වායුගෝලයේ වෙනසින් මිලි මිටර් 100ක තද වැසි දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 21 October 2025
ගුවන් යානයක් ලිස්සා ගොස් මුහුදට වැටේ හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බෑමට ගිය තුර්කි ඇක්ට් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන් ලිස්සා ගොස් මුහුදට වැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනකු මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි එරට බලධාරීහු ප්‍රකාශ කළහ. 20 October 2025
ක්‍රිකට් තරගය අස්සේ දුරකතන උස්සලා අකුරණ හතේ කණුව ප්‍රදේශයේ පැවැති ක්‍රිකට් තරඟයක් සඳහා මාතලේ ප්‍රදේශයේ සිට පැමිණ සිටි ක්‍රිකට් කණ්ඩායමක තරුණයන් පරිසකට අයත් රුපියල් 5,85,000 ක් පමණ වටිනා ජංගම දුරකථන අටක් සොරකම් කර එයින් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා දුරකථන දෙකක් රුපියල් අට දහසකට විකුණා කුඩු ගැසූ සැකකරු ඇතුළු තිදෙනකු අලවතුගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ. 20 October 2025
රුහුණු සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවන සහ තෙවන වසර සිසුන් අතර ඇති වූ ගැටුමකින් සිසුන් හය දෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 20 October 2025
එක්සත් ජාතීන්ගේ වෙළෙඳ සැසියේ ඇරැඹුමට වසන්ත යයි ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වෙන 16 වන එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ (UNCTAD) සමාරම්භක උත්සවය සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (20) දින සහභාගී විය. 20 October 2025
NLB ලොතරැයි යොදාගෙන වංචාවක් ජාතික ලොතරැයි මණ්ඩලයේ නිල වෙළෙඳ ලාංඡනය සහ ත්‍යාග ප්‍රදානෝත්සව අවස්ථා භාවිත කරමින් වංචනික ලෙස කරන ව්‍යාජ කැසිනෝ ව්‍යාපාරය සහ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සමඟ කිසිඳු ගණුදෙනුවක් නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ලොතරැයි මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 20 October 2025
පොලිස් දඩ ඇප්වලින් ගෙවීම දකුණත් අරඹයි රථවාහන වැරැදි සම්බන්ධයෙන් පොලිසියෙන් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා සදහා දඩ මුදල් Gov Pay හරහා ගෙවීමේ පහසුකම අද (20) සිට දකුණු පළාතේ ආරම්භ කළ බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන කටයුතු අමාත්‍යංශයේ ඩිජිටල් කටයුතු පිළිබද කාර්ය සාධක බළකායේ සභාපති හර්ෂ පුරසිංහ මහතා පැවැසීය. 20 October 2025
ආබාධිතයන්ගේ රැකියා කෝටාව ඉහළට ආබාධිත අය රාජ්‍ය සේවයට බඳවා ගැනීමට ලබාදී තිබූ කෝටාව සියයට 4 දක්වා ඉහළ දැමීමට අදාළ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවැසීය. 20 October 2025
උසාවි ලේඛන කුරුටු ගෑ සිද්ධියට නීතිඥයකුගෙන් ප්‍රශ්න කරන්න යයි මාලිගාකන්ද මහෙස්ත්‍රාත් උසාවියේ පවත්වාගෙන ගිය ලේඛණයක් කුරුටු ගෑවේ කවුරුන්ද? යන්න සොයා ගැනීම සඳහා මාලිගාකන්ද උසාවියේ සේවය කරන නීතීඥවරුන්ගෙන් හා අධිකරණ සේවකයින්ගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව රහස් පොලිසිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මියට දැනුම් දුන්නේය. 20 October 2025
මහබැංකු අධිපතිට සම්මානයක් මෙම වසරේ වර්ල්ඩ් බෙස්ට් බෑන්ක් සම්මාන උළෙලේදී ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් ’’ඒ ශ්‍රේණියේ’’ සම්මානය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත පිරිනැමුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. 20 October 2025
ඇමැති බිමල්ගේ නියෝගයට දුම්රිය ලොක්කන් පයින් ගහලා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා දුම්රිය මැදිරිවල පවතින අඩුපාඩු වහාම නිවැරදි කරන ලෙසට දුම්රිය ප්‍රධානීන්ට මීට මසකට පමණ පෙරදී නියෝග කළත් තවමත් එම අඩුපාඩු එලෙසම පවතින බව මගීහු චෝදනා කරති. 20 October 2025
දුම්රිය රැසක් හෙටත් අවලංගුයි දුම්රිය පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ හෙට (21) පෙරවරුවේ දුම්රිය ගමන් වාර 4 ක අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 20 October 2025
දිස්ත්‍රික්ක දෙකකට නායයාම් අනතුරු ඇඟවීම් පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ක් සඳහා අවධානයෙන් සිටිය යුතු ඇම්බර් වර්ණය සහිත දෙවැනි අදියරේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ. 20 October 2025
අයි.එම්.එෆ්. ණය ශ්‍රේණිගත කිරිමේදී ලංකාව 13 වැනි තැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන වැඩිම මුදලක් නැවත එම අරමුදලට ගෙවීමට තිබෙන රටවල් අතර 13 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. 20 October 2025
ජනපති ඉද්දිත් මිනිස්සු දුක කියන්නේ මට ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් සිටියදී ජනතාව ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයාට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 20 October 2025
ඉෂාරාට නවාතැන් දුන් PC සහ තවත් දෙකක් රිමාන්ඩ් ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන්නේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයෙකු හා තවත් දෙදෙනෙකු ලබන 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද (20) නියෝග කළේය. 20 October 2025
සරසවි ඇදුරෝ ජනපති හමුවෙති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (20) පැවැත්විණි. 20 October 2025
වටගල ස්විස්ටර්ලන්තයට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අන්තර් පාර්ලිමේන්තු සංගම් සමුළුව ඇමතීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගියේය. 20 October 2025
පස් කණ්ඩියකට යටවී අයෙක් මරුට පේරාදෙණිය , සූරියගොඩ ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ අවිවාහක පුද්ගලයෙකු විශාල පස්කන්ඩියකට යට වී මිය ගොස් ඇති බව පොලිසිය කියයි. 20 October 2025
කෝප් කෝපාවට තවත් අත්තටු දෙකක් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝපා කමිටුව) වාර්තා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට යැවීම සඳහා බලය පැවැරෙන පරිදි ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත 20 October 2025
පොලිස්පතිගෙන් මත් ජාවාරම්කරුවන්ට රතු එළියක් මිනිසුන් වැනසීම නොකර වෙන රක්ෂා හොයා ගන්නැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඉල්ලීමක් කළේය 20 October 2025
රටේ ඩොලර් කෝටි 600කට වෙච්ච දෙයක් නෑ රටේ ඇමරිකානු ඩොලර් කෝටි 600ක වත්කම් වලට වෙච්ච දෙයක් නොමැති බවත් කවුරුන් හෝ ඒවා අත්පත් කරගෙන ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය 20 October 2025
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එල්ලුම් ගහ කෙටි කාලයකට ගේන්න රට පුරා තදින් පැතිර යන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කිරීමේ පියවරක් ලෙස මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම හෝ වෙනත් එවැනි විකල්ප වැඩපිළිවෙළක් කෙටි කාලයක් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලෙස මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා රජයට යෝජනා කරයි. 20 October 2025
කෝටි 4ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 27 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 20 October 2025
පළාත් මහ ඇමති පුටුවලට මහ පොරයක් පළාත් සභා මැතිවරණය ලබන වසරේදී පැවැත්වීමට නියමිත හෙයින් පළාත් සභාවල මහ ඇමති ධූර අපේක්ෂකත්වය ගැනීම සඳහා දේශපාලන පක්ෂ රැසක මහ පොරයක් ඇති වී තිබෙන බව වාර්තාවේ. 20 October 2025
තරුණයන් දෙදෙනකු යට කර පැනගිය රියදුරු අල්ලයි තලවකැලේ නගර මධ්‍යයේ රතිඤ්ඤා දල්වමින් සිටි තරුණයන් දෙදෙනෙකු යට කර පලා ගොස් සැඟව සිටි බොලරෝ ලොරි රථයේ රියදුරා අද (20) දින සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය. 20 October 2025
බිමල් චීනයේ වගා බලන්න යයි චීන කොමියුනිට්ස් පක්ෂයේ ආරාධනාවක් මත චීනයට ගොස් සිටින ප්‍රවාහන මහාමාර්ග නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය බිමල් රත්නායක මහතා චීනයේ ගුවන්ෂි ප්‍රාන්තයේ වගා නිරීක්ෂණයකට සඳහා සහභාගී විය. 20 October 2025
සජබ එජාප දීගයේ වාර්තාව අනිද්දා එජාප සජබ එකමුතුවට පත් කෙරුණු සජබ කමිටුවේ වාර්තාව අනිද්දා පක්ෂයේ කළමනාකරණ මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. 20 October 2025
පෙදෙස් අටකට ගංවතුර අනතුරු ඇඟවීම් මහ ඔය ද්‍රෝණියේ ඇතැම් ධරා ප්‍රදේශ වලට මේ වන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති පෙදෙස් කිහිපයකට සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 20 October 2025
රජයේ ආයතනවල හිතුමතේ පඩි වැඩි කිරීම් බඳවාගැනීම් බෑ රජයේ සංස්ථා, මණ්ඩල, අධිකාරි ඇතුළු රාජ්‍ය ව්‍යවසාය ආයතන මින් පසු හිතුමතේ සේවකයන් බඳවා ගැනීම් සහ වැටුප් වැඩි කිරීම් දීමනා ආදිය ලබාදීම නොකළ යුතු බවට භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒවායේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත. 20 October 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026