ශිෂ්‍යත්වය, උසස් පෙළ කල් යයි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය යළි කල්දැමීමට සිදුවන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය. 07 October 2021
සුරාසල් ආගමික ස්ථාන සහ පාසල්වලින් ඈතට බලපත්‍රලාභී සුරාබදු සැල් ආගමික සිද්ධස්ථාන සහ පාසල් වලින් මීටර් 100 ක් දුරින් පවත්වා ගෙන යා යුතු බව අභියාචනාධිකරණය රිට් පෙත්සමක නඩු තීන්දුවක් අද (07) ප්‍රකාශයට පත් කරමින් සදහන් කළේය. 07 October 2021
තවත් ගැසට්ටුවක් මුද්‍රණයට යවයි රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත අද (07)යැවූ බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීප ට පැවසීය . 07 October 2021
ඇමති වාසු වැඩවර්ජනයකට අතවනයි රුපියල් දහසේ දෛනික දීමනාව ඇතුළු වතු කම්කරුවන්ගේ වෘත්තිය ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම සඳහා වැඩ වර්ජනයකට සුදානම් වන්නැයි වතු වෘත්තීය සමිතිවලට පණිවුඩයක් යැවූ බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය. 07 October 2021
‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක් කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අත්අඩංගුවට ගන්නැයි හාබර් මාස්ටර්වරයාට නියොගයක් නිකුත් කළ කොළඹ වානිජ මහාධිකරණ නැව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ද නිකුත් කළේය. 07 October 2021
මිතුරා මැරුවැයි විත්තිකරු පෝරකයට කඩවත කිරිමැටියාගාර ප්‍රදේශයේ බේකරියක් තුළදී මිතුරාගේ ඇඟට පැට්ට්‍රල් දමා ගිනි තබා ඝාතනය කළැයි කියන චෝදනාවට වැරදි කරු වූ චූදිතයකුට ගම්පහ අංක (01) මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මරණීය දණ්ඩනය නියම කළේය . 07 October 2021
ආයෝජන මණ්ඩලය රැකගන්න ජනපතිට ලිපියක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වර්තමාන පාලන අධිකාරිය එහි මූල්‍ය ශක්තිය විනාශකරමින් ආයතනය දියකර හරිමින් සිටීම නිසා එය රැකගැනීමට ආයෝජන මණ්ඩලයේ කටයුතු සඳහා පෞද්ගලිකව මැදිහත් වන ලෙස වෘත්තීය සමිති හයක් ඒකාබද්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ. 07 October 2021
බැනරයේ ආරවුල මරණයෙන් කෙළවරවෙයි රත්නපුර වෙරළු ගල්ඇන්ද ප්‍රදේශයේ පහරදීමකින් මරණයට පත් තරුණයෙකුගේ අවසන් කටයුතු පිළිබදව බැනරයක් සවිකිරීමක යෙදුණු තරුණයන් කීපදෙනෙක් සහ තවත් පිරිසක් අතර ඇතිවූ ආරවුලකදී ආයුධයකින් කළ පහරදීමකින් පසුව රෝහල්ගතකළ සිව්දෙනෙකුගෙන් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතිබව පොලිසිය පවසයි. 07 October 2021
‘‘තේ වලට කාබනික පොහොර ගැලපෙන්නේ නෑ‘‘ කාබනික පොහොර ප්රශ්නය නිසා වතුකරයේ නොසන්සුන් තත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය. 07 October 2021
සෞඛ්‍ය නඟාසිටුවන්න කෝටි 2200 ක ණයක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අතිරේක මූල්‍ය සම්පාදනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 110 ක් හෙවත් රුපියල් කෝටි 2200 ක් ණයක් ලබාගැනීමට රජය තීරණය කර තිබේ. 07 October 2021
‘‘පළමුව උසස් පෙළ - ශිෂ්‍යත්ව දරුවන්ට මූලිකත්වය දෙන්න‘‘ පාසල් නැවත විවෘත කළ පසු අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට ප්‍රමුඛත්වය දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය. 07 October 2021
කටුනායක ගුවන්තොටේ මෙහෙයුම් ඩිජිටල්කරණයට කටුනායක ගුවන් මගී මෙහෙයුම් ඩිජිටල්කරණයට ලක් කරමින් ගුවන් යානා නැවැත්වීමේ හැකියාව දෙගුණයක් කරන බව ගුවන් සේවා හා ආයෝජන කලාප රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අද (07) පැවසීය. 07 October 2021
පරිසර ඇමැතිට කලාපීය තනතුරක් එක්සත් ජාතින්ගේ පරිසර වැඩ සටහනෙහි ආසියා පැසිපික් කලාපයේ සාමාජික රටවල පරිසර අමාත්‍යවරුන්ගේ ගේ 04 වන සැසිවාරයේ උප සභාපති ධුරය සඳහා පරිසර අමාතය මහින්ද අමරවීර මහතා අද දින පත් කර ඇත. 07 October 2021
ග්‍රාමනිලධාරී ඝාතනයේ සී.සී.ටී.වී එළියට අඹන්පොළ ග්‍රාමනිලධාරී කේ. පී. සපුකුමාර මහතා කපා කොටා ඝාතනය කළ සිද්ධියට අදාළ සී සී ටී වී දර්ශන අද (07) පිටවී තිබේ. 07 October 2021
නිරූපමාට - සැමියාට එරෙහිව සජබෙන් පැමිණිල්ලක් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී නිරූපමා රාජපක්ෂ මහත්මිය සහ තිරුකුමාර් නඬේසන් මහතා සිදුකරනු ලැබූ ගණුදෙනු පිළිබඳ පැන්ඩොරා පත්‍රිකා මගින් හෙළිදරව් වූ ආන්දෝලාත්මක කරුණුු සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 07 October 2021
“මෙවර අයවැයෙන් පොඩි මිනිහාට සහන‘‘ අඩු ආදායම්ලාභී ජනතාවට සහන ගෙනෙන අයවැයක් මෙවර මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා කොළඹදී පැවසීය. 07 October 2021
එ.ජා.ප.යට නවක මුහුණු පුහුණු කරයි එක්සත් ජාතික පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට එන තරුණ තරුණියන්ට දේශපාලන පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව සැලසීමට එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. 07 October 2021
කොරෝනාවෙන් විදුලි බලයත් හාන්සියි රටපුරා විදුලි පාරිභෝගිකයන් විදුලිය පාවිච්චිය වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි හාර දහස් හාරසීයක පමණ මුදලක් පසුගිය කොවිඩ් සමයේදී ගෙවීම පැහැර හැර ඇතැයි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය. 07 October 2021
2020 සාපෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ඔන්ලයින් පමණයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 07 October 2021
උසස් පෙළ සහ ශිෂ්‍යත්වය විභාග කල්යන හැඩ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව යන විභාග දෙකම කල්දැමීමට සිදුවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 07 October 2021
යකඩ යකා 15 සිට සාමාන්‍ය සේවයට සෞඛ්‍ය උපදෙස් මත දැනට තාවකාලිකව නතර කර ඇති සියළුම දුම්රියන් මේ මස (15) දින සිට ධාවනයට එක් කරන බව දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි. 07 October 2021
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියෝ තිදෙනෙක් එකවර උසස්වීම් ලබති ජේෂ්ඨ පොලිස් අධිකාරිවරියන් තිදෙනකු නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 07 October 2021
ගම්මුලාදෑනි ඝාතනයට රට පුරා විරෝධයක් අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු ග්‍රාම නිලධාරී එස්.එම්.කේ.පී සපු කුමාර මහතා රාජකාරියට යන අවස්ථාවේ දී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් දිවයිනපුරා ග්‍රාම සේවා නිලධාරීහු අද පෙරවරුවේ නිහඬ උද්ඝෝෂණයක නිතර වූහ. 07 October 2021
එක්සත් ජනපද නව තානාපතිට එරට මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇමෙරිකා එක්සත් ජනපදයේ, නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වු, මහින්ද සමරසිංහ මහතා, එරටදී මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. 07 October 2021
අපේ ආර්ථිකයේ වර්ධනයක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසරේ දී සියයට 3.3ක අගයකින් වර්ධය වනු ඇතැයි ලෝක බැංකුව අනාවැකි පළ කරයි. 07 October 2021
කැබ්රියැදුරා ජීවිතයක් උදුරා ගනී කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේදි කැබ්රියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටිමෙන් තිදරු මවක මියගොස් තවත් තිදෙනකු බරපතල තුවාල ලබා රොහල් ගතකර ඇතැයි තිහගොඩ පොලිසිය පවසයි. 07 October 2021
යාචකයන්ට තහන්චියක් දරුවන් යොදා ගනිමින් යාචක වෘත්තියේ නිරතවන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය. 07 October 2021
අඟුණකොලේදී ජෙලර් ගාඩ්ලාට පහරදෙයි අඟුණකොලපෑලැස්ස ප්‍රාදේශිය සභාවේ සභිකයකු බව කියන පුද්ලයකු ඇතුලු පිරිසක ගේ පහරකෑමට ලක් වූ අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි අඟුණකොලපෑලැස්ස පොලිසිය කියයි. 07 October 2021
ඇමැති නාමල් රාජපක්ෂට තවත් තනතුරක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස ඊයේ (6) පත් කරනු ලැබීය. 07 October 2021
ඉන්ධනහල් සේවකයා උස්සා පොළොවේ ගැසූ දෙන්නා අල්ලයි මුව ආවරණයක් නැතිව ඉන්ධන ලබා ගැනීමට මීගොඩ ඉන්ධන පිරවුම්හලකට ආ යතුරු පැදිකරුවෙකුට දුරස්ථභාවය තබාගෙන සිටින ලෙස ඉන්ධන හල් සේවකයාට පහරදුන් බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 07 October 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026