වසර 113 ක් පැරණි ස්වීඩන දේවස්ථානය වෙනත් තැනකට ස්වීඩනයේ වසර 113ක් පැරණි ඓතිහාසික ‘කිරුනා කිර්කා’ නමැති ලී දේවස්ථානය ගලවා වෙනත් නවතැනකට රැගෙන යෑමට බලධාරීහු කටයුතු කළහ. 20 August 2025
දේශබන්දු අත්අඩංගුවට 2022 වසරේ පැවැති ‘ගෝඨා ගෝ ගම’ ජනතා අරගලයට පහර දීමේ සිද්ධියට අදාළව කරන විමර්ශනවලට අදාලව සේවයෙන් පහකළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි 20 August 2025
පාසල් ක්‍රීඩාව හදන්න උපරිමයෙන් අත දෙනවා පාසල් ක්‍රීඩා ක්ෂේත්රයේ පවතින ගැටලු මේ වන විට හඳුනාගෙන තිබෙන බව ක්‍රීඩා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. 20 August 2025
දේශබන්දුගේ ඇප අයැදුම විසි වේ 2022 වසරේ පැවැති ‘ගෝඨා ගෝ ගම’ ජනතා අරගලයට පහර දීමේ සිද්ධියට අදාළව කරන විමර්ශනයේදී තමන් අත්අඩංගුවට ගැනීමේ අවධානමක් ඇතැයි කියමින් එය වලකාලන්නැයි ඉල්ලමින් සේවයෙන් පහකළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද ප්‍රතික්ෂේප කළාය. 20 August 2025
රාජිතට උසාවි එන්නැයි දන්වයි පසුගිය ජුනි මාසයේ සිට අධිකරණය මගහැර සැඟව සිටිනවා යැයි කියන හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතාට අගෝස්තු 29 වැනි දින අධිකරණයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (20)නියෝග කළාය. 20 August 2025
සුව ඇමති -බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrik) මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 20 August 2025
සමන් දේවාලයේ නව බස්නායක නිලමේ හිෂාන් සංඛ සබරගමු මහ සමන් දේවාලයේ නව බස්නායක නිළමේවරයා ලෙස හිෂාන් සංඛ මාපිටිගම මහතා අද පැවති නිලවරණයේදී වැඩි ඡන්දයෙන් තේරීපත්විය. 20 August 2025
අක්කර පහට වැඩි වතු හිමියන්ටත් පොල් පෝර සහනාධාරය මෙතෙක් පොල් පොහොර සහනාධාරය දුන්නේ අක්කර පහකට අඩු වතු හිමියන්ට පමණක් වුවත් අක්කර පහකට වැඩි පොල් ඉඩම් හිමියන් සඳහාත් අක්කර පහක් සඳහා පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 August 2025
පාර්සල්-ලිපි ගුවන්තොටේ ගොඩගැසෙයි ශ්‍රී ලංකාවට ලෝකයේ විවිධ රට වලින් ලැබී ඇති ලිපි සහ පාර්සල් විශාල තොගයක් අද(20) දහවල් 12.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ( Cargo Village ) ගොඩ ගැසී තිබේ. 20 August 2025
ජාතික කෞතුකාගාර ආඥාපනත සංශෝධනයට ජාතික කෞතුකාගාර ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 August 2025
දේශපාලකයන්ට ක්‍රීඩා සංගම් නිලතල තහනම් කරයි කිසිම ක්‍රීඩා සංගමයක නිලතල සඳහා මින් ඉදිරියට ප්‍රාදේශීය සභා,පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මැති ඇමතිවරුන්ට ඉදිරිපත් විය නොහැකි බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 August 2025
රාජිතගේ දේපළ තහනමට අල්ලස් කොමිසම සැරසෙයි පසුගිය ජුනි මාසයේ සිට අධිකරණය මගහැර සැඟව සිටින වා යැයි කියන හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතාට අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට බල කෙරෙන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විශේෂ මෝෂමක් ගොනු කිරීමට අල්ලස් කොමිසම පියවර ගෙන ඇත. 20 August 2025
පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමයට ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබා දීම ඩිජිටල් ක්‍රම වේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 August 2025
පැල්වත්ත -සෙවනගල සංචාරක තෝතැන්නක් කරන්න යයි පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා පිහිටි පරිශ්‍ර වල තෝරාගත් ස්ථාන සංචාරක ආකර්ෂණය ඇති කිරීමේ අරමුණින් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 August 2025
ජාතික ක්‍රීඩා උළෙලට එන ක්‍රීඩක ක්‍රීඩකාවන්ට රක්ෂණයක් මෙවර ජාතික ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩකාවන්ට රක්ෂණාවරණයක් ලබාදීමට කටයුතු කරන බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 August 2025
කෘෂිකර්ම ව්‍යවසායකයන්ට සහන ණය යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 August 2025
විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලවල විදෙස් නිවාඩු අත්හිටුවයි සෞඛ්‍ය අමාත්‍යංශයට අනුයුක්තව රාජකාරි කරන විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලූම කාර්ය මණ්ඩල සඳහා නැවත දැනුම් දෙන තුරු දේශීය සහ විදේශීය නිවාඩු අනුමත කිරීම අවලංගු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 20 August 2025
ලංකාවේ පවුල් වලින් 71%ක් ඉන්නේ ආධාර මානසිකත්වයේ ලංකාවේ සමස්ත පවුල් ප්‍රමාණයෙන් සීයට හැත්තෑ එකක් අස්වැසුම සහනාධාර සඳහා ආධාර ඉල්ලුම් කර තිබෙන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ පාර්ලිමේන්තුවේ දී මහතා පැවසීය. 20 August 2025
කොඩිකාමම්හි කැණිමකින් ගුවන්යානා උණ්ඩ 1393 ක් මතුවෙයි කොඩිකාමම් වරණි ප්‍රදේශයේ සිදු කළ කැණීමකදී 12.7 වර්ගයේ ගුවන් යානා නාශක උණ්ඩ 1393 ක් සොයා ගත් බව වරනි පොලිසිය පවසයි. 20 August 2025
වට්ටුවාකල් පාලම හදන කොන්ත්‍රාත්තුව දෙයි පරන්තන් - කරච්චි - මුලතිව් (A035) මාර්ගයේ වට්ටුවාකල් පාලම යළි ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තු ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 August 2025
රිය අනතුරින් දෙදරු පියා මරුට පාදුක්ක - හොරණ මාර්ගයේ නගරය ආසන්නයේ දී යතුරුපැදියක සහ ටිපර් ලොරි රථයක් ගැටීමෙන් යතුරු පැදියෙහි ගමන් ගත් 68 හැවිරිදි දෙදරු පියෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 20 August 2025
ජනපති තැපෑල ගැන කතා කරයි තැපැල් සේවාව වර්තමානයට ගැලපෙන අන්දමින් යාවත්කාලීන කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 20 August 2025
හිටපු පා.ම. ගේ ඉඩමක පීඩන බෝම්බයක් උතුරු මැද පළාත් හිටපු ආණ්ඩුකාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහී පාල හේරත් මහතාට අයත් බව කියන තලේමන්නාරම ඉඩමක තිබී පීඩන බෝම්බයක් සොයාගෙන ඇත. 20 August 2025
සූදූ නියාමන පනත සම්මතවෙයි සූදු නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය. 20 August 2025
යාපනය එයාර් පෝර්ට් එකත් වසර පහට කෝටි 82ක් ගිලලා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය වසර පහේදී රුපියල් කෝටි අසූ දෙකකට වැඩි පාඩුවක් ලබා ඇතැයි ප්‍රවාහන වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. 20 August 2025
ලන්දේසි යුගයේ පාරක් මාතර කොටුවෙන් මතු වේ මාතර කොටු දොරටුව ආශ්‍රිතව සිදු කළ කැණීම් වලදී ලන්දේසි යුගයට අයත් බවට සැක කෙරෙන මාර්ගයේ කොටසක් ඇතුළු වැදගත් සාක්ෂී රැසක් හමු වු බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් නිලාන් කුරේ මහතා පවසයි. 18 August 2025
‘‘රජය ආගමට යොමු විය යුතුයි‘‘ සම්බුද්ධ ශාසනය, ආගම ධර්මය, සංස්කෘතිය සුරක්ෂිත කරන වැඩකටයුතුවලට යොමුවීම රජයේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 18 August 2025
මධ්‍යම අධිවේගය අවසන් කරන්න ජනපති කැබිනට්ටුවෙන් අනුමැතිය ඉල්ලයි මධ්‍යම අධිවේගයේ පළමු කොටසේ වැඩ අවසන් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 කට සමාන යුවාන් ණයක් චීන එක්සිම් බැංකුවෙන් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකා රජයේ අරමුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 438 ක් වෙනම ලබා දීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 18 August 2025
වැස්ස ගැන කාලගුනය කියු අනාවැකිය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වේ. 18 August 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025