IMG-LOGO

ප්‍රාදේශීය දේශපාලනාඥයන්ගේ නිවාසත් ගිනි බත් කරලා

(සුජිත් හේවාජුලිගේ )

ප්‍රදේශ ගණනාවක නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් නාගරික මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයන් සහ හිටපු නියෝජිතයන් 28 දෙනකුට අයත් නිවාස සහ දේපළවලට කලහකාරී පිරිස් විසින් පහරදී හානිකරනු ලැබ ඇතැයි පොලීසිය පවසයි.

බොහෝ නිවාසවලට පහරදීමෙන් පසු ගිනි තබා විනාශ කර ඇත.

නිවාස හා දේපළ හානිවූ පිරිසට කරන්දෙණිය ප්‍රාදේශීය සභාපති ගාමිණි අමරවංශ, ගම්පහ නගරාධිපති එරංග සේනානායක, බද්දේගම ප්‍රාදේශීය සභා සභාපති අනුර නාරංගොඩ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ, පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසක්කාර, පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නිමල් බමුණුආරච්චි, කැස්බෑව නගර සභාපති ලක්ෂ්මන් පෙරේරා, බිංගිරිය ප්‍රාදේශීය සභාව සභාපති දිමුත් තුෂාර ඒකනායක ,බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ප්‍රේමසිරි,දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ , ගම්පහ නගරාධිපති එරංග සේනානායක, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ මීගමුව නගරාධිපති දයාන් ලන්සා සහ බියගම ප්‍රාදේශීය ප්රාදේශීය සභාවේ උප සභාපති අජිත් කුමාර යන මහත්වරුන් ඇතුළු නියෝජිතයෝ ඇතුළත් වෙති.

මෙයින් ඇතැම් පළාත් පාලන නියෝජිතයන්ට කලහකාරීන් විසින් පහර දෙනු ලැබ ඇති අතර සමහරු රෝහල් ගත කරනු ලැබ සිටිති.

ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ යෙදී සිටින අරගල කරුවන්ට ආණ්ඩුවට පක්ෂපාතී කණ්ඩායමක් විසින් පහර දෙනු ලැබූ සිද්ධියෙන් පසු එම නිවාස සහ දේපළ වලට මෙලෙස හානි කර ඇත.

 



අදහස් (2)

ප්‍රාදේශීය දේශපාලනාඥයන්ගේ නිවාසත් ගිනි බත් කරලා

jayantha Wednesday, 11 May 2022 11:55 AM

අපි තමයි හොඳටම කළේ...!

:       0       5

premathilaka peramuna Wednesday, 11 May 2022 02:03 PM

ඇයි වලල්ලාවිට සභාපති උදේනි අතුකෝරලගේ නිවසත් කුඩුකර ඇත. ඔහු තමයි මහින්ද මහතාගේ පොඩිපුතා යනුවෙන් හඳුන්වන්නේ... උප සභාපති නිලන්ත ප්‍රදීප් කුමාරගේගේ නිවසටත් අලාභහානි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 571 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1002 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site