හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ නිවෙස ඉදිරිපිට සිටි පිරිස විසුරුවා හැරීම සඳහා මීට සුළු මොහොතකට පෙර කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

කලහකාරී ලෙස හැසිරුණු පිරිස් ලොකුගේ මහතාගේ නිවෙස ඉදිරිපිට සවිකර තිබූ විශාල දැන්විමකට ගිනි තිබූ අතර පසුව එම පිරිස ලොකුගේ මහතාගේ නිවෙස දෙසට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇත. ඒ අවස්ථාවේ එම පිරිස විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. 


ලොකුගේ ගේ නිවෙස ඉදිරිපිට ඇවිලෙයි

2022.04.04
05:55 p.m

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ නිවෙස ඉදිරිපිට මේ මොහොතේ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙන බව අප වාර්තාකරුවෝ පවසති.

පවතින අර්බුදයට විසඳුම් ඉල්ලා අද දින අමාත්‍යවරුන් කීපදෙනකුගේ නිවෙස් ඉදිරිපිට විශාල පිරිස් මේ ආකාරයෙන් විරෝධතාවයෙන් නිරත වූහ.

කුපිත වූ විරෝධතාකරුවන් එක්ව ලොකුගේ මහතාගේ නිවෙස ඉදිරිපිට තිවූ විශාල දැන්වීම පුවරුවකටද ගිනි තැබූහ.