IMG-LOGO

උද්ඝෝෂණය අස්සේ අනුරගේ වාහනයට නැග්ගේ කවුද

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ගමන් ගත් ඩබ්ල්  කැබ් රථයට උද්ඝෝෂණකරුවන් අතර සිට නැගි හෙල්මටයක් පැලඳ ගත් පුද්ගලයා කවුදැයි වහාම සොයා බලන්නැයි තමා කතානායකවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු  කවුද ඔහු බැස ගියේ කොහේදීද යන සියලු තොරතුරු සිසිටිවි කැමරා දර්ශන පරීක්ෂාකර සොයා ගන්නැයි ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා  ඉල්ලීමක් කළේය.



අදහස් (13)

උද්ඝෝෂණය අස්සේ අනුරගේ වාහනයට නැග්ගේ කවුද

Namal Wednesday, 06 April 2022 12:38 PM

ඊට වැඩිය වටින්නේ නැද්ද අපේ සල්ලි හොරා කාල රටපැන්න නිරුපමායි, සෙනදිපතියි කොහෙද ගියේ කියල.

:       0       0

hesa Wednesday, 06 April 2022 01:12 PM

මේ දකිද්දි හිතෙනවනෙ මේ සේරම අකුදි මූලිකව වෙන අරගල කියල.. එවෙලෙ කතා කරන්නෙ රටට අවංකයෙක්බව පෙන්වන්න එකත්, ඒ තතත්පර ගාන හරියටම වාහනයට ඒ තැනැත්තා නගින තුරු ඉන්නෙත්, හොඳ පුරුද්දකට කලාට, ඒ සැඟවුන අමුත්තා කැමරාවට හසුවන බව නොදැනෙන්නේ ගුරුන්ටත් අකුරු වරදින නිසයි....

:       0       0

mewan Wednesday, 06 April 2022 01:27 PM

තමන්ගේ ඇහේ තියන පොල් පරලේ පෙන්නේ නෑ, අනිකාගේ ඇහේ ඉදිකටු හොයන්න යනවා. ආයුද අරන් මුනවල් වහගෙන මොටෙර්සය්කල් වලින් අවේ මොකද දන්නේ නෑ.

:       0       0

වසන්ත Wednesday, 06 April 2022 02:05 PM

වාහනයට නගිනවා බහිනවා විතරක් හොයනවා... බඩුමිල නගින එකට පිළියමක් හොයපියව්... !

:       12       23

Rexi Wednesday, 06 April 2022 02:10 PM

එතකොට නිස්සංක රටින් කොහොමද ගියේ කියලා හොයන්නේ නැද්ද? තවත් වංචා නොකර ගෙදර...

:       16       31

sharm warn Wednesday, 06 April 2022 02:17 PM

අනුරගේ ආරක්ෂාව පිණිස ද හොයන්නේ? අර බිත්තර සේනාධිපතිත් පැනලා ගිහිල්ලනේ..., ගුවන් තොටුපළේ ආරක්ෂිත කැමරා එහෙම අවුල් කරලා තිබුණා කියන්නේ... ඒකත් හොයන්න කියන්නකෝ... මහ ලොකු හපනා නම්...

:       15       26

lakvidu Wednesday, 06 April 2022 02:45 PM

ඇයි අනුර කුමාරගෙන්ම අහන්නේ නැත්තේ...?

:       10       20

සෙනෙවිරත්න Wednesday, 06 April 2022 03:00 PM

ඒකට ඉතා සාර්ථක පිළිතුරක් දීලා තිබුණා. හෙල්මට් දාපු කෙනෙක් අනුර කුමාරගේ වාහනයට නගින්න බැහැ කියලා... ස්ථාවර නියෝගවල තිබෙනවද?

:       11       25

lakvidu Wednesday, 06 April 2022 04:26 PM

මම අදහස් කළේත් ඒකම තමයි. මේ මිනිස්සු මරන්න ගෙනියනකොට වධක බෙරෙත් හොරකම් කරන්න මාන බලන අය...

:       6       3

BamunuarachchiSunday, 10 April 2022 10:05 AM

හෙල්මට් දාගත්තේ මුහුණ පෙන්වන්න බය නිසානේද? ඔලුව කෝටුවක හකල තිබ්බම අපිට බලා ගන්න පුළුවන්.

:       0       0

SUNIL MILANO Wednesday, 06 April 2022 03:24 PM

ආරක්ෂාවට යන අය.. හෙල්මට් දාගෙන වාහනවල යනවා.. කියලා දැනගත්තේ අදයි. යන්නෙ කොහෙද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියනවා. මේ ජෙප්පො දන්නේ උත්තර මගහරින එක විතරයි...

:       13       15

සෙනෙවිරත්න Wednesday, 06 April 2022 05:22 PM

මොකට ගියත් ඒක ඒ අයගෙ වැඩක්, ඒකෙන් රටට වෙච්ච අයහපතක් වේ නම් එදාට ඒක හොයමු. ඒවගේද වංචාකාර නිරුපමා රටිින් පැනල, ඒකත් හොයමු.

:       0       0

BamunuarachchiSunday, 10 April 2022 10:07 AM

මොවුන් බුදිය ගන්නෙත් හෙල්මට් දාගෙන. මොකද ඔලුව කොටුවල ගහයි කියලා බයට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 978 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1355 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site