අරාබි ස්වදේශ ඇමැති අපේ සම්පත් අගයයි ශ්‍රී ලංකාවේ ජල සම්පත සුවිශේෂ බවත්, එය ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඉතාම වැදගත් බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍ය අහමඩ් අලිසයික් මහතා ඩුබායිහිදී අද (03)පැවසීය. 03 January 2022
කොටස් වෙළෙඳපොළ වාර්තාගත දිනක වර්ධනයක් කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (3) දිනයේ ඒකක 399.81 කින් ඉහළ යමින් ඉතිහාසයේ දිනකදී වර්ධනය වූ වැඩිම ඒකක සංඛ්‍යාව වාර්තා කළේය. 03 January 2022
ජල ගාස්තු වට්ටම අත්හිටුවයි ජල ඒකක 25 ට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ට ලබාදුන් සියයට 10 ක වට්ටම මෙම මස (ජනවාරි) සිට අත්හිටුවා ඇතැයි ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 03 January 2022
ඉම්රාන් ඛාන්ගේ පරණ බිරිඳගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳක වන රිහාම් ඛාන් ගමන් කරමින් සිටි ඇගේ මෝටර් රථයට යතුරු පැදිවලින් පැමිණි පුද්ගලයන් පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇත. 03 January 2022
එජාපය නව වසරේ වැඩ අල්ලයි එක්සත් ජාතික පක්ෂය නව වසරේ වැඩ ඇරැඹීම පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (3) සිදු කෙරිණි. 03 January 2022
‘නව පනතක් ගේනකල් පළාත් මැතිවරණය නැහැ‘ නව පනතක් ගෙන එනතුරු පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 03 January 2022
දෙහිවල මුහුදේදී කිමිදුම්කරුවෙක් කිඹුලකුට බිලි දෙහිවල දුම්රියපොළ පිටුපස ගොඩගල අසල මුහුදු තීරයේදී කිඹුලකු විසින් පහරදීමක් නිසා කිමිදුම්කරුවකු අද (3) උදෑසන අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළ පසු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි . 03 January 2022
‘කාබනික වගාවෙන් අස්වැන්න අඩු වුණොත් වන්දි‘ වගා හානි වන්දි ලබා දෙන්නේ රජයෙන් දුන් කාබනික පොහොර භාවිත කිරීමෙන් අස්වැන්නේ යම් අඩුවක් වී තිබෙන බව පරික්ෂණවලදී ඔප්පු වුවහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (3)පැවසීය. 03 January 2022
ආරක්ෂකයා අත වූ ගිනි අවිය ඉබේ පත්තුවෙයි නාරම්මල රාජ්‍ය බැංකුවක ආරක්ෂක නිලධාරියකු අත තිබූ ගිනි අවියක් ඉබේ පත්තු වී බැංකු කවුන්ටරයේ සේවය කළ සේවිකාවක තුවාල ලබා ඇතැයි නාරම්මල පොලිසිය කියයි. 03 January 2022
පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 4ක් විවෘත කරයි පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10න් 04 ක් අඩිය බැගින් විවෘතකර අතිරික්ත ජලය පිටතට මුදාහැරීමට අද (03)පෙරවරුවේ පියවර ගත්බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. 03 January 2022
අපොස සිසුන් 260කගේ ප්‍රතිඵල වෙනස් වෙයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කළ පසුව සිසුන් 260 දෙනකුගේ සමාර්ථ වෙනස් වූ බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි. 03 January 2022
එජාප නි.නායක මී මුණුපුරු රුවන් විජයවර්ධනගෙන් එෆ්.ආර්. පිළිරුවට පුෂ්පෝපහාර නිදහස් සටනේ පුරෝගාමියකු වූ එෆ්. ආර් සේනානායක මහතාගේ 96 වන ගුණ සමරු උත්සවය කොළඹ එෆ්.ආර් සේනානායක පිළිරුව අසලදී පැවැත්විණි. 03 January 2022
යුද හමුදා මුලස්ථානය නව වසරේ වැඩ අරඹයි 2022 වසරේ සමාආරම්භ සනිටුහන් කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ගේ ප්‍රධානාත්වයෙන් බත්තරමුල්ල අකුරේගොඩ පිහිටි යුද හමුදා මුලස්ථානයේ දී අද (3) පෙරවරුවේ සියලු රාජකාරි ආරම්භ විය. 03 January 2022
‘වහාම පාර්ලිමේන්තුව කැඳවා රටේ ප්‍රශ්න විසදන්න‘ රට පත්ව ඇති ආර්ථික හා දේශපාලන අර්බුදයට විසදුම් සෙවීම සදහා වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය. 03 January 2022
‘ඩිජිටල් හැදුනුම්පතක් අද සිට’ තරුණ තරුණියන්ගේ නිපුණතාවයන්, අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් ඇතුළු දත්ත රැසක් ඇතුළත් දත්ත බැංකුවක් ලෙස ප්‍රයෝජනයට ගතහැකි ‘ඩිජිටල් හැදුනුම්පතක්’ අද (3) හදුන්වා දෙන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ මහතා පැවසීය 03 January 2022
‘‘ එන්නත් ගත්තොත් ඔමික්‍රොන් රැල්ලකට ඉඩක් නෑ‘‘ රටේ ඔමික්‍රොන් රැල්ලක් ආකාරයට පැතිරෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 03 January 2022
රන්ජන්ගේ සුවදුක් බලන්න සජිත් යයි සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(03) වැලිකඩ බන්ධනාගාරයට ගියේය. 03 January 2022
බිරිය ලෙස රඟ පා මියගිය බෑනාගේ වැටුපට විදලා මියගිය බෑනාගේ වසර 10 කට ආසන්න කාලයක රුපියල් ලක්ෂ 25 ක පමණ වන විශ්‍රාම වැටුප නීති විරෝධී ලෙස ලබාගත් නැන්දාඅම්මා සහ ඒ සඳහා ආධාර සහ අනුබල දුන් ග්රාමනිලධාරියා නිදහස් කිරීමට කටයුතු කළ දෙහිවල ප්‍රාදේශීය ලේකම්වරයා සහ ගණකාධිකාරිවරයෙක් ඇතුළු නිලධාරීන් කීපදෙනෙක් සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ විමර්ශනයක් ආරම්භ කර තිබේ. 03 January 2022
රාජ්‍ය සේවය සාමාන්‍ය කරණයට කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවයේ අවම සේවකයින් පිරිසක් සේවයට කැඳවීම සඳහා වු චක්‍රලේඛය අවලංගු කරමින් සියලුම රාජ්‍ය සේවකයින් සේවයට කැදවීම අද(03) සිට ආරම්භ කෙරිණි. 03 January 2022
උත්සව සමයේ නුවරඑළිය සරු වෙයි උත්සව සමයේදී දෙස් විදෙස් සංචාරකයන් වාර්තාගත පිරිසක් නුවරඑළියට පැමිණීම නිසා එහි ලොකු කුඩා හෝටල් හිමියන්ගේ සහ වෙළෙදුන්ගේ අතමිට මෙවර අන් කවරදාකටත් වඩා සරුවූ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ලංකාදීපයට පැවැසීය. 03 January 2022
ගෑස් පොලිම් අවසන් කරන හැටි වැගපිටිය කියයි ගෑස් බෙදාහැරීමට අවශ්‍ය යටිතල පහසුකම් ලාෆ් ගෑස් සමාගම සතුව පවතින බවත් නියමිත පරිදි ණයවර ලිපි විවෘත කර දෙන්නේ නම් සති දෙකක් තුළ ශ්‍රී ලංකාවටම ගෑස් සැපයිය හැකි බවත් ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා අද (3) පැවසීය. 03 January 2022
‘වගකීම භාරගෙන ඉල්ලා අස්වෙන්න‘ රටට සිදුකළ විනාශයේ සාමූහිකත්ව වගකීම භාරගෙන ඉල්ලා අස්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජික් ප්‍රේමදාස මහතා පැවසීය. 03 January 2022
නුවරඑළිය ගොවීන්ගෙන් රතු එළියක් පොහොර, බීජ ඇතුළු අවශ්‍ය ද්‍රව්‍ය නිසි වෙලාවට නොලැබුණහොත් එලවලු වගාව තවදුරටත් අඩපණවීමෙන් ලබන අප්‍රේල් මැයි වනවිට රටේ මෙයට වඩා දැවැන්ත එළවළු හිඟයක් ඇතිවනු ඇතැයි නුවරඑළිය සහ ඒ අවට ප්‍රදේශවල මහ පරිමාණ හා සුළු පරිමාණ එළවළු ගොවීහු පවසති. 03 January 2022
රිය අනතුරුවලින් පුද්ගලයන් 15 ක් මරුට දිවයින පුරා ඊයේ (2 ) රිය අනතුරුවලින් පුද්ගලයන් 15 ක් ගොස් ඇතැයි පොලිසිය කියයි. 03 January 2022
බෑනලාගෙන් පහරකා දෙදෙනෙක් මරුට පදවිය සහ වාරියපෙළ ප්‍රදේශවල දී බෑනලාගේ පහර කෑමට ලක්ව නැන්දනියක සහ මාමණ්ඩියක මරුමුවට පත්ව ඇතැයි වාර්තා වෙයි 03 January 2022
බිත්තර මිල පහළට දෙසැම්බර් මස මැද භාගයේදී රුපියල් 30 ඉක්මවා ගිය බිත්තරයක මිල මේ වන විට තරමක් පහත වැටී ඇති බව වෙළෙන්දෝ පවසති. 03 January 2022
මිනුවන්ගොඩ පෙරපාසල් ගුරුවරියකට ඔමික්‍රොන් මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියකට කෝවිඩ් ඔමික්‍රෝන් වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවැසීය. 03 January 2022
ඔමික්‍රොන් වේගවත් වුවත් මරණවල අඩුවක් ඔමික්‍රොන් රැල්ල ඉතා වේගයෙන් පැතිර යන අතර ආසාදිතයන් වැඩි වුවත් මරණ සියයට නවයකින් පමණ අඩු වී ඇතැයි කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සකසා ඇති වාර්තාවකින් දැක්වෙයි. 03 January 2022
දරුවන්ට දස වද දුන් පියා අත්අඩංගුවට සිය වයස අවුරුදු 6 ක පුතා සහ අවුරුදු 7 ක දියණිය ගසක බැද ඇගේ මිරිස් තවරා අමානුෂික ලෙස වද හිංසා පැමිණ වු සැකකාර පියෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසිය කියයි. 03 January 2022
’’මම අගමැතිකම දාලා යන්නේ නැහැ’’ අගමැති ධූරයෙන් විශ්‍රාම යෑමට තමාට අවශ්‍යතාවක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. 03 January 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026