IMG-LOGO

මහිපාලගේ ගොවිපොළෙන් යූරියා මිටි 400 මතු වෙයි

(නිමල් ජයරත්න)

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට අයත් දිඹුලාගල බඳනාගල පිහිටි  අක්කර 50 කින් සමන්විත  ගොවිපොළේ ගබඩාවකවක යූරියා පෝර මිටි 400 ආසන්න පමණ ප්‍රමාණයක් සහ තවත් රසායනික පෝර මිටි තොගයක් තිබී ඇති අතර ඒවා ගොවීන් බාරයට ගෙන ඇත.

කුපිත වූ පිරිසක් එම ගොවි පොළට පැන එම ගොවිපොළ තිබූ දේපොළවලට ගිනි තබද්දී එම පොහොර තොගය සොයා ගෙන තිබේ.

එම ගොවිපොලේ ගබඩාවේ තිබූ අත් ටැක්ටර් කීපයකටද කුපිත වූ පිරිස් විසින් ගිනි තබා විනාශ කොට ඇති අතර,ගබඩාවේ තිබූ වී මිටි විශාල ප්‍රමාණයකට ගින්නෙන් හානි වී ඇති බවද පරීක්ෂණ සිදුකරන සිරිපුර පොලිසිය කියයි.

ගොවියන්ට රසායනික පොහොර ඇතුලූ යූරියා පොහොර නොමැති වකවානුවක උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාට අයත් ගොවිපළක මෙතරම් යූරියා මීට ප්‍රමාණයක් තිබීම හාස්‍යයට කරුණක් බවත් ගොවීහු ප්‍රකාශ කරති.

ගම්මානයේ කුපිත වූ පිරිස් පොලිසියද පලවා හැර ඇතිි අතර තත්ත්වය පාලනය කිරීමට සිරිපුර පොලිසියෙන් ආ පොලිස් කණ්ඩායම් ආපසු ගොස් තිබේ,

 

 

 



අදහස් (0)

මහිපාලගේ ගොවිපොළෙන් යූරියා මිටි 400 මතු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 572 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1002 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site