(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මන්ත්‍රීවරුන් 14 දෙනා අතර  විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේ දී  මේ වන විට පැවැත්වේ

වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙම හමුවේ දී සාකච්ඡා කරනු ඇතැයි දැනගන්නට ඇත.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස කටයුතු කළ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී ස්වාධීන කණ්ඩායමක් ලෙස වෙනම අසුන්  ගත්තේය.