
(යොහාන් භාසුර)
ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරමින් සිටියදී කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමකට ලක්වූ රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් දැඩි පරිසර හානියක් සිදුවන්නේ නම් එය ශ්‍රී ලංකා මුහුදු කළාපයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
කොළඹ වරායට නාවික සැතපුම් නවයකට ආසන්න මුහුදු තීරයේ දී මෙම නෞකාව පසුගිය 20 වැනිදා ගිනි ගැනීමකට ලක් වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ වරාය අධිකාරිය එක්ව එම ගිනි ගැනීම පාලනය කළේය.
කෙසේ වෙතත් නෞකාව තුළින් විටින් විට ගින්න මතුවන බවත් නෞකාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කරමින් සිටින බවත් සමුද්‍රය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ගිනිගන්නත් මෙහාටම ආවා. ඕන කුණුගොඩක් එන්නේ මේ රට පැත්තට.
අර කලින් ගිනි නිවපු නැවේ සල්ලි හම්බ වුණාද? ඒහෙම නැත්නම් ඒකත් කාගෙ හරි ගිණුමකට ගියාද?