
(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන ඕනෑම කෙනකුට ආණ්ඩු බලය ලබා දීමට තමා සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අද පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
තමාට අවශ්‍ය රට අස්ථාවර නොකිරීමට බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී අද පස්වරුවේ රැස්වූ අතර එහිදී ඔහු මේ බව සඳහන් කර ඇත.
එහිදී අදහස් දක්වා ඇති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ප්‍රකාශ කර ඇත්තේ මූලික අවශ්‍යතා හෝ සපුරා ගැනීමට නොහැකි වීමෙන් ජනතාව ආණ්ඩුව කෙරෙහි වෛරයකින් පසුවන බවය.
ජනතාවගේ එම දැවෙන ප්‍රශ්නවලට වහා විසඳුම් ලබාදීමට ආණ්ඩුව පියවර ගත යුතු බව ඔවුන් ප්‍රකාශ කර ඇත.
අර්බුදය ආරම්භ වුයේ පොහොර ප්‍රශ්නය හේතුවෙන් බවත්,එය දිගින් දිගටම ගොස් ආණ්ඩුව කෙරෙහි වෛරයක් දක්වා වර්ධනය වූ බවත් ,එම මැති ඇමැතිවරුන් පෙන්වා දී ඇත .
එහිදී අදහස් දක්වා ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය ඉවත් වී ඇති බවත්, ඒ සඳහා වෙනත් පක්ෂවල අය සමඟ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලය පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන ඇති බවත් ප්‍රකාශ කර ඇත.
කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී චමල් රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ යන මහත්තරුන්ට ඇමතිධුර ලබා නොදෙන බවද අගමැතිවරයා එහිදී සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න ඔබතුමාගේ රටට, අපේ රට කාලාම දැම්මා... අපිට එපා...
බොන්ඩ් කේස් එක බිලියන 11.5 යි. ඒක මතකද?
මෙයාලට සිංහලවත්, ඉංග්‍රීසිවත් තේරෙන්නේ නැහැ. ලංකාව ඇතුළු මුළු ලෝකේ පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයෝ කිව්වේ ගෝඨා ගෙදර යන්න... කියලා මිසක් ආයේ ආණ්ඩු හදන්න නෙමෙයි...
දැන්ද තේරුණේ පවුලේ අයට ඇමැතිකම් නොදෙන්න...? තමන්ගේ පක්ෂයේ දක්ෂ, ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ඉන්දැද්දී එයාලා ගැන නොසලකා.. ඥාති සංග්‍රහය කරන්න ගිහින් නේද මේ ඔක්කොම ඇති වුණේ...
බුද්ධිමත් ම වැඩේ තමයි බහුතරයක් ඉන්න පැත්තට පාළන බලය දීලා මේ ප්‍රශ්න වලින්.රට ගොඩදාන හැටි බලා ඉන්න එක. එතකොට ජනතාවත් යමක් තෙරුම් ගනීවි
බහුතරය නම් කියන්නේ නන්දසේනට ගෙදර යන්න කියලා තමයි.
එතකොට ජාතික ආරක්ෂාව. පාස්කු අවතාර.ඒව පෙනෙනව ඇති. නින්ද යනවද?
බලය ඇති විට එකම පවුලේ රාශියකට ඇමැති කම් දීම සදාචාරාත්මකව හෝ සුදුසු නැති බව තේරුනේ නැද්ද අගමැති තුමෝ ?
උඹලගේ ඔළුගෙඩි සෙල්ලමෙන් අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ ජනමතය උඹලා පලයල්ලා..