(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 13 වැනි දා ඉල්ලා අස්වන බවට ලිපියක් මගින් කතානායකවරයාට දන්වා ඇත.
අද සවස පැවැති පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපති සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව පක්ෂ නායකයන්ගේ මත විය.
ඒ බව කතානායකවරයා ජනාධිපතිවරයට දන්වා යවා ඇති අතර එම ලිපියට පිලිතුරු ලෙස ජනාධිපතිවරයා කතානායකට සිය ඉල්ලා අස්වීම පිළිබඳව දන්වා ඇතැයි කතානායක කාර්යාල ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ජනාධිපතිතුමනි, යන්න එපා... රටේ සියලුම ජනතාව ඔබතුමා සමග සිටිනවා...
ආයෙත් ඔය තවත් ගැටයක් ගහන්න හදන්නේ... මහින්ද වගේ ආයේ ඇවිත් ලගින්න හදන්නේ. දැන් තියෙන්නේ ඉන්න තැනින් අල්ලලා එල්ලන්න.
13 වෙනකම් ඉන්නේ... අර කොල්ලො උස්සපු ඇඳුම් හොයාගන්නකන්ද?
මෙයාව බෙල්ලෙන් ඇදලා එළියට දැමිය යුතුයි අදම....
පී බී කියන්නේ අදහන්න වටින කෙනෙක්. විධායක ජනාධිපතිවරු දෙන්නෙක් ගෙදර යවලා තියපු ලෝක වාර්තාව බිඳින්න තියා සමකරන්නවත් ලේසියෙන් කෙනෙකුට බෑ !
ඇති යාන්තම්...!
නෑ නෑ ඔතන ගේමක් තියෙනවා. හෙටම ඉල්ලා අස්වීමේ ලියුම ගන්න ඕනෑ. නැත්නම් මොවුන් කල් අරගෙන පැනලා යනවා. එතකොට හොරාකාපු සල්ලි ගන්නයි, දඬුවම් කරන්නයි බැරි වෙනවා. අපි කොච්චර දුක් වින්දාද මෙයාව ඔය තත්වයට පත්කර ගන්න.
බොදු රාජ්‍ය පදනම බිඳමින් ලංකාවේ ඊනියා බොදුනුවන්ගේ මාන්‍යය කුඩුපට්ටන් කළ සියල්ලට මයේ උම්මා එක...
චාමර සහ යූත් අයිඩියා ඉදිරි මස 10 හෝ වසර සඳහා අරගලකරුවන් ඉල්ලා සිටින්නේ: පොහොටුවේ නොවන, අත්දැකීම් සහිත අර්බුද කළමනාකරණය කළ හැකි පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත සහිතව පාර්ලිමේන්තුවේ පත්වන මීළඟ නායකයා/ ජනාධිපතිවරයා වෙන කිසිවකු නොව වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වේ...
එතකොට රනිල්? එයා දැන්ම යන්න බැහැ කියනවද? ගියොත් පිටරටින් එන කට්ටියට අතට අත දෙන්න කෙනෙක් නැතිව යන නිසා...?
නන්දෙ 13 දා නික්ම යාමේ නැකත?
පණිවිඩකරු මරා දැම්මේය. සියලු ප්‍රශ්න මතුපිටට පැමිණ නව ගමනකට පසුබිම සැදුනේ ගෝඨාභය අවංකව හෘද සාක්ෂියට අනුව එඩිතරව වැඩ කළ නිසා. සාම්ප්‍රදායික දේශපාලකයෙක් ජනාධිපති වුණා නම් ණය අරගෙන ප්‍රශ්න යට ගහනවා.
පොහොට්ටුව තක්කඩි දේශපාලනයක් නිසා රට විනාශ කළා... කප්පම් අරන් උසාවියෙන් වරදකරු වුණ කෙනෙක් පොහොට්ටු ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක කිරීමෙන්ම හොර තක්කඩි පාලනය විනයක්ම වුණා රටට...
මෝඩ උපදෙසකයෝ, වන්දි භට්ටයෝ, බුද්ධිමත් අයට සවන් නොදීම, පවුලේ අයගේ නොමනා හැසිරීම (නාමල්, බැසිල්) නිසයි ඔබතුමාට මෙලෙස ඉවත් වෙන්න සිදුවුනේ... කෙසේවෙතත් ඔබතුමාගේ ඉවසීම ගැන සතුටුයි. මෝඩයින් ලං කරගත්තොත් කාටත් මේ දේ වෙනවා. මම හැම දෙයක්ම දන්නවා කියලා හිතන්න හොඳ නෑ. බුද්ධිමත් අයට සවන් දෙන්න ඕනේ. මොලේ තියෙනකොට බලේ නෑ, බලේ තියෙනකොට මොලේ නෑ. කාටත් මේවා හොඳ පාඩම්. සුබ අනාගතයක් රටට මෙන්ම ඔබතුමාටත්...
අයින් වෙලා යන්න ඉස්සරවෙලා අර ගෙනත් දාපු අගමැති මරාලෙත් අයින් කරලාම යන්න...
දැන් සාර්ථකයිද?
ජූලි 12 වක්‍ර සෙනසුරු ආපසු මකරෙට යනවා... එතෙක් ඉන්න කියලා ඥාණක්කා කිව්වාද? එහෙම නැත්නම් ඇසළ පෝයදා රජගෙයින් නික්ම ගියාම බුදුවෙන්න වුණත් පුළුවන් කියලා හිතුණද?
බැරිමගුල් කරන්න නොගිහින් දීලා යන්න කිව්වේ ඒකනේ... පුළුවන් කෙනෙකුට කරන්න...
ඇසල පෝයට රජකමෙන් රජගෙයින් නික්මීම හොඳ මදි... මොකද සිදුහත් රජතුමා ගිහිගෙය හැරගියේත් ඇසළ පෝයදා. එහෙම ගිහිගෙය හැරගිය බුදු හිමියන්ට අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කරන්න වුණා...
ස්තුතියි ඔබට...!
අගමැතිත් නැකත් දවසක් හොයනවාද දන්නේ නෑ...?
ඔබතුමා අස්වෙන්නට පෙර ඔය අගමැති පුටුවත් හිස් කරලා ඇමති මණ්ඩලයත් ශුන්‍ය කරලා ගරු කතානායකතුමාට බලය පවරලා යන්න. අරගල කරුවන්ගෙන් පලිගන්න ඕනෑ කියා ඉඟුරු වෙනුවට මිරිස් දෙන්න නම් එපා, එපා, එපාමයි සර්.