ඉස්සන් ටැංකියට වැටී තරුණයා මරුට මුන්දලම පුලිච්චාකුලම ප්‍රාදේශයෙ ඉස්සන් ගොවිපොළක සේවය කරමින් සිටි තරුණයකු ඉස්සන් ටැංකියකට ඇද වැටි මරණයට පත්ව ඇති බව මුන්දලම පොලිසිය කියයි. 20 October 2025
බාල බෙහෙත් පුච්චන්නත් කෝටි දොළහක් පුදලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය මිලදී ගත් ප්‍රමිතියෙන් තොර ඖෂධ ශල්‍ය ද්‍රව්‍ය හා රසායන ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා 2023 හා 2024 වර්ෂවල රුපියල් දොළොස් කෝටියකට වැඩි මුදලක් පෞද්ගලික සමාගමක් වෙත ගෙවා ඇතැයි නවතම විගණන වාර්තාවක සඳහන්වේ 20 October 2025
දන්ත වෛද්‍ය සංගමයේ නව සභාපති පත්වේ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පත්වේ. 20 October 2025
රියදුරු බලපත්‍ර එක් දින සේවාව පිටපළාත්වලටත් එක් දින සේවාව යටතේ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ලබන වසරේ සිට කුරුණෑගල, බදුල්ල හා අම්පාර දිස්ත්‍රික් කාර්යාල මාර්ගයෙන්ද සිදු කිරීමට සැලසුම් කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 20 October 2025
කෝටි 10ක මත්පෙති වවිනියාවේදී අල්ලයි කරවල ප්‍රවාහනය කරන මුවාවෙන් කැබ් රථයක සඟවා පුත්තලම කල්පිටියේ සිට වවුනියාව දක්වා රුපියල් කෝටි දහයකට අධික වටිනාකමින් යුත් මත්පෙති තුන්ලක්ෂ පනස් නවදාහක් රැගෙනයමින් සිටි පුද්ගලයකු ඊයේ (19) වවුනියාව මුණ්ඩිමුරුප්පුව ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ දූෂණ මර්ද 20 October 2025
උඩරට දුම්රිය ධාවනය බදුල්ල-මහනුවරට සීමාවෙයි පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය බදුල්ල සහ මහනුවර දක්වා පමනක් සීමාකර ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය අද (20) පැවසීය . 20 October 2025
නපුර පලවා හැර යහපත ජයග්‍රහණය කරවමු නපුර පලවා හැර යහපත ජයග්‍රහණය කරවමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දීපවාලී සුබ පැතුම් පණිවිඩයෙන් කියයි. 20 October 2025
මේ ජනතාව අන්ධකාරයෙන් ගැලවෙන යුගයයි අන්ධකාරයෙන් හා පසුගාමීත්වයෙන් ගැලව ජනතාව නව බලාපොරොත්තු අත දරා සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දීපාවලි සුබ පැතුම් පණිවිඩයෙන් කියයි. 20 October 2025
කාගෙත් ගෞරවය රකින රටක් හදනවා සියලු දෙනාගේ නිදහස සහ ගෞරවය සුරකින සුරක්ෂිත රටක් ගොඩනැගීමට කැප වී ක්‍රියා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දීපවාලී දින පනිවිඩයෙන් පවසයි. ජනාධිපතිවරයා මෙසේද කියයි. 20 October 2025
පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 October 2025
කොළඹ - බදුල්ල පාරට ගල් වැටීමේ අවදානමක් පවතින අධික වර්ෂාව සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හල්දුම්මුල්ල මරංගහවෙල හපුතලේ ප්‍රදේශයේදී ගල් පෙරළීමේ අවදානමක් මතුවී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 19 October 2025
තැපැල් දුම්රිය දෙකක් අවලංගුයි ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ අද (19) සිදුවූ දුම්රිය පිලී පැනීම හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 October 2025
අවිස්සාවේල්ලේ දුම්රියක් පීලිපනී කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (19) පස්වරු 4.00 ට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රිය පස්වරු 6.45 ට පමණ කොස්ගම හා අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතර පිළී පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය. 19 October 2025
පොලිස් පොඩ්ඩාට පෙනී සිටි තාරක නීතිඥ සංගම් කමිටුවෙන් යයි ගල්කිස්ස අධිකරණ භූමියේ ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමේ දී පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් ඇප ලබා ගැනීම සඳහා නඩුවට පෙනී සිටි මාතර නීතිඥ සංගමයේ නීතිඥ හා වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රී තාරක නානායක්කාර මහතා එම සංගමයේ විධායක කමිටුවේ සංස්කාරක ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. 19 October 2025
ගම්පොළ සමූපකාර බලය පොදු විපක්ෂයට සීමාසහිත ගම්පොළ විවිධ සේවා සමූපකාර සමිති නිලවරණය සඳහා ඉදිරිපත් වූ එකාබද්ධ පොදු විපක්ෂයේ සාමාජිකයෝ එහි බලය තහවුරු කරගනු ලැබූහ. 19 October 2025
බටුවත්තේ දී බසයක් පෙරළේ බාල දක්ෂ කඳවුරකට සහභාගීවී යළි නිවෙස් බලා යමින් සිටි පාසල් සිසු සිසුවියන් ඔවුන්ගේ මව්පියන් සහ පාසල් ගුරුවරියන් රැගත් පෞද්ගලික බස් රථයක තිරිංග හදිසියේ අක්‍රියවීමෙන් රාගම බටුවත්ත දුම්රිය හරස් මාර්ගයේදී ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී සිදුවීමට ගිය මහා අනතුරක් එම බස් රථයේ රියදුරාගේ දක්ෂතාවය හේතුවෙන් වැළකී ගිය බව පොලිසිය කියයි. 19 October 2025
වායු රයිපලයෙන් පියා පුතාට වෙඩි තියලා වායු රයිපලයකින් පුතා වෙඩි තබා ඝාතනය කිරිමට තැත්කළ ආඩිගම කඩයන්දලුව ප්‍රදේශයේ පදිංචි පියකු අත් අඩංගුවට ගත් බව පල්ලම පෙලීසිය කියයි. 19 October 2025
දුම්රිය මඟ නාය යයි:සැප දුම්රියක් පීලි පනී මහනුවර කොළඹ දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ සහ කඩිගමුව අතර දුම්රිය මාර්ගය නාය යාමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 19 October 2025
ජී.රාජපක්ෂගේ ගේ බලන්න නි.ඇමති යයි කතරගම මැණික් ගඟ අසබඩ පිහිටි ප්‍රශ්න ගත ජී. රාජපක්ෂගේ නිවස බලන්නට නිවාස ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා එහි ගියේය. 19 October 2025
ලූවර් කෞතුකාගාරයට හොරු පනිති මොනාලිසා ඇතුළු ලොව සුප්‍රසිද්ධ ඓතිහාසික කෞතුක වස්තු කිහිපයක් තැන්පත් කර ඇති පැරිසියේ සුප්‍රසිද්ධ කෞතුකාගාරයක් වන ලූවර් හි තිබූ නැපෝලියන් සහ ප්‍රංශ අධිරාජිනියගේ මිලකළ නොහැකි ආභරණ එකතුවකින් ආභරණ නවයක් මංකොල්ල කෑමත් සමග එම කෞතුකාගාරය වසා දැමීමට එහි බලධාරීහු කටයුතු කළහ. 19 October 2025
විල්පත්තු ගිය පිරිසක් ජලයට කොටුවෙලා විල්පත්තුව ජාතික වන උද්‍යානයේ සංචාරයට පැමිණි සංචාරකයන් පිරිසක් ජලයට කොටුවී සිටියදී වනජීවි නිළධාරීන් හා සපාරි රථ එක්ව බේරා ගත් බව එළුවන්කුලම වනජීවි කාර්යාලය පවසයි. 19 October 2025
උසාවිවල නඩු බඩු ‘සුද්දයක්’ අධිකරණවල ගොඩ ගැසී පවතින නඩු භාණ්ඩ ලබන දෙසැම්බර් මස 31 වැනිදාට පෙර නිෂ්කාෂණ කළ යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාව අධිකරණ නිලධාරීන්ට දැනුම් දී ඇත 19 October 2025
පළාත් ඡන්දෙට සජබ යූඑන්පී එකමුතු ලැයිස්තුවක් පළාත් සභා මැතිවරණයට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකමුතු ලැයිස්තුවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත්පී පෙරේරා මහතා පැවසීය 19 October 2025
පාතාලකරුවන් කොටු කරන්න ගුවන් නාවික මෙහෙයුමක් පාතාලකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රට පැන යෑමට සහ මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් සඳහා නිතර යොදා ගන්නා බවට රජයේ බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණය කරගනු ලැබ ඇති යාපනය හලාවත දෙවුන්දර ඇතුළු මුහුදු මාර්ග පහක් ඉලක්ක කර ආරක්ෂක මුරකාවල් දැඩි කිරීමට ආරක්ෂක අංශ ප්‍රධානීන් තීරණය කර ඇත. 19 October 2025
මැලේරියාව යළි අවදානමක්:රෝගීන් 35ක් හමුවෙලා මේ වසරේ ගෙවුණු කාලයේදී මැලේරියා රෝගීන් 35 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇතැයි ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි. 19 October 2025
කාදිනල්තුමාගෙන් අනිත්‍ය කතාවක් ’’පල්ලි ගොඩනැගිලි හදලා වැඩක් නැහැ. ඔක්කොටම කලින් අපි හැදෙන්න ඕන’’ යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරුතුමෝ පැවසූහ. 19 October 2025
දුම්රිය ගාඩ් සංගමයෙන් රතු එළියක් සිය ඉල්ලීම්වලට විසදුම් කඩිනමින් ලබාදීමට රජය පියවර නොගතහොත් දැනට කරගෙන යන වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගන්නා බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසයි 19 October 2025
වියදම් වාර්තාවෙන් කට්ටි පැන්න අපේක්ෂකයෝ 2000කට නඩු පසුගිය මැතිවරණවලදී වියදම් වාර්තා නුදුන් අපේක්ෂකයන් දෙදහසකට පමණ එරෙහිව නඩු පවරා ඇතැයි පොලිසිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත. 19 October 2025
දරුණු අපරාධකරුවෝ 826ක් එල්ලුම් ගහ ළඟ මිනීමැරුම් මත්කුඩු ජාවාරම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම කෙරුණු 826 දෙනකු බන්ධනාගාරවල සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 19 October 2025
මාලිමාවත් ගොවියා මංමුලා කළා මාලිමා ආණ්ඩුවත් ගොවියා මංමුලා කර දැමූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 19 October 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026