අයිස් බඩු කන්ටේනර් දෙක ගැන නාමල්ට සැකයක් අයිස් හදන රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක මිද්දෙණියට ආවේත් වරායෙන් පිට කෙරුණු කන්ටේනර් තුන් සියය අතරේදැයි රටට හෙළි කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. 07 September 2025
ඇල්ල බසයේ සුන්බුන් හෙට රස පරීක්ෂකට පහළොස් දෙනෙකුට මරු කැඳවමින් ඇල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථයේ සුන්බුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට හෙට (8) බාරදීමට නියමිතය. 07 September 2025
රේස් ගිය බස් රියදුරන්ට වැඩ වරදී මහනුවර සිට හැටන් දක්වා අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට පෞද්ගලික බස් රථ දෙකක් ධාවනය කළ රියදුරන් දෙදෙනෙකු හැටන් පොලිසියේ රථවාහන අංශයෙ නිළධාරින් විසින් අද (07) දින අත්අඩංගුවට ගෙන ඇත. 07 September 2025
මැරුණු ධීවරයන්ටත් විශ්‍රාම වැටුප් ගෙවලා ජීවත්ව සිටින්නේද යන්න තහවුරු කර නොගෙන ධීවරයන් වෙනුවෙන් රුපියල් කෝටි නවයකට ආසන්න වටිනා විශ්‍රාම වැටුප් 2024 වර්ෂයේදී ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 07 September 2025
යකඩ පොල්ලකින් පහරදී අයෙක් මරලා අක්මිමන තල්ගම්පල උඩුබැට්ටව ප්‍රදේශයේ පුද්ගලයෙකු යකඩ පොල්ලකින් පහරදි ඝාතනය කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි. 07 September 2025
අද රෑ ලේ පාට සඳක් පායයි අද රාත්‍රියේ ලංකාවාසීන්ට ඉතා විරල පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ලැබෙන බව ආතල් සී.ක්ලාක් ආයතනයේ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. 07 September 2025
වැසි ඇති වීමේ වායු ගෝලයක් ඇති වෙයි ඉදිරි දින කීපයෙදි උතුරු, උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හිතරක වායු ගෝලිය තත්වයක් ඇති වෙමින් පවතී. 07 September 2025
පරාක්‍රම සමුද්‍රයෙන් මෝටාර් උණ්ඩයක් මතුවේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ කළුගල් අතර තිබී මෝටර් උණ්ඩයක් සොයාගත් බව පොළොන්නරුව පොලිසිය කියයි. 07 September 2025
දෙදෙනෙක් ගහගෙන 66 සීයා මරුට හොරණ කබල්ලාගොඩ ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දීමෙන් එක් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 07 September 2025
ගමේ තොටේ බැහැලා වැඩ කරන සෞඛ්‍ය වෘත්තිකයන්ට සලකයි ක්ෂේත්‍ර රාජකාරි වල නිරත වන සෞඛ්‍ය සේවකයින් හට උපරිම පහසුකම් ලබාදෙන බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 06 September 2025
ප්‍රා. සභා මන්ත්‍රීගේ නිවසින් අත්බෝම්බ-උණ්ඩ හමුවෙයි අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනු ලැබූ අගුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු සභිකයෙකුට අයත් බවට සැලකෙන ඉඩමක තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ පහක් හා 56 ගිනි අවියට යොදන ජීව උණ්ඩ දාහතක් බෝර දොළහ වර්ගයේ ගිනි අවියට යොදන ජීව උණ්ඩ තුනක් බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අද (6) සවස සොයා ගනු ලැබීය. 06 September 2025
අතහැර දැමු ගමන් මල්ලකින් කුෂ් තොගයක් රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පථයක් අසළ අත්හැහැරදැමූ ගමන් මල්ලක් තුළ තිබී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්තව සේවය කරන ’’ මැක්ස් ’’ (Max ) නැමති නිල සුනඛයා විසින් සොයා ගැනීමෙන් පසු එම ගමන් මල්ල රැගෙන ආ ගුවන් මගියා ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (6) අත්අඩංගුවට ගනු ලැබීය. 06 September 2025
’’රජයේ වැරැදි පෙන්නන අයට මරණ තර්ජන එල්ල වෙලා’’ රජයේ වැරදි පෙන්වා දෙන අයට දැන් මරණ තර්ජන එල්ල වෙන්න පටන් අරන් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 06 September 2025
හෙට පූර්ණ චන්ද්‍රග්‍රහණයක්: බලන්න කොළඹ කඳවුරක් ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවකට හෙට(7) පොහෝ දින පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. 06 September 2025
තැන තැන වෙඩි නතර කරන හැටි මහාචාර්ය ප්‍රතිභා කියයි බන්ධනාගාර ගත කෙරුණු දරුණු ගණයේ පාතාලකරුවන්ට ජංගම දුරකථන සහ ඒ ආශ්රිත උපාංග ලැබෙන තාක් සංවිධානාත්මක අපරාධ මැඩලීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය. 06 September 2025
සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද කරන්න එපා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද වීම වළක්වා ගනිමින් එහි ප්රතිලාභ නියමිත කාලයේ ජනතාවට ලබා දීම අදාළ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 06 September 2025
මරදාන වෙඩිතැබීමේ පැදිකරු මාට්ටු මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට අද අලුයම වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා විනාඩි කිහිපයක් තුළදී අත්අඩංගුවට ගැනීමට මෝදර පොලිසියේ නිලධාරීන් සමත් වී ඇත 06 September 2025
පද්මේලා ගැන මැතිසබේටත් ප්‍රකාශයක් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාලකරුවන් සහ රටේ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රජය එන සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 06 September 2025
ජනපති “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් අරඹයි වසර 2030 වන විට මෙරට ජාතික විදුලිබල අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප්‍රධාන පියවරක් ලෙස මෙරට ඉදි කෙරෙන විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය වන සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) ආරම්භ කෙරිණි. 06 September 2025
ඇල්ල අනතුරේ බස් රියැදුරුගේ රිධිර සාම්පල වැඩිදුර පරීක්ෂණවලට ඇල්ල 15කනුව ප්‍රදේශයේදී 15කට මරු කැදවමින් 18 කට තුවාල සිදුකර රාවණා ඇල්ල රක්ෂිතයේ අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලී ගිය විනෝද චාරිකා බස් රථය පැදවූ රියදුරුගේ රුධිර සාම්පල හෙට (7) වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව ඇල්ල පොලිසිය පවසයි . 06 September 2025
විජයදාසගෙන් ජනපතිට ලියුමක් කොළඹ වරාය නගරයට අයත් හෙක්ටයාර් 446.61 ක් විශාල භූමිය ශ්‍රී ලංකාවේ භූමියට ඇතුළත් කර නව සිතියමක් සකස් කර සම්මත කරන ලෙස හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරයි. 06 September 2025
පද්මේගේ බඩු තියාගත්ත පියල් මනම්පේරි අත්අඩංගුවට පාතාල කල්ලි නායක කෙහෙල් බද්දර පත්මේ නුවරඑළිය ප්‍රදේශයේ ආරම්භ කර ඇති අයිස් මත්ද්‍රවය නිෂ්පාදන කම්මල සඳහා රැගෙන ආ රසායනික ද්‍රව්‍ය තොගය තම ගෙවත්තේ වල දමා සඟවාගෙන සිටි අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි 06 September 2025
’’පොඩි කොල්ලන්ට බස් එලවන්න දෙන්න එපා’’ පළපුරුද්ද නැති පොඩි කොල්ලන්ට බස් එලවන්න දෙන්න එපා යැයි තමා බස් හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 06 September 2025
ඩඩ්ලි වැට ගලවන්න යයි සුදු අරලිය හෝටලයට යාබදව නිත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තිබෙන්නේ යැයි පිළිගන්නා බවත් එම ඉඩමේ වැට ගලවා දැමීමට තමා සූදානම් බවත් ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය. 06 September 2025
අයිස් නිෂ්පාදනයට සම්පත් ලග තබාගත් “සම්පත්“ පක්ෂයෙන් දොට්ට මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින සම්පත් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 06 September 2025
පද්මේලා එක්ක හාදකම් පෑ හිටපු මැති ඇමති රොත්තක් ගැනත් විමර්ශන කෙහෙල් බද්දර පද්මේ සහ කුඩු සළිඳු ඇතුළු පාතාලකරුවන් පස්දෙනා සමග මුල් කාලයේදී සබඳතා පැවැත් වූ බව පැවසෙන හිටපු ඇමතිවරුන් මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන් අට දෙනෙකු සහ කලාකරුවන් කිහිප දෙනෙකු පිළිබඳවද විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. 06 September 2025
ශෂීන්ද්‍ර බන්ධනාගාර රෝහලට හිටපු රාජ්‍ය අමාත්‍ය සහ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පැවසීය. 06 September 2025
ඇල්ල අනතුරින් මිය ගිය අයගේ දේහයන් තංගල්ල නගර ශාලාවට රාවණා ඇල්ල රිය අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලය සහ දරු දෙදෙනා ඇතුළු 15 දෙනාගෙන් දේහයන් 12ක් තංගල්ල නගර ශාලාවේ මහජන ගෞරවය සදහා අද (06) උදෑසන තැන්පත් කළේය. 06 September 2025
අළුබෝමුල්ලෙත් කටපුංචෙක් පත්තුවෙයි පානදුර අළුබෝමුල්ල සඳගල වත්ත ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් අද (06) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුකර ඇතැයි අළුබෝමුල්ල පොලිසිය කියයි 06 September 2025
මැතිසබේ වහලත් හිල්වෙලා පාර්ලිමේන්තුවේ වහලය ස්ථාන ගණනාවක හිල් පැවතීම හේතුවෙන් වර්ෂා කාලවලදී සභා ගර්භයේ යම් යම් ස්ථානවලට පවා ජලය කාන්දුවන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පෙන්වා දෙති. 06 September 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025