මහ බැංකුවේ මුල් පුටුවට ගැන කබ්රාල්ගේ මතය. මහ බැංකුවේ අධිපති ධුරයට තමා නැවත යන බවට පැතිර යන ආරංචිය තමා ප්‍රතික්ෂේප කරන්නේ හෝ තහවුරු කරන්නේ හෝ නැතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 09 September 2021
අද කාලගුණ තත්ත්වය සබරගමුව, බස්නාහිර, වයඹ පළාත්වලත් මහුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 September 2021
තෙවන එන්නත් මාත්‍රාවක් ගැන සාකච්ඡා මෙරට ජනතාවට කොවිඩ් මර්දන එන්නත් තෙවන මත්රාවක් ලබාදීමේ අවශ්‍යතාව තව මාස දෙක තුනක් තුළ ඇතිවන බවත් මේ වන විට ඒ සඳහා සාකච්ඡා පැවැත්වෙන් බවත් රිජ්වේ ආර්යයා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේය. 09 September 2021
වාද්දූවේ දෙමහල් නිවෙසක ගින්නක් වාද්දුව, වේරගම ප්‍රදේශයේ දෙමහල් නිවසක අද රාත්‍රි ගින්නක් හටගෙන ඇති බව වාද්දුව පොලිසිය කියයි . 08 September 2021
අපේ විරුවන් දෙදෙනකුට ඉන්දුනීසියාවෙන් ශිෂ්‍යත්ව ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් දෙදෙනකු පළමු වරට ඉන්දුනීසියාවේ ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධි සඳහා ශිෂ්‍යත්ව හිමිකර ගෙන ඇතැයි ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටියේය 08 September 2021
සීනි කිලෝ ලක්ෂ 40ක් පෑලියගොඩින් අල්ලයි වත්තල සහ පෑලියගොඩ ප්‍රදේශයේ ගබඩා තුනකින් සඟවා තිබූ සීනි මෙටි්රක්ටොන් 4000 ක් හෙවත් කිලෝ ලක්ෂ 40 කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාල සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීහූ අද සමත් වූහ. 08 September 2021
අසාදිතයන් තවත් 648 වර්තා වෙයි කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 648 දෙනකු අද(8) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 08 September 2021
කොරෝනා මරණ 185ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 185 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය. 08 September 2021
පොලිසියේ තුනක් දින හතර කෝවිඩ්වලින් මරුට කොව්ඩ් ආසදිතවී දින හතරක් තුළ පොලිස් සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 08 September 2021
විසඳුම් වෙනුවට ගුරු - විදුහල්පතිවරුන් බය කරන්න උත්සාහ කරනවා වැටුප් ගැටළුවට විසඳුම් ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව පොලිසිය ලවා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බිය වැද්දීමට උත්සාහ ගනිමින් සිටින්නේ යැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරති. 08 September 2021
දත්ත මැකුවාට විධායක නිලධාරි අත්අඩංගුවට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරින් කල්පගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබීය. 08 September 2021
පොළොන්නරුවෙන් සහල් මෙට්‍රික් ටොන් 1000ක් රජයේ බාරයට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සහල් ගබඩා අද පරීක්ෂා කළ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ,විශ්‍රාමික මේජර් ජෙනරාල් නිවුන්හැල්ල මහතා ඇතුළු කණ්ඩායමක් එම ගබඩාවල තිබු මෙට්‍රික් ටොන් දහසකට ආසන්න සහල් තොගයක් රජයේ භාරයට ගත්තේය . 08 September 2021
“අගමැති පාප් වහන්සේ බැහැදැකීමට ඉල්ලීම් කර නැහැ“ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ නිරතවන සංචාරය අතරතුර වතිකානුවට ගොස් පාප් වහන්සේ බැහැදැකීමට වැඩසටහනක් යොදාගෙන නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. 08 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 2,269ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,269 දෙනකු අද (8) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 08 September 2021
රජය පාප් වහන්සේත් නොමග යවන්න හදනවා අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු ඇමතිවරයා ඉතාලි සංචාරයේදී වතිකානයට ගොස් බොරු කියා පාප් වහන්සේ පවා නොමග යැවීමට උත්සාහ ගන්නා බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 08 September 2021
රෝහල් ඇඳන් 11000කට ඔක්සිජන් පහසුකම් දීමේ ව්‍යාපෘතියක් රජයේ රෝහල්වල ඇඳන් 11000ක ඔක්සිජන් ඇතුළු අනෙකුත් පහසුකම් ඇති කිරිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය සඳහන් කරයි. 08 September 2021
පැරාලිම්පික් විරුවෝ අගමැති හමුවෙති ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් මාතෘ භූමිය රනින් සැරසූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී අද (8) හමුවූහ. 08 September 2021
ජපානය ජේ.ආර්.සමරයි ජපානයට සාමය ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා කළ මෙහෙවර අගයමින් ජපන් ජාතීහු ගුණසමරු උත්සවයක් පැවැත්වූහ. 08 September 2021
ඔඩ්ඩුසුඩාන් සිට බියගමට ගෙනා දැව තොගයක් අල්ලයි ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ සිට බියගම ප්‍රදේශයට බලපත්‍ර රහිතව විවිධවර්ගයේ දැව කැබලි විශාලතොගයක් ප්රවාහණය කරමින් තිබූ බව කියන ලොරියක් සමග සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය කියයි. 08 September 2021
ගොවියන් වෙනුවෙන් පඹයෝ පෙරට එති මින්නේරිය මහ ගොවි ජනපදයට අයත් කවුඩුල්ල ව්‍යාපාරයේ ගොවීහු පිරිසක් අද තම කුඹුරුවලට දියවර සැපයෙන යෝධ ඇලේ බැම්මේදී ගොවි ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබාදෙන්නැයි රජයට බලකෙරෙන සාමකාමී විරෝධතාවක් පැවැත්වූහ. 08 September 2021
‘‘ආණ්ඩුවට මෝල් හිමියන්වවත් පාලනය කරන්න බැරිවෙලා‘‘ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බලයට පැමිණි ආණ්ඩුවට හාල් මෝල් හිමියන්වත් පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා පැවසීය. 08 September 2021
බස්නාහිර පළාත් ආදායම් බලපත්‍ර ලබාගැනීමට සහන කාලයක් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා මේ මස 30 දක්වා සහන කාලයක් ලබාදී ඇතැයි බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය කියයි. 08 September 2021
මව් පදවිය වසරකින් කල් දාමන්න කොවිඩ් වයිරසයේ නව ප්‍රභේද ඇතිවන හෙයින් ගර්භණී භාවයට පත්වීම හැකි නම් වසරකින් පමා කරන්නැයි විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා මවුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි. 08 September 2021
කොරෝනා අස්සේ මුදල් ගැරූ හමුදා සෙබළා මාට්ටු කොරෝනා ආරක්ෂිත ඇඳුමකින් සැරසී වේයන්ගොඩ නගරයේ වෙළඳසැල් වලට පැමිණ බලපත්‍ර පරික්ෂා කරන මුවාවෙන් මුදල් ලබා ගැනීමට තැත් කළ බව කියන හමුදා සෙබළකු අද සවස අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි . 08 September 2021
“ඇමරිකා ඩොලරයේ මිල ස්ථාවරව පවත්වා ගන්නැයි ඉල්ලයි’’ ඇමරිකා ඩොලරයේ මිල රු. 200 - 203 ක ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යන ලෙස මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා සියලු බලපත්‍රලාභී බැංකු ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි මහබැංකු ආංරචි මාර්ග වලින් පැවස්. 08 September 2021
ජාවාරම්කරුවෙකු හඳුනා ගන්න මහජන සහය ඉල්ලයි හෙරොයින් මත්කුඩු කිලෝ 288 ක පුමාණයක් සමග සැකකරුවන් පස් දෙනෙකු බේරුවල මුහුදේ දී පසුගිය (31) වෙනි දින අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ මෙම මත්කුඩු මෙරටට රැගෙන ඒම මෙහෙය වු බවට තොරතුරු හෙළිකර ගෙන ඇති ඉහත සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මූලස්ථානය මහජන සහය පතයි. 08 September 2021
පෑලියගොඩ සීනි ගබඩාවකට මුද්‍රා තබයි සීනි මෙට්‍රික් ටොන් 1,800ක් සඟවා තිබූ පෑලියගොඩ ප්‍රදේශයේ සීනි ගබඩාවකට පාරිභෝගික කටයුතු අධිකාරිය අද (08) මුද්‍රා තැබූවේය. 08 September 2021
මල්ලිගේ උදලු පහරින් අයියා මරුට කොටවෙහෙර ,දිගන්නෑව ප්‍රදේශයේ දී,එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලකින් මල්ලී එල්ල කල උදලු පහරින් අයියා (44) මරණයට පත්ව ඇති බව කොටවෙහෙර පොලීසිය අද( 08) පැවසීය. 08 September 2021
වෛද්‍යවරුන් තිදෙනකු තාක්ෂණ කමිටුවෙන් ඉවත්වීම ගැන සුදර්ශණීගෙන් ප්‍රකාශයක් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඇතුළු තිදෙනකු කොවිඩ් මර්දන තාක්ෂණ කමිටුවෙන් ඉවත් වුවත්ඔවුන් සෞඛ්‍ය ක්ෂේත්රයේ වෙනුවෙන් දායකත්වය දිගටම දක්වන බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. 08 September 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026