(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීගමුව මහහුනුපිටිය ප්‍රදේශයට අද 10 සවස කඩා වැදුනු මැර කල්ලියක් ප්‍රදේශවාසීන්ට තියුණු අවිවලින් ප්‍රහාර එල්ල කර විවිධ වාහන පහළොවකට පමණ ගිනි තබා විනාශ කර ඇතැයි කටාන පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාලලත් පුද්ගලයන් සිව් දෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ද වෑන් රථ එකක් ත්‍රීරෝද රථ තුනක් යතුරු පැදි අටක් හා පාපැදී පහක් ගිනි තබා විනාශ කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
මෙම ප්‍රදේශයේ පිහිටි මහා පරිමාණ හෝටලයකට ඊයේ (9) ගිනි තබා විනාශ කර තිබූ අතර අද (10) දහවල් එහි කඩාවැදුණු කිසියම් පිරිසක් එම හෝටලයේ තවත් කොටසකට ගිනි තබා ඇතැයි ද ඒ අතර රැස් වූ පිරිස් හෝටලයේ දේපල කොල්ල කෑමේ යෙදී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
මේ අතර ප්‍රදේශවාසීන් දෙපක්ෂය අතර කිසියම් හේතුවක් මත ගැටුමක් ඇතිවී ඇති බවත් ආගමික නායකයන් මැදිහත්ව එම පිරිස සන්සුන් කිරීමට පියවර ගෙන ඇති බවද පොලිසිය සඳහන් කළේය.
මෙම කල්ලිය කඩාවදින අවස්ථාවේ මෙම ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් පිරිස හා ආගමික නායකයින් ඔවුන් මැඩ පැවැත්වීමට උත්සාහ ගෙන ඇතත් එම උත්සාහයන් ව්‍යාර්ථ වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මීගමුව කළබලයකින් 4ක් රෝහලට