(අංජුල මහික වීරරත්න)
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනා කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
අද මෙරට ඉන්ධන ප්‍රශ්නය මෙන්ම ආහාර හිඟයක් ද තිබෙන අතර ඒ වෙනුවෙන් ලෝක ආහාර සංවිධානයේ ප්‍රධානියා ලංකාවට පැමිණීමට නියමිත බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කරන්නට තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා කියයි.
ඒ නිසා වත්මන් ආණ්ඩුව ඉවත් වූ පසු එවේලේම වෙනත් ආණ්ඩුවක් පත් කළ යුතු බවද රට මේ අවස්ථාවේ දී ආණ්ඩු පාලනයක් නැතිව ගෙන යාම වරදක් වන අතර ඒ නිසා ආණ්ඩුව ඉවත් වන විට අලූත් ආණ්ඩුවක් තිබිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශය කරමින් වැඩිදුරටත් සඳහන් කරයි.
මුළු රට ම ආවරණය කරමින් ඉන්ධන බෙදා හැරීම මේ සතියේදී යළි ආරම්භ කිරීමට නියමිත අතර ලෝක ආහාර වැඩසටහන් අධ්‍යක්ෂවරයා ද මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි ද එම කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම සඳහා සර්ව පාක්ෂික රජයකට බලය දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බව කී අග්‍රාමාත්‍යවරයා මෙම කරුණු සැලකිල්ලට ගෙන තීරණ ගන්නා බව ද සඳහන් කරයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අගමැතිගෙන් ප්‍රකාශයක්
Chandima Saturday, 09 July 2022 09:09 PM
මොන තෙල්ද? දමලා ගහලා ගෙදර යනවා පණ බේරගෙන...