(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී අද (20)පස්වරු 4:30 ට පැවැත්වීමට නියමිතය .
පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මේ මොහොතේ පැවැත්වේ .
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව සංශෝධන ඉදිරිපත් කර පනත් කෙටුම්පත සම්මත කර ගන්නා බව රජය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් පොහොට්ටුවේ පිරිස ඡන්දේ දෙනවා. වැඩිපිරිස ඒ කණ්ඩායම නිසා සම්මත වෙනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය ඒකනේ. නායක වන්දනාව කණ්ඩායම් මානසිකත්වය මිසක් වෙන මොනවද?
දකුණේ මිනීමරු ත්‍රස්තයින්ට (කෝවිඩ් බෝවීමට ඉඩහැරීම හා ව්‍යවස්ථා විරෝධී පාලනයක් වරාය නගරයට සැකසීම) පිළිතුරු දීමට අවු 3-4ක් දක්වා බලා සිටීමට ජනතාවට සිදුවීම කණගාටුවකි.
තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත වෙයිද?, සරල බහුතරයෙන් සම්මත වෙයි දැයි නොදනිමු. මොනවා හරි "ජිල්-මාට්" එකකින් රට චින කොලනියක් කිරීමේ පලවෙනි පියවර අද සවස තබනු ඇත - 2030 වන විට මේ පාපයට නායකත්වය දුන් කවුරුවත් ජීවත්ව නැත! - 2050 වන විට අද පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකේ එකෙක්වත් නැත! - එහෙත්, චීන්නු ලංකාව තම කොලණිය කරගෙන ඇත! වෙනස නම්, චීනා තම අනාගතය ගැන සිතයි! අපේ රටේ සිංහල-බෞද්ධ නායකයින් අනාගතය යනු කුමක් දැයි අසාවත් නැත.
පනත් කෙටුම්පත වෙනස් කරලා පෝර්ට් සිටිය චීනයට පවරලා දෙනවා වගේම, ව්‍යවස්ථාව වෙනස් කරලා හරි කමක් නැහැ.. ලංකාව ලෝකයේ බලවත් මහා ජාතියකට (චීනෙට හරි කමක් නැහැ) පවරලා දෙන්න බැරිද? අඩුගානේ එතකොට අපිට කටක් ඇරලා ලෝකෙට කියන්න පුළුවන් අපිත් ප්‍රෞඪ ජාතියක් කියලා.