IMG-LOGO

ජනපති ජූලි 13 ඉල්ලා අස් වේ

(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 13 වැනි දා ඉල්ලා අස්වන බවට ලිපියක් මගින්   කතානායකවරයාට දන්වා ඇත.

අද සවස පැවැති පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපති සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව පක්ෂ නායකයන්ගේ මත විය. 

ඒ බව කතානායකවරයා ජනාධිපතිවරයට දන්වා යවා ඇති අතර එම ලිපියට පිලිතුරු ලෙස ජනාධිපතිවරයා කතානායකට සිය ඉල්ලා අස්වීම පිළිබඳව දන්වා ඇතැයි කතානායක කාර්යාල ආරංචි මාර්ග කියයි.



අදහස් (22)

ජනපති ජූලි 13 ඉල්ලා අස් වේ

Soma dubayi Saturday, 09 July 2022 10:42 PM

අනේ ජනාධිපතිතුමනි, යන්න එපා... රටේ සියලුම ජනතාව ඔබතුමා සමග සිටිනවා...

:       0       0

Siri Perera Saturday, 09 July 2022 10:50 PM

ආයෙත් ඔය තවත් ගැටයක් ගහන්න හදන්නේ... මහින්ද වගේ ආයේ ඇවිත් ලගින්න හදන්නේ. දැන් තියෙන්නේ ඉන්න තැනින් අල්ලලා එල්ලන්න.

:       0       0

pakeer Saturday, 09 July 2022 11:01 PM

13 වෙනකම් ඉන්නේ... අර කොල්ලො උස්සපු ඇඳුම් හොයාගන්නකන්ද?

:       0       0

Kumara Saturday, 09 July 2022 11:09 PM

මෙයාව බෙල්ලෙන් ඇදලා එළියට දැමිය යුතුයි අදම....

:       0       0

අත්තා Saturday, 09 July 2022 11:37 PM

පී බී කියන්නේ අදහන්න වටින කෙනෙක්. විධායක ජනාධිපතිවරු දෙන්නෙක් ගෙදර යවලා තියපු ලෝක වාර්තාව බිඳින්න තියා සමකරන්නවත් ලේසියෙන් කෙනෙකුට බෑ !

:       0       0

ජගත් ලියනගේ Saturday, 09 July 2022 11:57 PM

ඇති යාන්තම්...!

:       0       0

Janaka Sunday, 10 July 2022 12:01 AM

නෑ නෑ ඔතන ගේමක් තියෙනවා. හෙටම ඉල්ලා අස්වීමේ ලියුම ගන්න ඕනෑ. නැත්නම් මොවුන් කල් අරගෙන පැනලා යනවා. එතකොට හොරාකාපු සල්ලි ගන්නයි, දඬුවම් කරන්නයි බැරි වෙනවා. අපි කොච්චර දුක් වින්දාද මෙයාව ඔය තත්වයට පත්කර ගන්න.

:       0       0

chanda Sunday, 10 July 2022 02:04 AM

බොදු රාජ්‍ය පදනම බිඳමින් ලංකාවේ ඊනියා බොදුනුවන්ගේ මාන්‍යය කුඩුපට්ටන් කළ සියල්ලට මයේ උම්මා එක...

:       0       0

AB Sunday, 10 July 2022 03:21 AM

චාමර සහ යූත් අයිඩියා ඉදිරි මස 10 හෝ වසර සඳහා අරගලකරුවන් ඉල්ලා සිටින්නේ: පොහොටුවේ නොවන, අත්දැකීම් සහිත අර්බුද කළමනාකරණය කළ හැකි පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත සහිතව පාර්ලිමේන්තුවේ පත්වන මීළඟ නායකයා/ ජනාධිපතිවරයා වෙන කිසිවකු නොව වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වේ...

:       0       0

Chandima Sunday, 10 July 2022 04:23 AM

එතකොට රනිල්? එයා දැන්ම යන්න බැහැ කියනවද? ගියොත් පිටරටින් එන කට්ටියට අතට අත දෙන්න කෙනෙක් නැතිව යන නිසා...? 

:       0       0

sahan Sunday, 10 July 2022 05:20 AM

නන්දෙ 13 දා නික්ම යාමේ නැකත?

:       0       0

kumarasiri Sunday, 10 July 2022 07:28 AM

පණිවිඩකරු මරා දැම්මේය. සියලු ප්‍රශ්න මතුපිටට පැමිණ නව ගමනකට පසුබිම සැදුනේ ගෝඨාභය අවංකව හෘද සාක්ෂියට අනුව එඩිතරව වැඩ කළ නිසා. සාම්ප්‍රදායික දේශපාලකයෙක් ජනාධිපති වුණා නම් ණය අරගෙන ප්‍රශ්න යට ගහනවා.

:       0       0

ranjith Sunday, 10 July 2022 07:50 AM

පොහොට්ටුව තක්කඩි දේශපාලනයක් නිසා රට විනාශ කළා... කප්පම් අරන් උසාවියෙන් වරදකරු වුණ කෙනෙක් පොහොට්ටු ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක කිරීමෙන්ම හොර තක්කඩි පාලනය විනයක්ම වුණා රටට...

:       0       0

රටවැසියෙක් Sunday, 10 July 2022 08:14 AM

මෝඩ උපදෙසකයෝ, වන්දි භට්ටයෝ, බුද්ධිමත් අයට සවන් නොදීම, පවුලේ අයගේ නොමනා හැසිරීම (නාමල්, බැසිල්) නිසයි ඔබතුමාට මෙලෙස ඉවත් වෙන්න සිදුවුනේ... කෙසේවෙතත් ඔබතුමාගේ ඉවසීම ගැන සතුටුයි. මෝඩයින් ලං කරගත්තොත් කාටත් මේ දේ වෙනවා. මම හැම දෙයක්ම දන්නවා කියලා හිතන්න හොඳ නෑ. බුද්ධිමත් අයට සවන් දෙන්න ඕනේ. මොලේ තියෙනකොට බලේ නෑ, බලේ තියෙනකොට මොලේ නෑ. කාටත් මේවා හොඳ පාඩම්. සුබ අනාගතයක් රටට මෙන්ම ඔබතුමාටත්...

:       0       0

chandima Sunday, 10 July 2022 10:00 AM

අයින් වෙලා යන්න ඉස්සරවෙලා අර ගෙනත් දාපු අගමැති මරාලෙත් අයින් කරලාම යන්න...

:       0       0

Ruwan R Sunday, 10 July 2022 10:18 AM

දැන් සාර්ථකයිද?

:       0       0

උපාසක Sunday, 10 July 2022 10:27 AM

ජූලි 12 වක්‍ර සෙනසුරු ආපසු මකරෙට යනවා... එතෙක් ඉන්න කියලා ඥාණක්කා කිව්වාද? එහෙම නැත්නම් ඇසළ පෝයදා රජගෙයින් නික්ම ගියාම බුදුවෙන්න වුණත් පුළුවන් කියලා හිතුණද?

:       0       0

darmaa Sunday, 10 July 2022 11:48 AM

බැරිමගුල් කරන්න නොගිහින් දීලා යන්න කිව්වේ ඒකනේ... පුළුවන් කෙනෙකුට කරන්න...

:       0       0

සුරංගොඩ Sunday, 10 July 2022 12:34 PM

ඇසල පෝයට රජකමෙන් රජගෙයින් නික්මීම හොඳ මදි... මොකද සිදුහත් රජතුමා ගිහිගෙය හැරගියේත් ඇසළ පෝයදා. එහෙම ගිහිගෙය හැරගිය බුදු හිමියන්ට අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කරන්න වුණා...

:       0       0

rocky Sunday, 10 July 2022 12:36 PM

ස්තුතියි ඔබට...!

:       0       0

බී අමරසිංහ Sunday, 10 July 2022 03:58 PM

අගමැතිත් නැකත් දවසක් හොයනවාද දන්නේ නෑ...?

:       0       0

Deepal Nirosh Sunday, 10 July 2022 04:00 PM

ඔබතුමා අස්වෙන්නට පෙර ඔය අගමැති පුටුවත් හිස් කරලා ඇමති මණ්ඩලයත් ශුන්‍ය කරලා ගරු කතානායකතුමාට බලය පවරලා යන්න. අරගල කරුවන්ගෙන් පලිගන්න ඕනෑ කියා ඉඟුරු වෙනුවට මිරිස් දෙන්න නම් එපා, එපා, එපාමයි සර්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 398 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 274 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site