන් නැගිටලා අැවිත්වෙඩි තියාවි. රට වටේ මුහුදත් අපිටමයි හලෝ....!!!
ඔයා කියන නිසා අපි සහාය දෙන්නම්....
සාම්ප්‍රදායට නොගිහින් ප්‍රභාට උතුර දීලා සල්ලි ඉල්ලා ගත්තානම් අපේ කොල්ලොත් ජීවත් වෙනවා. සල්ලිත් ඉතුරුයි. සම්ප්‍රදායට වෙච්චි දෙයක්...
කොයි රට ගැනද අපේ මහත්තයෝ? චීනයද නැත්නම් මේ අපේ සිරි ලංකාවද?
අපට වැරදුණා මහත්තයෝ...!!! දැන් කරන්න දෙයක් නැහැ.. හොඳයි, හොඳයි කියනකොට කොට්ටෙත් ගොම ගාගෙන...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, මුළු රටම ටිකෙන් ටික චීනාට පාවාදෙන හොර ගිවිසුම වර්ජනය කරන්න. නැතිනම් ඔබත් ඒ පාපයට සම්මාදම් වූ පාවාදෙන්නෙක් ලෙස ඉතිහාසයේ ලියැවේවි. මේ බොරලුගොඩයින්ගේ අදහස් අහන්න තරම් ඔබ මෝඩද ...? කෙසේවෙතත් මේ ප්‍රශ්නය දවසක අවසාන වන්නේ රටට ද්‍රෝහිවී රට පාවාදුන් " දේශකාපාලුවන්ට " , ඔවුන්ගේ පවුල්වලට, හිවලුන්ට " මහා පාරේදීම " අපාගත වන්නට සිදුවීමෙනි. එය ස්ථිරයි. "... 69 ලක්ෂයක හිඟන නරින්ට දැන් සතුටුද...? අපේ මල්ලි යුක්රේනයෙන් ගෙනාපු කොරෝනා ලාබද..?."
රට? රට නෙවෙයි චීනය සහ මේ අයගේ පැවැත්ම වෙනුවෙන්.. බොරලුගොඩ ඉස්සර හිටියේ සිංහයෝ.. නමුත් අද ඉන්නේ කැණහිලුන්..