IMG-LOGO

‘ගාලුමුවදොර කළහකාරී තත්ත්වය ගැන පරීක්ෂණයක් ඉල්ලයි‘

(නිමන්ති රණසිංහ)

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමාකාමී විරෝධතා ව්‍යාපාරවලට මෙන්ම කොළඹ ඇතු`ථ දිවයිනේ සියලුම ප්‍රදේශවල සිදුවූ පහරදීම් සහ කලහකාරී සිදුවීම් සමබන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසට නිතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට අද (10) දැනුම් දෙනු ලැබ ඇත.

ඒ අනුව සියලු සිදුවීම් සම්බන්ධයෙන් වාර්තා ලබාගැනීමෙන් පසු මෙම පරීක්ෂණය සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද නිතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

ඒ අනුව, අග්‍රාමාත්‍යවරයාට සහාය පලකිරීම සඳහා අරලියගහ මන්දිරයට සහ ගාලු මුවදොර පිටියට පැමිණී පිරිසක් පසුව එහි කුඩාරම්වල රැදීසිටි විරෝධතාකරුවන්ට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් එම ස්ථානයේ තිබූ දේපළවලට හානි කර එම පිරිසට පහර දී පොලිස් අණ නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් කඩිනමන් විමර්ශනයක් ආරම්භ කිරීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇතැයි ද පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.



අදහස් (0)

‘ගාලුමුවදොර කළහකාරී තත්ත්වය ගැන පරීක්ෂණයක් ඉල්ලයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 571 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1002 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site