මනෝ විද්‍යා දේශනයට අවියක් ගෙනා දේශක මාට්ටු හාලිඇල දෙමළ මහ විදුහලේ සිසු දරුවන් වෙනුවෙන් පැවැති මනෝ විද්‍යා දේශනයකට වායු රයිෆලයක් හා වෝකි ටෝකි යන්ත්‍රයක් යොදාගත් බව කියන දේශකයකු සැකපිට අත් අඩංගුවට ගත් හාලිඇල පොලීසිය කියයි. 01 December 2021
තරුණ එක්දරු මව මරා ගසක එල්ලලා හිසට පහරදී එක්දරු මවක ඝාතනය කර සිරුර අසල්වැසි ඉඩමක පිහිටි ගසක එල්ලා තිබියදී සොයාගත් බව මිහින්තලේ පොලිසිය කියයි. 01 December 2021
පියාට පහරදුන් අජාසත්ත පුතා අත්අඩංගුවට දේපල ලියා දෙන්නැයි ඉල්ලා තම පියාට ඉතා අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කළ බව කියන පුතකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. 01 December 2021
වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක් වී අලෙවි මණ්ඩලයේ සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී නීල් ද අල්විස් මහතා පත් කරනු ලැබ තිබේ. 01 December 2021
සිරිපා කරුණාකරන්න එන්නත් කාඩ් රැගෙන එන්න නව වසරේ ශ්‍රි පාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් (18) ආරම්භ කරන බව ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරය සහ රත්නපුර පොත්ගුල් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ,රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක , උව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියෝ පැවසූහ. 01 December 2021
කලුතරත් ගෑස් ලිපක් පුපුරයි කළුතර දකුණ පොලිස් වසමේ , පලාතොට, තේක්කවත්ත, ප්‍රදේශයේ අද(01) ගෑස් පිපිරීමක් සිදුව ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි. 01 December 2021
‘‘කල්‍යාණී රන් පිවිසුමට සැලැස්මක්‘‘ කොළඹ ඉදිකළ නව කැලණි පාලමෙන් ‘කල්‍යාණී රන් පිවිසුම’ කොළඹට ඇතුල් වන ආකාරය සහ කොළඹින් පිටවන ආකාරය පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරිය සැළස්මක් ඉදිරිපත්කර තිබේ. 01 December 2021
නාවික හමුදාවෙන් පාසල් දරුවන්ට තෑග්ගක් දිවයිනේ පහසුකම් අඩු පාසල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට දිස්ත්‍රිකයේ දුෂ්කර පාසල් දෙකක් සංවර්ධන කර සිසු අයිතියට පත් කර ඇත. 01 December 2021
නිරෝධායනයට ඇවිත් ගුරු විද්‍යාල වැනසුවේ කවුද? කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගිය ගුරු විද්‍යා පීඨ කිහිපයක නේවාසිකාගාරයන්හි තිබූ සිසුන්ගේ පොත් පත්, ඇඳුම් පැළඳුම් මෙන්ම වටිනා උපකරණ ඒවායේ රැඳී සිටි පුද්ගලයන් විසින් විනාශ කර ඇති බවට එම සිසුහු චෝදනා කරති. 01 December 2021
‘මන්ත්‍රීවරුන්ට උසස් අධ්‍යාපනයට වරම් ඉල්ලයි‘ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්ව විද්‍යාලවලට, නීති විද්‍යාලයට ඇතුළත්වීමට අවස්ථාව උදාකර දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් තමා ඉල්ලීමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී (1) පැවැසීය 01 December 2021
තලවාකැලේ නිවසකත් ගෑස් ලිපක් පුපුරයි තලවකැලේ දුම්රිය පොල මාර්ගයේ පිහිටි නිවසක මුළුතැන්ගෙහි තිබු ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගැස් නලය සහ ගැස් උදුන අද (01) පුපුරාගොස් ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය. 01 December 2021
‘ස්ලිට්‘ ආයතනය ගැන කෝප්, විගණන වාර්තා වැරදියි මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ( ස්ලිට්) පිළිබඳ කෝප් වාර්තාව මෙන්ම විගණන වාර්තාව සම්පූර්ණයෙන්ම වැරදි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස් බී දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවැසීය. 01 December 2021
’’චිචී’’ එල්.පී.එල්. පිටියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල පිලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්, ජාතික රග්බි පිල නියෝජනය කළ රෝහිත රාජපක්ෂ ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියි. 01 December 2021
තෙවන සිල්පදය කඩා ලෙඩ වූවන් වැඩිවෙයි ඉකුත් 2020 වසරේදී මෙරටින් නව ඒඩ්ස් ආසාදිතයින් 363ක් වාර්තා වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. 01 December 2021
කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී පෙදරේරුවකු මරුට බණ්ඩාරගම මස්විල ප්‍රදේශයේ නිවසක් නවීකරණය කරමින් සිටියදී කොන්ක්‍රීට් කණුවක් හිස මත වැටීමෙන් ප්‍රධාන පෙදරේරුවා මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි 01 December 2021
කොටි වළදැමූ රන් ගන්න ගිය ඇමැති ලේකම්වරු ගැන පරික්ෂණයක් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්තරන් තොගයක් ගොඩගැනීමට උත්සහ කළ ඇමැති ලේකම්වරුන් දෙදෙනක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. 01 December 2021
පාසල් පහසුකම් ගාස්තුවලට ඇමති මැදිහත්වෙයි පාසල්වල පහසුකම් හා සේවා ගාස්තු අය කිරීම නැවැත්වීම සම්බන්ධයෙන් තමා මැදිහත් වන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවැසීය. 01 December 2021
’’ස්ලිට්’’ නඩුව අගවිනිසුරු නැතිව විභාගයට මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය හා මහපොළ භාරකාර අරමුදල යටතට පත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කර තිබෙන පෙත්සම අගවිනිසුරුවරයා නොමැති විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සඳහා මාර්තු මස 21 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. 01 December 2021
උද්ධමනය තවත් ඉහළට නොවැම්බර් මාසයේ දී මෙරට උද්ධමනය සියයට 2.3කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 01 December 2021
ශානිට එරෙහි නඩුව දිගටම අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනාව සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනාට විරුද්ධව ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද තීන්දු කළේය . 01 December 2021
සංයුතිය වෙනස් වුණත් හිටි අඩියේ ගෑස් ටැංකි පිපිරීම ඉතා අල්පයි ගෑස් ටැංකියක අඩංගු ප්‍රොපේන් සහ බියුටේන් යන සංයෝගවල සංයුතිය වෙනස් වූ පමණින් එය ස්වාභාවිකව පිපිරී යාමට ඇති ඉඩකඩ ඉතා අඩුබව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය එස්.ඩී.එම්. චින්තක මහතා පවසයි. 01 December 2021
ඩී.ජේ පාටියට මරුවාත් ඇවිත් මැල්සිරිපුර නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති මත්පැන් සාදයකට සහභාගී වූ 21 හැවිරිදි තරුණයකු හෝටලය තුළ පිහිටි පිහිණුම් තටාකයට වැටී මියගොස් සිටි බව ගොකරැල්ල පොලිසිය පවසයි. 01 December 2021
ලලිත් වර්ණකුමාර මැතිසබයේදී දිවුරුම් දෙයි මහින්ද සමරසිංහ මහතා ඉවත්වීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා පත් කෙරුණු හිටපු පළාත් සභා මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතා කතානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 01 December 2021
‘‘සපුගස්කන්දේ වැඩ ළඟදීම පටන් ගන්නවා‘‘ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නුදුරේදීම විවෘත කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවැසීය. 01 December 2021
දිඹුල වතුයායේ නිවසක ගෑස් නලයක් පුපුරයි හැටන් දිඹුල පතන පොලිස් වසමට අයත් පොඩ්ලි වතු යායේ වතු නිවාසයක මුළුතැන්ගෙහි තිබු ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගැස් නලය සහ රෙගුලේටරය පුපුරාගොස් ඇති බව දිඹුල පොලිසිය පැවසිය. 01 December 2021
විපක්ෂය බෙදී සිටීම ජනතාවට අවාසියක් ආර්ථික හා සමාජමය වශයෙන් ජනතාව පීඩාවට පත් කරන වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව පළවා හැරීමට නම් විපක්ෂයේ සියළු කණ්ඩායම් එකම වේදිකාවකට පැමිණිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සදහන් කළේය. 01 December 2021
තිහාරියේ නිවසක ගෑස් ලිපක් පුපුරයි තිහාරිය මල්වත්ත ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් පුපුරා ගොස් සුළු අලාභ හානියක් සිදු වී ඇති බව නිට්ටඹුව පොලීසිය පවසයි. 01 December 2021
වැලිගම නිවෙසක ගින්නකින් අට හැවිරිදි දැරියක මරුට වැලිගම වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රී ඇති වූ ගින්නකින් අට හැවිරිදි දැරියක මියගොස් ඇතැයි වැලිගම පොලිසිය කියයි. 01 December 2021
අද වහින පළාත් මෙන්න සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ, සහ ඌව පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 December 2021
ඇමෙරිකාවේ සිසුවකුගේ වෙඩි ප්‍රහාරයකින් සිසුහු තුනක් මරුට ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ ඔක්ස්ෆර්ඩ් හි ඔක්ස්ෆර්ඩ් උසස් පාසලේ සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් තිදෙනකු මිය ගිය බව බලධාරීහු පවසති. 01 December 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026