(විනීතා එම් ගමගේ)
මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීතිවල සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව සොයා බැලීම සඳහා පත්කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබන මස 19 වැනිදා දක්වා මහජන අදහස් විමසීමට තීන්දු කර ඇති බැවින් ඊට අදාල යෝජනා සහ අදහස් ලබා දීමට කටයුතු කරන්නැයි පැෆරල් සංවිධානය, මැතිවරණ ක්‍රමයේ සාධනීය වෙනසක් අපේක්ෂා කරන පුරවැසියන්ගෙන් සහ සංවිධානවලින් ඉල්ලීමක් කරයි.
මැතිවරණ ව්‍යුහය මෙන්ම මැතිවරණයට අදාල නෛතික ප්‍රතිපාදනද වර්තමාන දේශපාලන සන්දර්භයන්ට අනුරූපී වන පරිදි බරපතල සංශෝධනයට ලක්විය යුතු බවට කිසිදු විවාදයක් නැති බවත් එය ඉක්මනින්ම සිදුවිය යුත්තක් බවත් පැෆිරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
විශේෂයෙන්ම ජනතා පරමාධිපත්‍යයේ මූලිකාංගයක් වන ජන්ද බලය බාධාවකින් හෝ බලපෑමකින් තොරව අභ්‍යාස කිරිමට නම් සම බිමක තරඟය පැවැත්වීම වෙනුවෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නව නෛතික ප්‍රතිපාදන සැකසීමේ කඩිනම් අවශ්‍යතාවයක් පවතින බව ද හෙතෙම කියා සිටියේය.
. ඒ අනුව මැතිවරණ ක්‍රමයේ සාධනීය වෙනසක් අපේක්ෂා කරනු ලබන පුරවැසියන්ට මෙන්ම සංවිධානවලටද මැතිවරණ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වන යෝජනා හා අදහස් ලබාදීම සදහා අවකාශය සලසා ඇති බවත් එකී යෝජනා ලිඛිතව හෝ [email protected] යන විද්‍යුත් තැපෑල මගින් අදාල කමිටුව වෙත 2021 ජූනි මස 19 වන දිනට පෙර ඉදිරිපත් කල හැකි බවත් ඔහු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ ක්‍රමයේ වෙනස් විය යුතු තැන් ගැන පැෆරල් සංවිධානය ඔවුන්ගේ යෝජනා පළමුව ජනතාවට, රටට ඉදිරිපත් කරන්න...
උනුත් හොරු, නුඹලාත් හොරු... හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්...