මස්කෙළිය නගරයෙන් කොරෝනා පුංචි පොකුරක් මස්කෙලිය නගරයේදි අහඹු ලෙස සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකින් අසාදිතයන් 17 දෙනකු හදුනාගත් බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පවසයි. 08 October 2021
මෙරට පළමු ටෙස්ට් නායක රෝහලේ ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා මෙන්ම බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ වර්තමාන සභාපතිවරයා ද වන බන්දුල වර්ණපුර මහතාගේ වම් කකුලේ දණහිසට පහළින් ඉවත්කිරීම නිසා දැඩි අසාධ්‍ය තත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. 08 October 2021
පාරිභෝගික හිටපු අධ්යක්ෂ සී.අයි.ඩීයට පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) මේ වන විට ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 08 October 2021
පළාත් අතර සංචරණ සීමා 21 තෙක්ම පළාත් අතර සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට කොවිඩ් මර්දන කමිටුව අද තීරණය කළේය. 08 October 2021
එතෙර ශ්‍රමිකයන්ට මුදල් එවන්න මොබයිල් ඇප් එකක් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් සහ මුදල් එවන ක්‍රමවේද වැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන් නව ජංගම දුරකතන මෘදුකාංගයක් (මොබයිල් ඇප්ලිකේෂන්) හඳුන්වා දී ඇත. 08 October 2021
18 -19 දරුවන්ට ෆයිසර් 21 සිට වයස අවුරුදු 18 , 19 සිසුන් සඳහා ෆයිසර් එන්නත පාසල්වලදීම ලබන 21 වෙනිදා සිට ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 08 October 2021
කිරිපිටි කිලෝවක් 355කින් ඉහළට කිරිපිටි කිලෝවක් රුපියල් 1300 ක සහ ග්‍රෑම් 400 ක් රුපියල් 520 ක් දක්වා උපරිම සිල්ලර මිල ඉහළ දමන බවත් මෙම උපරිම මිල තව දුරටත් ඉහළ නොයන බවත් කිරිපිටි ආනයනයකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා පැවසීය. 08 October 2021
පරිසර හිතකාමී වාහන ආනයනයට පියවර රටේ වායු දූෂණය අවම කිරීමේ පියවරක් ලෙස විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 08 October 2021
වත්ත අයිනට චූ කළැයි දරුවන් දෙදෙනකු දණ ගස්සලා මීරිගම නාල්ලේ පෙරකදෝරු වත්ත අයිනේ මුත්‍රා කළ බව කියන 13 හැවිරිදි දරුවන් දෙදෙනකුට පහරදී ඇදගෙන ගොස් පහරදී පැය භාගයක් දැණගස්වා සිටි බව කියන සිද්ධියක් මීරිගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 08 October 2021
ඛනිජ තෙල් පනතට කතානායක අත්සන් තබයි ඛනිජ සම්පත් පනත් කෙටුම්පතේ අත්සන සහතික කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දුන්නේය. 08 October 2021
පාසල් කටයුතු නොවැම්බරයේ සිට පාසල්වල සියලු ශ්‍රේණි ලබන නොවැම්බර් මාසය වනවිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විවෘත විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 October 2021
තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන් වූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම් සභාවට අද පෙරවරුවේ පැමිණියේය. 08 October 2021
සජබෙන් ඉවත් කිරීම ’’ජෝක්’’එකක් තමා සමගි ජන ජනබලවේගයෙන් ඉවත් කරනවා යැයි කීම’’ ජෝක් ’’ එකක් යැයි පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 08 October 2021
මිරිහානේ රඳවා සිටින නයිජීරුවන් පිටුවහල් කරන්නැයි නියෝග අන්තර්ජාල වංචා චෝදනා මත මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින සියලුම නයිජීරියා ජාතිකයින් 44 මෙරටින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් මේවන විට නීතිපති දෙපාර්තුමේන්තුව සමග සාකච්ඡා කරමින් සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 08 October 2021
පොලිසියේ 225ක් ඉහළ නිලයට ප්‍රධාන පොලිස් පරීෂකරුවන් 225 දෙනකු සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කිරීමට රජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිර්දේශ කරනු ලැබ ඇත. 08 October 2021
සුදු ලූනු ගණුදෙනුවේ රහස් අධිකරණයේදී එළියට සුදුලූනු ටෙන්ඩරය පාස් කර ගැනීම සඳහා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයා විසින් ලංකා සතොස ආයතනයේ එක්තරා නිලධාරියකුට රුපියල් දහසය ලක්ෂ හතලිස් පන්දහසක කොමිස් මුදලක් ගෙවනු ලැබූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා ඉදිරියේ අද කරුණු වාර්තා කළේය. 07 October 2021
ආණ්ඩුවේ පක්ෂ 11ක් ජනපතිගෙන් කඩිනම් සාකච්ඡාවක් ඉල්ලයි කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉක්මනින් සාකච්ඡාවක් ලබා දෙන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොළහක නායකයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද ලිපියක් බාර දුන්හ . 07 October 2021
තේ නිෂ්පාදනය සඳහා රසායනික පොහොර යෙදීමට අවසර තේ නිෂ්පාදනය සඳහා රසායනික පොහොර භාවිතා කිරීමට අවසර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 07 October 2021
කිරිපිටි,ගෑස්,තිරිඟුපිටි සහ සිමෙන්ති පාලන මිල ඉවතට කිරිපිටි ,ගෑස් ,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07)රාත්‍රී පැවැති ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමේදී තීරණය කර ඇත. 07 October 2021
ඩයනා ගමගේ සජබෙන් නෙරපයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සමගි ජනබලවේගයේ සාමාජිකත්වයෙන් ඉවත්කිරීමට තීරණය කළ බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. 07 October 2021
18 පිරුණු ගමන් ඡන්ද අයිතිය දෙන්න පනතක් වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සැණින් තරුණ තරුණියන්ට ඡන්ද අයිතිය ලබා දීම සඳහා ඡන්ද ලැයිස්තු මාස 04කට වරක් සකස් කිරිම සඳහා ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සකස් කළ බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 07 October 2021
කොරෝනාවෙන් රැකියා අහිමි වූවන්ට අරමුදලක් කොරෝනා ආදී උවදුරු නිසා රැකියා අහිමි වන පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට සහන සැලසීමට සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටුවන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය. 07 October 2021
කජු ඇනවුම් කරන්න වෙබ් අඩවියක් ශ්‍රී ලංකා කජු සංස්ථාවේ නිල වෙබ් අඩවිය වන www.cashew.lkට පිවිස ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයටකට සිටින පුද්ගලයකුට අන්තර්ජාලය ඔස්සේ කජු ඇනවුම් කර ලබාගත හැකි බව වැවිලි බෝග රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. 07 October 2021
“කිරිපිටි ඇතුළු සියලු බහාලුම් නිදහස් කර අවසන්’’ කොළඹ වරායේ සිරවී තිබූ කිරිපිටි ඇතුළු සියලු බහාලුම් නිදහස් කර අවසන් බව මහ බැංකු අධිපති අ ජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (07) පැවසීය. 07 October 2021
කොරෝනා මාරයට අදත් 44ක් බිලි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 44 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය. 07 October 2021
කොවිඩ් ආසාදිතයන් 638ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 638 දෙනකු අද (7) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 07 October 2021
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ - වෘත්තීය සමිති සාකච්ඡාවක් යුගදනවි බලාගාරයේ සියයට හතළිහක කොටස් ඇමෙරිකානු සමාගමකට දීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් සහ විදුලි බල ,ඛනිජ තෙල් හා වරාය වෘතීය සමිති කීපයක් අතර සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරුවේ පැවැත්විණි . 07 October 2021
අයවැය විසර්ජන පනත් කෙටුම්පත මැතිසබයට ලබන වර්ෂය සඳහාවන අයවැය විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (7) පෙරවරුවේ ඉදිරිපත් කරනු ලැබීය. 07 October 2021
මෙතෙර බලන්න එතෙරින් 13,000 සැප්තැම්බරයේ ඇවිත් විදෙස් සංචාරකයන් 13,547 ක් පසුගිය සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී. 07 October 2021
පොස්පේට් බෙදන්න රාජ්‍ය පොහොර සමාගම් දෙකට බලය පොස්පේට් පොහොර බෙදා හැරිමේ නිල ඒජන්තවරුන් ලෙස රාජ්‍ය පොහොර සමාගම් දෙක යොදා ගෙන ගොවි ජනතාවට සාධාරණ මිලකට පොහොර ලබාදිමේ වැඩසටහනක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොස්පේට් පොහොර නිෂ්පාදන සමාගමේ කළමනාකාරීත්වයට අද (07) උපදෙස් දුන්නේය. 07 October 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026