වාරිමාර්ග අමාත්‍යංශයෙන් නව චක්‍රලේඛයක් දිවයින පුරා පිහිටි ඓතිහාසික වැව් හා මහා පරිමාණ වාරි යෝජනා ක්‍රම ආශ්‍රීතව ඉදිකිරීමක් හෝ වැඩි දියුණු කිරීමක් කරනේ නම් ඒ සඳහා අවසර ලබා දිය හැකි ද යන්න විශේෂ කමිටුවකින් තීරණ්ය කළ යුතු බවට වාරිමාර්ග අමාත්‍යංශ ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් දන්වා ඇත. 09 September 2021
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ සිද්ධියේ සැකකරුට ඇප ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හරින්ද ප්‍රියදර්ශන කල්පගේ මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා මහත්මිය අද (09) නියෝග කළේය. 09 September 2021
හදිසි නොවන භාණ්ඩ ආනයනයේදී සියයට සීයක මුදල් තැන්පතුවක් කාණ්ඩ 11කට අයත් භාණ්ඩ 623ක් ආනයනය කිරීමේදී සියයට සියයට ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. 09 September 2021
‘ ආණ්ඩුව සේවය කරන්නේ ගජ මිතුරන්ට පමණයි’ ජනතාවට සේවය කිරීම ආණ්ඩුවේ වගකීම වුවත් ආණ්ඩුව සේවය කරමින් සිටින්නේ තම ගජ මිතුරන්ට පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 09 September 2021
ආණ්ඩුවෙ රස්සා දිය යුත්තේ කොරෝනාවෙන් බැට කෑ පවුල් වලටයි රජයේ රැකියා වලට බඳවා ගැනීමේ දී කොරෝනා වලින් මව පියා මිය ගිය පවුල්වල දරුවන්ට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ වෙනස් කර හෝ විශේෂත්වයක් දැක්විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 09 September 2021
’තිහට වැඩි කෝටියකට කොවිඩ් එන්නත දී අවසන් ’ මෙරට වයස 30 ට වැඩි කෝටියක පිරිසකට කොවිඩ් මර්දන එන්නත ලබාදී අවසන් කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 09 September 2021
ඇමති ඩලස් මහාචාර්ය නිලීකාගෙන් සමාව ඉල්ලයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය කළ ප්‍රකාශයක් විකෘති කර ඇතැම් මාධ්‍යවල පළ කිරීම නිසා ඇයට සිදූවූ හානිය හා සිත්වේදනාව සම්බන්ධයෙන් තමන් ඊයේ (8) දින ඇය අමතා සමාව ඉල්ලූ බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 09 September 2021
කොරෝනා ආසාදිත මවක් තුන්නිවුන් දරුවන්බිහි කරයි කොවිඩ් ආසාදිත මවක් අද කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ දී තුන්නිවුන් දරුවන් බිහි කළාය. 09 September 2021
‘හරක්කටා’ ගේ ගෝලයා 24 තෙක් රිමාන්ඩ් පාතාල කල්ලි සාමාජික අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් ’සන්ෂයින් සුද්දා’ වෙඩි තබා ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව කොටවිල පොලීසිය අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකු ලෙස සැළකෙන නඳුන් චින්තක නොහොත් හරක් කටාගේ ගෝලයකු ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (09) නියෝග කළේය. 09 September 2021
ඇඳිරි නීතිය කලින් දැම්මා නම් ජීවිත රැසක් රැකගන්න තිබුණා එක්සත් ජාතික පක්ෂය මුල සිටම පැවසූ ආකාරයට අදින් මාසයකට පෙර හෝ මාස එකහමාරකට කලින් නිරෝධායන ඇඳිරි නීතිය පැනවූවා නම් අහිමි වූ ජීවිත වලින් බාගයක්ම බේරා ගැනීමට හැකියාව තිබූ බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 09 September 2021
‘බොබ් මාර්ලි’ ගෙ බිරිඳ සහ ඔහුට නවාතැන් පහසුකම් දුන් මිතුරා අත්අඩංගුවට බේරුවල ට ආසන්න දකුණු මුහුදේ දී රුපියල් කෝටි තුන්සියයකට ආසන්න හොරයින් මත්කුඩු තොගය මෙරට ප්‍රවාහනය කිරීමට සංවිධාන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන චමින්ද තාබ්ර නොහොත් බොබ්මාලි බිරිඳ සහ ඔහුට නවාතැන් පහසුකම් ලබාදුන් මිතුරාද අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 09 September 2021
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2020 උළෙලේ සම්මානිත කෘතීන් ප්‍රකාශයට පත් කරයි පසුගිය වසරේ ප්‍රකාශිත කෘතීන් අතරින් හොඳම ස්වතන්ත්‍ර සිංහල නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය කැත්ලීන් ජයවර්ධන මහත්මිය විසින් රචිත ’ඉවුරු ගඟ සිඳී ගියදා’ නව කතාවට හිමිව ඇත. 09 September 2021
රට 13 වැනිදා විවෘත කරනවාද නැද්ද තීරණය හෙට රට ලබන 13 වැනිදා නැවත විවෘත කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (10) පෙරවරුවේ රැස්වීමට නියමිතය. 09 September 2021
එන්නත් නොවිද කාඩ්පත් සලකුණු කරගත් 4 ක් අත්අඩංගුවට ගාල්ල සංඝමිත්තා විදුහලේ එන්නත් කිරිමේ මධ්‍යස්ථානයට පැමිණ එන්නත් ලබා නොගෙන කාඩ්පත් පමණක් ලකුණු කරගෙන පිටව යමින් සිටි කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙක් අද(09) දහවල් අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි . 09 September 2021
18,147 ක් එකවර සුවය ලබා යති කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 18,147 ක් සුවය ලබා අද (9) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 09 September 2021
නව මහවැලි කලාප දෙකක් නව මහවැලි කලාප දෙකක් ප්‍රකාශයට පත්කිරීමට වාරිමාර්ග අමාත්‍යංශය පියවර ගෙන ඇත. 09 September 2021
කෝටි ගණනක අලාභයක් ගැන දුම්රිය වෘත්තිය සමිති ජනපතිට ලියයි දුම්රිය දෙපාර්තමේන්තුව භාවිතයෙන් ඉවත් කල පරණ යකඩ මෙට්‍රික්ටොන් 3000 ක් හෙවත් කිලෝ ලක්ෂ 30 ක් රුපියල් කෝටි ගණනක අලාභයක් වන ආකාරයට විකිණීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් පිරිසක් උත්සාහ කරන බවට දුම්රිය වෘත්තීය සමිති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම්දී තිබේ. 09 September 2021
ස්විට්සර්ලන්තය සහ විදේශ සේවා නියුක්ති කාර්යංශය අතර ගිවිසුමක් ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ හා පවුල්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂාව සහතික කිරීම සඳහා වූ වැඩසටහන් මෙරට ක්‍රියාත්මක කිරීමේ අවබෝධතා ගිවිසුමක්, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා හා මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල ප්‍රධානි රාවුල් ඉම්බැච් මහතා (Raoul Imbach) අතර ගිවිසුමක් අස්සන් කරනු ලැබ ඇත. 09 September 2021
රට විවෘත කරන අයුරු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා කියයි කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම යම් පාලනයක් වු පසු රට දැඩි සෞඛ්‍යමය කොන්දේසි යටතේ විවෘත කිරීමට හැකි බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ලංකාදීපයට පවසයි. 09 September 2021
බේරුවල මත්කුඩු සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු කිලෝ 288 ක පුමාණයක් සමග සැකකරුවන් පස් දෙනෙකු බේරුවල මුහුදේ දී අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ ව පොලිසිය මගහරිමින් සිටි ප්‍රධාන සැකකරුවකු වන කළුදුර චමින්ද තාබ්‍රෙව් හෙවත් ’’බොබ්මාලි’’ (41) නැමැත්තා ඇල්පිටිය නගරයට ආසන්න නිවසක කැටපළ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද (9) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි . 09 September 2021
බහිරවයින් ගිල්ල ජන වසම ඉඩම් ගැන හොයන්න අධිබල කමිටුවක් ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් කොටස් 200කට අධික ප්‍රමාණයක් අයථා ලෙස බදු දීම සහ අනවසරයෙන් අල්ලා ගැනිමක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පූර්ණ බලැති කමිටුවක් පත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 09 September 2021
ගම්පහ මාර්ග 15ක් අලුත් වෙයි ගම්පහ නගරයේ සහ ඒ අවට රථවාහන තදබදය තිබෙන මාර්ග සියල්ලක්ම කඩිනමින් පුළුල් කරන්නැයි මහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේ ය. 09 September 2021
‘හරක් කටාගේ’ ගෝලයෙක් කොටවිලදී අල්ලයි හිටපු ප්‍රධාන පෙළේ පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සමීපතයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන අමිල ප්‍රසන්න හෙට්ටිහේවා හෙවත් ‘සන්ෂයින් සුද්දා’ නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකු ලෙස සැළකෙන නඳුන් චින්තක හෙවත් හරක් කටාගේ ගෝලයකු වැලිගම, උඩුකාව ප්‍රදේශයේදී කොටවිල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 09 September 2021
‘සහල් ව්‍යාපාරිකයින්ගේ අභියෝගවලට අපි ළඟ උත්තර තියෙනවා’ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් දිගින් දිගටම ආණ්ඩුවට අභියෝග කළ හොත් දැඩි පියවර ගැනීමට පසුබට නොවන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා අද (9) පෙරවරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 09 September 2021
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. 09 September 2021
ප්ලාස්ටික් නිෂ්පාදන 7ක් තහනම් කරමින් ගැසට්ටුවක් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග තවත් 7ක් තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 09 September 2021
කෝටි දෙකක අයිස් සමග තරුණයා දැලේ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සංචරණ සීමා උල්ලංගණය කරමින් ජාවාරම් කිරීම සඳහා රැගෙන යමින් සිටි තරුණයකු කැලණිය වණවාසළ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ 8 අත්අඩංගුවට ගෙන ඇත. 09 September 2021
ජනප්‍රිය ගායක නුවන් සහ ඔහුගේ පුත් ගයාන්ට කොරෝනා ජනප්‍රිය ගායක දෙපලක් වන නුවන් ගුණවර්ධන මහතාටත්, ඔහුගේ පුත් ගයාන් ගුණවර්ධනටත් කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. 09 September 2021
‘‘සංචාරකයන් සඳහා පැනවූ මාර්ගෝප දේශ ලිහිල් කරන්න‘‘ සංචාරකයින් සඳහා පවතින කොවිඩ් මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරන්නැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාර්ලි ප්‍රනාන්දු මහත්මිය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත. 09 September 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026