තෙවන සිල්පදය කඩා ලෙඩ වූවන් වැඩිවෙයි ඉකුත් 2020 වසරේදී මෙරටින් නව ඒඩ්ස් ආසාදිතයින් 363ක් වාර්තා වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. 01 December 2021
කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී පෙදරේරුවකු මරුට බණ්ඩාරගම මස්විල ප්‍රදේශයේ නිවසක් නවීකරණය කරමින් සිටියදී කොන්ක්‍රීට් කණුවක් හිස මත වැටීමෙන් ප්‍රධාන පෙදරේරුවා මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි 01 December 2021
කොටි වළදැමූ රන් ගන්න ගිය ඇමැති ලේකම්වරු ගැන පරික්ෂණයක් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්තරන් තොගයක් ගොඩගැනීමට උත්සහ කළ ඇමැති ලේකම්වරුන් දෙදෙනක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. 01 December 2021
පාසල් පහසුකම් ගාස්තුවලට ඇමති මැදිහත්වෙයි පාසල්වල පහසුකම් හා සේවා ගාස්තු අය කිරීම නැවැත්වීම සම්බන්ධයෙන් තමා මැදිහත් වන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවැසීය. 01 December 2021
’’ස්ලිට්’’ නඩුව අගවිනිසුරු නැතිව විභාගයට මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය හා මහපොළ භාරකාර අරමුදල යටතට පත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කර තිබෙන පෙත්සම අගවිනිසුරුවරයා නොමැති විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සඳහා මාර්තු මස 21 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. 01 December 2021
උද්ධමනය තවත් ඉහළට නොවැම්බර් මාසයේ දී මෙරට උද්ධමනය සියයට 2.3කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 01 December 2021
ශානිට එරෙහි නඩුව දිගටම අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනාව සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනාට විරුද්ධව ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද තීන්දු කළේය . 01 December 2021
සංයුතිය වෙනස් වුණත් හිටි අඩියේ ගෑස් ටැංකි පිපිරීම ඉතා අල්පයි ගෑස් ටැංකියක අඩංගු ප්‍රොපේන් සහ බියුටේන් යන සංයෝගවල සංයුතිය වෙනස් වූ පමණින් එය ස්වාභාවිකව පිපිරී යාමට ඇති ඉඩකඩ ඉතා අඩුබව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය එස්.ඩී.එම්. චින්තක මහතා පවසයි. 01 December 2021
ඩී.ජේ පාටියට මරුවාත් ඇවිත් මැල්සිරිපුර නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති මත්පැන් සාදයකට සහභාගී වූ 21 හැවිරිදි තරුණයකු හෝටලය තුළ පිහිටි පිහිණුම් තටාකයට වැටී මියගොස් සිටි බව ගොකරැල්ල පොලිසිය පවසයි. 01 December 2021
ලලිත් වර්ණකුමාර මැතිසබයේදී දිවුරුම් දෙයි මහින්ද සමරසිංහ මහතා ඉවත්වීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා පත් කෙරුණු හිටපු පළාත් සභා මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතා කතානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 01 December 2021
‘‘සපුගස්කන්දේ වැඩ ළඟදීම පටන් ගන්නවා‘‘ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නුදුරේදීම විවෘත කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවැසීය. 01 December 2021
දිඹුල වතුයායේ නිවසක ගෑස් නලයක් පුපුරයි හැටන් දිඹුල පතන පොලිස් වසමට අයත් පොඩ්ලි වතු යායේ වතු නිවාසයක මුළුතැන්ගෙහි තිබු ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගැස් නලය සහ රෙගුලේටරය පුපුරාගොස් ඇති බව දිඹුල පොලිසිය පැවසිය. 01 December 2021
විපක්ෂය බෙදී සිටීම ජනතාවට අවාසියක් ආර්ථික හා සමාජමය වශයෙන් ජනතාව පීඩාවට පත් කරන වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව පළවා හැරීමට නම් විපක්ෂයේ සියළු කණ්ඩායම් එකම වේදිකාවකට පැමිණිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සදහන් කළේය. 01 December 2021
තිහාරියේ නිවසක ගෑස් ලිපක් පුපුරයි තිහාරිය මල්වත්ත ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් පුපුරා ගොස් සුළු අලාභ හානියක් සිදු වී ඇති බව නිට්ටඹුව පොලීසිය පවසයි. 01 December 2021
වැලිගම නිවෙසක ගින්නකින් අට හැවිරිදි දැරියක මරුට වැලිගම වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රී ඇති වූ ගින්නකින් අට හැවිරිදි දැරියක මියගොස් ඇතැයි වැලිගම පොලිසිය කියයි. 01 December 2021
අද වහින පළාත් මෙන්න සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ, සහ ඌව පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 December 2021
ඇමෙරිකාවේ සිසුවකුගේ වෙඩි ප්‍රහාරයකින් සිසුහු තුනක් මරුට ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ ඔක්ස්ෆර්ඩ් හි ඔක්ස්ෆර්ඩ් උසස් පාසලේ සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් තිදෙනකු මිය ගිය බව බලධාරීහු පවසති. 01 December 2021
ගෑස් ගැටලුවක් නම් 1311 ට කියන්න ගෘහස්ථ ගෑස් හෝ සිලින්ඩර් සම්බන්ධයෙන් ගැටළු 1311 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම්දිය හැකිය. 30 November 2021
පුත්තලම - අනුරාධපුර පැරණි මාර්ගය කපා වැසි ජලය බස්සයි වැසි ජලය නිසි ලෙස ගලා නොයාමෙන් අපදාවට ලක්වී ඇති පවුල්වලට සෙත සලසා දීමේ අරමුණින් පුත්තලම අනුරාධපුර පැරණි ප්‍රධාන මාර්ගය කපා ජලය බැස්සවීමට තීරණය කළ බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේ. ජී විජේසිරි මහතා පවසයි. 30 November 2021
විදුලි බිඳ වැටීම ගැන විදුලි සභාපතිගෙන් පැමිණිල්ලක් දිවයිනේ ප්‍රදේශ රැසකට ඉකුත් 29 රාත්‍රීයේ සිදුවූ හදීසි විදුලිය බිද වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු මහතා ආරක්ෂක අමාත්‍යාංශයට සහ පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබේ. 30 November 2021
නාය යන ප්‍රදේශයක මිනිරන් සොයන්න බලපත්‍රදීලා මාතලේ අඹන්ගඟකෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාය යන බවට අනතුරු අඟවා ඇති පුස්සැල්ල ප්‍රදේශයේ මිනිරන් කැණිම සදහා භුවිද්‍යා පතල් හා කණීම කාර්යංශයේ අධ්යක්ෂ ජනරාල් කොළඹ පිහිටි සමාගමකට ලබාදී ඇති කැණිම් බලපත්‍රය අත්හිටුවන්නැයි මාතලේ දිස්ත්‍රික් පාරිසරික නිති ක්‍රියාත්මක කිරිමේ කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. 30 November 2021
අදත් ආසාදිතයන් 700 පනී කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 195 දෙනකු අද(30) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 30 November 2021
දින 15කට අලුත් වූ කොරෝනා නීති කොරෝනා පාලනය සඳහා හෙට (1) සිට ලබන 15 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් අද නිකුත් කරනු ලැබීය. 30 November 2021
අලුත් ගමනක් ගැන අර්ජුනගෙන් ප්‍රකාශයක් දේශපාලනය තුළ තවදුරටත් සිර නොවී ස්වාධීනව හිඳිමින් රටට අවශ්‍ය නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීමට උරදී කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ස්වාමීන් වහන්සේලා දෙනම හමුවී පැවසීය . 30 November 2021
කොරෝනා රෝගීහු 527ක් හඳුනා ගැනෙති කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 527 දෙනකු අද (30) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,63,794 ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ. 30 November 2021
සී.අයි.ඩී පාට් දැමු දෙදෙනකු රඳවා ප්‍රශ්න කරන බව අධිකරණයට දන්වයි පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීමට අවස්ථාව ලබාදෙන බව පවසා ‘සී අයි ඩී නිලධාරීන්’ ලෙස පෙනී සිටිමින් ඊෂි කෑෂ් ක්‍රමයට රුපියල් කෝටියක් පමණ මුදලක් වංචා කළබව කියන සැකකරුවන් දෙදෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ අද (30) කරුණු වාර්තා කර ඇත. 30 November 2021
මුහුදු යන්න එපා ධීවරයන්ට අනතුරු ඇංගවීමක් ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ උතුරු, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශවල අනිද්දා (2) පස්වරු 4.00 දක්වා ධීවර හා නාවුක කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 30 November 2021
පයාගල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි හලක ගින්නක් පයාගල නාගහදූව ප්‍රදේශයේ ගොඩනැගිල ද්‍රව්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිහලක ඇති වූ ගින්නකින් එම වෙළෙඳහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි. 30 November 2021
පුත්තලමේ වායු වැඩපොළේ පිපිරීමකින් දෙකක් රෝහලට නයිනමඩම ප්‍රදේශයේ පවත්වා ගෙන යන වායු සමීකරණ වැඩපළක ඇති වූ පිපිරීමකින් දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මීගමුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. 30 November 2021
සාමය රකින්න ගුවන් භටයෝ අප්‍රිකාවට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙයුම් රාජකාරී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 110 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් මධ්‍යම අප්‍රිකාව බලා අද දහවල් පිටත්ව ගියහ . 30 November 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026