’ඔමික්‍රෝන්’ ආවේ වසංගතය නිමා කරන්න
’ඔමික්‍රෝන්’ කොරෝනා වයිරසය හේතුවෙන් මුළු ලොවම භීතියට පත්වෙද්දී, ජර්මනියේ වසංගත රෝග විශේෂඥයකු වන මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් අපූරු අදහසක් ලොවට ඉදිරිපත් කර ඇත. මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ ’ඔමික්‍රෝන්’ විකෘතිය බිහිවූයේ ’කොවිඩ් 19’ වසංගතය අවසන් කිරීමට බවය.