
(තිලකරත්න දිසානායක)
දරාගත නොහැකි ජීවන වියදමට එරෙහිව සහ රජයට විරෝධය පළ කරමින් ගම්පහ නගරයේ සිට යක්කල මාර්ගය ඔස්සේ අද (4) සවස ගමන් ගත් විරෝධතාකරුවන් පිරිසක් බණ්ඩාරවත්තේ පිහිටි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ කාර්යාලයට බිත්තර ප්‍රහාරයක්ද එල්ල කළේය.
එම අවස්ථාවේ කාර්යාලය වසා තිබූ ආකාරයක් දක්නට ලැබුනු අතර ඒ අසල සිට උද්ඝෝෂකයන් විරෝධය පළ කරමින් සටන්පාඨ ප්‍රකාශ කිරීමේදී එක් පුවරුවක " වියත්මග ,ඔයත්මග ,මමත්මග, රටත්මග" යන පුවරුවක් ප්‍රදර්ශනය කෙරිණි.
අනතුරුව යක්කල නගරය දක්වා රථ වාහන සහ පාගමනින් පැමිණි විරෝධතාකරුවන් කොළඹ - මහනුවර මාර්ගය අද්දර උද්ඝෝෂණයෙහි නිරත වූ අතර ඊට මාර්ගයේ ධාවනය කෙරුනු වාහනවල නලා ශබ්ද කරමින් සහාය දැක්වූ ආකාරයක්ද දක්නට ලැබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිත්තර prahara කරන්නේ අරය නේද ? අර කෝට්ටේ පැත්තේ කාර්යාලය තියන එක්කෙනා . ඒකත් වුණෙ ගම්පහ ම තමයි.
ශූර චෞරයෙක්.රක්ෂණ සංස්ථාව විනාශ කලා.