හිටපු ජනාධිපතිවරුන්ගේ අයිතිය රැකගන්න හයක් උසාවියේ හිටපු ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් හයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇත. 21 August 2025
අරුණගේ විශ්වාසභංගය ගැන අද තීරණයක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද(21) අවසන් තීරණයක් ගැනීමට නියමිතය. 21 August 2025
පාස්කු මහමොළකරු එක්ක කාටවත් සටන් බෑ පාස්කු ඉරු දින ප්‍රහාරයේ මහමොළකරු කවුරුත් දන්නා නමුත් ඔහු සමග සටන් කිරීමට කිසිවකුටත් නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 21 August 2025
ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි කොපිය පාවිච්චිය නවතී? මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පරිවර්තනයේ දෝෂ නිවැරදි කිරීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති හෙයින් එම ඉංග්‍රීසි පරිවර්තනය අධිකරණමය කටයුතුවලදී යොදා ගැනීම වැළැක්වීමට තම නීතිඥවරුන්ට වහාම උපදෙස් දෙන්නැයි නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා නීතිපතිවරයාගෙන් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් ඊයේ (20) ලිඛිතව ඉල්ලීමක් කළේය. 21 August 2025
බොරැල්ලේ පාරක ගිලා බැසීමක් බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වු කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථ වාහන ගමනාගමනයට අවහිරතාවයක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 21 August 2025
එස් අයි ගේ බැංකු ගිණුමෙන් මුදල් ඇද්ද එස් අයි මාට්ටු කිලිනොච්චිය, අරවියෙල් නගර් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සිම්පතක් සොරාගෙන බැංකු ගිණුමකින් සහ ණය කාඩ් පතකින් රු. 138,472 ක මුදල් ලබාගත් බව කියන එම කඳවුරේම ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 21 August 2025
කාලගුණයේ වෙනසක් ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්‍යාදෙපාර්තමේන්තුව කියයි. 21 August 2025
පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් වර්ජනයක බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක පරිපූරක වෛද්‍ය සේවාවට අයත් සියලුම වෘත්තිකයන් අද උදෑසන 8.00 සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීරණය වී තිබේ. 21 August 2025
සිංගප්පූරු ජාතිකයාගෙන් ජරාව කෑ පොලිසියේ දෙකක් මාට්ටු සිංගප්පූරු ජාතිකයකු සතුව තිබූ විද්‍යුත් දුම් වැටි දෙකට නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට යැයි පවසා රුපියල් 40000/= ක ඉල්ලා එයින් රුපියල් 30000/= ක මුදලක් ලබාගත් පොලිස් නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. 21 August 2025
පාර්ලිමේන්තුවේ ලොක්කන් තුනකට හොර පාරෙන් වාහන පර්මිට් ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් විධායක තනතුරක වසර හයක සක්‍රිය සේවා කාලයක් සම්පූර්ණ නොකෙරුණු පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල නිලධාරීන් තිදෙනෙකුට විධිමත් අනුමැතියකින් තොරව සහනදායි මෝටර් වාහන බලපත්‍ර නිකුත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 21 August 2025
ගොවි ගැටලුවලට විසැඳුම් දෙන්න පිරිසක් ගම්වලට බස්සයි කෘෂි අපනයන ගම්මාන 500 ක් පිහිටුවා එම ගම්මාන වල ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවි කරන ගැටලු අවම කිරීම, කෘෂි නිෂ්පාදන වල ගුණාත්මක බව වැඩි කිරීම, කෘෂි භෝග පිලිබඳව සන්නාමයක් ඇති කිරීම තුළින් මෙම කෘෂි නිෂ්පාදන අපනයනය කිරීම මූලික අරමුණු බව ගන්නොරුව කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ උදාරි ශෂිකලා මහත්මිය බලංගොඩ රජවක ගොඩකුඹුරේ පිහිටි කෘෂිකර්ම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී පැවැසුවාය. 21 August 2025
හෝමාගම ප්‍රා.මන්ත්‍රීට වෙඩි තැබූ හිටපු සෙබලා අල්ලයි හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන් කොටුව මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 21 August 2025
නියෝජ්‍ය පොලිස්පති බිරියගේ නිධන් සිද්දිය සී.අයි.ඩියට අනුරාධපුර ශ්‍රවස්තිපුර තිඹිරිගස්කඩවල ප්‍රදේශයේ ගල් තලාවක් සහිත ඉඩමක පිහිටි දේවාලයක් තුළ නියෝජ්‍ය පෙලිස්පතිවරයකුගේ බිරිදක ඇතුලු සැකකරුවන් පිරිසක් නිදන් වස්තූන් ලබා ගැනීමේ අරමුණින් අනවසරයෙන් කැනීම් කිරීම සම්බන්ධ සියලු විමර්ශන වාහාම අනුරාධපුර මූලස්ථාන පොලිසියෙන් ඉවත් කර අපරාධ පරික්ෂණ දෙපාර්තමින්තුවට පවරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතාා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ආර් එම් ජයවීර මහතාට අද නියෝග කළේය. 20 August 2025
අහිංසක මවකගේ කෝටි 9ක ලොතරැයි දිනුමට විද්ද තිදෙනෙක් මාට්ටු ලොතරැයි පතකින් වයෝවෘද්ධ කාන්තාවකට හිමි වූ රුපියල් 96,298,759.58 ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් ලොතරැයි අලෙවි නියෝජිතවරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 20 August 2025
’’ මං වාහන පර්මිට් එක විකුණලා මිනිස්සුන්ට සල්ලි බෙදපු මිනිහෙක්’’ ’’ මං වාහන පර්මිට් එකත් විකුණලා මිනිස්සුන්ට සල්ලි බෙදපු මිනිහෙක්’’ යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 20 August 2025
තැපැල් වර්ජනයේ පාඩුව කෝටි 10යි තැපැල් වෘත්තීය සමිති වැඩ වර්ජනය හේතුවෙන් රජයට රුපියල් කෝටි 10 කට අධික පාඩුවක් සිදුව ඇතැයි තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා පැවසීය. 20 August 2025
’’මට ජනතාවගේ ආදරය මිස අන් කිසිවක් අවශ්‍ය නැත’’ ’’මහින්ද රාජපක්ෂට ජනතාවගේ ආදරය මිස අන් කිසිවක් අවශ්‍ය නැතැයි’’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පවසයි. 20 August 2025
එක දරුවෙක්වත් පාසල් අධ්‍යාපනයෙන් පිට මං නොකිරීමට වග බලා ගන්න කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 20 August 2025
ලංකාවට අයිති නැති ගම් 4ක් මොනරාගල මොනරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් හතරක් මේ වනතෙක් කිසිම අධිකරණ කලාපයකට ගැසට් වී නැතැයි මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ධර්මසිරි විජේසිංහ මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද (20) අනාවරණය කළේය. 20 August 2025
ඔලිම්පික් දරුවන්ට ලක්ෂයක දීමනාවක් විශේෂ දක්ෂතා ඇති දරුවන්ට ඔලිම්පික් සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් ලක්ෂයක දීමනාවක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පාර්ලිමේන්තුවේදී අද(20) පැවසීය 20 August 2025
මාදුපිටිය මනුෂ්‍ය ඝාතන නඩුවේ චූදිතයා පෝරකයට පානදුර මාදුපිටිය ප්‍රදේශයේ පදිංචි දී 19 හැවිරිදි තරුණයෙකුට කඩුවකින් පහරදී ඝාතනය කිරීම සහ 24 හැවිරිදි වැඩිමහල් සොහොයුරා ගේ මුඛ ප්‍රදේශයට කඩුවකින් පහරදී මාරාන්තික තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මාදුපිටිය මනුෂ්‍ය ඝාතන නඩුවේ දෙවන ව්ත්තිකරු වරදකරු කළ පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් අද (20) චූදිතට මරණ දඩුවම නියම කලේය. 20 August 2025
ගනේමුල්ලෙන් අවි සමග හයක් දැලේ ගම්පහ ගනේමුල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත කොස්හින්න, පරකන්දෙනිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය, ගිනි අවි හා උණ්ඩ සමග පුද්ගලයන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය කියයි. 20 August 2025
රුපියල් 70 වතුර බෝතලය 200 වික්කාට ලක්ෂ පහක් දඩ රුපියල් 70ක පානීය ජල බෝතලයක් රුපියල් 200කට අලෙවි කළ පෝට් සිටි වෙරළ තීරයේ වෙළෙඳසල් හිමිකරුවකුට රුපියල් ලක්ෂ 5ක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද නියම කළාය. 20 August 2025
පලස්තීනුවන්ට නිදහස ඉල්ලා පා ගමනක් ‘‘යුක්තියෙන් තොර සාමයක් නොමැත‘‘ පලස්තීනුවනට ජීවත් විමට ඉඩදෙන ලෙස ඉල්ලා යූත් ෆෝ චේන්ජ් සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹ තරුඟ තරඟ පිටියන් අසලින් අද ආරම්භ කළේය. ඔහුන් පා ගමන්නින් කොළඹ එක්සත් ජාතින්ගේ කාර්යාලය පැමින විවිධ වාදන භාණ්ඩ වාදනය කරමින් විරෝධය දැක්විණි. 20 August 2025
සූර්ය පැනල් සවිකරන්න ඉන්දියාවට දුන් ඉඩමේ බොරළු ජාවාරමක් සූර්යය පැනල සවිකිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදී ඇති ත්‍රිකුණාමලය මුත්තු නගර් ඉඩම්වල සිදුකළ අනවසර බොරළු කැපීමක් වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතාගේ මැදිහත්වීමෙන් අද නතර කරනු ලැබීය. 20 August 2025
සංස්ථා ලුණු මිල පහළට අයඩින් මිශ්‍ර ලක් ලුණු ග්‍රෑම් 400ක පැකට්ටුවක් රුපියල් 20කින් සහ කිලෝ ග්රෑමයේ කැටලුණු පැකට්ටුවක් රුපියල් තිහකින් පහළ හෙලීමට කටයුතු කර ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී නන්දන තිලක මහතා සඳහන් කළේය. 20 August 2025
එකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය උද්ඝෝෂණයක ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් එකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී අද (20) උද්ඝෝෂණයක නිරත විය. 20 August 2025
නව ත්‍රස්ත පනත නුදුරේදීම කෙටුම්පත් වෙයි නව ත්‍රස්ත විරෝධී පනත නුදුරේදීම කෙටුම්පත් කර අවසන් කිරීමට හැකි බව කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පැවසීය. 20 August 2025
අයවැය ලේඛනය නොවැම්බර් 7 මැතිසබයට ලබන වර්ෂය සඳහා (2026) අයවැය ලේඛනය ජනාධිපති මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් ලබන නොවැම්බර් මස 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය. 20 August 2025
හිටපු ජනාධිපති හිමිකම් ඉල්ලා පෙත්සම් තුනක් හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ ඡන්දයෙන් සහ ජනමත් විචාරණයකින් සම්මත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ු ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් තුනක් අද (20) ගොනු කළහ. 20 August 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025