
(ඉන්දිකා රාමනායක)
කෝවිඩ් තෙවන රැල්ලේ ආසාදිත පුද්ගලයන් වෙනුවෙන් යුද හමුදාව මේ දක්වා යකඩ ඇදන් 20,000 ට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති බව යුද හමුදාව පවසයි.
රජයේ රෝහවල ඇඳන් ධාරිතාව වැඩි කිරිම සදහා 10.000 ක ප්‍රමාණයක් මේ වනවිට ලබාදී ඇති බව ද හමුදාව සඳහන් කරයි .
ඇඳන් නිෂ්පාදනයට අමතරව ආසාදිතයන් වෙනුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 112 මේ දක්වා පවත්වාගෙන යන බවද බව ද හමුදාව සඳහන් කරයි .
මෙලෙස නිෂ්පාදනය කර ඇති ඇඳන්වලින් කොටසක් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති බවද හමුදාව සඳහන් කරයි .
කොරෝනා වයිරසයේ තුන්වන රැල්ල වේගයෙන් වර්ධනය වීමත් සමගම ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල පහසුකම් අවම වීම හේතුවෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවද බව ද හමුදාව පවසයි .
කොස්ගම යුධ හමුදා යුධෝපකරන බලකා මධ්‍යස්ථානය තුළ මෙම ඇඳන් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති බව ද හමුදාව කියා සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකඩ ඇඳන් උඩ ලෙඩ්ඩු නිදිකළාට ලෙඩ හොඳ වෙන්නේ නෑ. ඒවාට උපකරණ අවශ්‍යයි. පුහුණු කාර්ය මණ්ඩල අවශ්‍යයි. බෙහෙත් අවශ්‍යයි. ඒවාත් දැන් සූදානම්ද? වහලා තිබ්බ ඇඟලුම් කම්හල් "අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන" ලෙසට අලුත් වැඩියා කරදෙනවාට ඒවායේ අයිති කාරයෝ හමුදාවට පින්දෙනවා ඇති.
අපි නම් අහලා තියෙන්නේ වෙන රටවල්වල කරන්නේ රෝහල්වල තියෙන ඇඳන් ප්‍රමාණයට රෝගීන් අඩුකරගන්නට උත්සාහ කරන එක කියලයි. නමුත් අපි කරන්නේ රෝගීන් වැඩිවෙන්න ඇරලා ඒ ගානට ඇඳන් වැඩි කරන එකයි.
ඇඳන් ලංකාවේ හැදුවට බෙහෙත්, යන්ත්‍ර ඔක්කොම පිටරටින්...