ලොකු ලූනුවලට නම් පටබඳිති දේශීය ලොකු ලූණු විකුණා ගැනීමට නොහැකිව නරක් වේද්දී ලූනු අලෙවිකරන්නන් ලොකු ලුණුවලට අලුත් නම් රැසක් පටබැඳ ඇතැයි දේශීය ලොකු ලූනු ගොවීහු කියති. 05 November 2025
උඩවෙල රෝහල වසා දොස්තර ගෙදර ගිහින් උඩුවෙල ප්‍රාදේශීය රෝහල ඊයේ (4) සවස සිට වසා දැමූ බවට ගේට්ටුවේ දැන්වීමක් දමා එහි වෛද්‍යවරයා රෝහලෙන් පිටව ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 05 November 2025
පාප් වහන්සේට ලංකාවට එන්නැයි විධිමත් ආරාධනයක් දාහතර වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස විධිමත් ආරාධනාවක් කිරීම සඳහා කටයුතු සලසන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වතිකානයේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම් පෝල් රිචඩ් ගැලගර් අගරදගුරු තුමන් හමුවේ පැවසීය. 05 November 2025
විපක්ෂ ජන රැළියට එජාපෙන් හරීන් ආණ්ඩුවට එරෙහිව පොදු විපක්ෂය සංවිධාන කරන ’’ මහා ජන හඬ’’ ජන රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී කර වීමට තීරණය කර තිබේ. 05 November 2025
ප්‍රකාශන හිමිකම් ගැටළු ලිහන්න කමිටුවක් ශ්‍රී ලංකාවේ ප්‍රකාශන හිමිකම් නීතිය ශක්තිමත් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ. 05 November 2025
රාජ්‍ය සේවයට 60,000 ක්: බදවා ගැනීම් ඇරැඹේ රාජ්‍ය සේවය සඳහා 60,000 ක පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා පැවැසීය 05 November 2025
නිව්යෝක් නගරයට මුස්ලිම් නගරාධිපතිවරයෙක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරසභා මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක සොහ්රාන් මම්දානී සමත් විය. ඒ අනුව, නිව්යෝක් නගරාධිපති ධුරයට පත්වන පළමු මුස්ලිම් නගරාධිපතිවරයා වන්නේ මම්දානීය. 05 November 2025
බිරිය මැරුවැයි සැමියා සැකපිට වවුනියාව, කල්මඩු පුම්පුකාර් හි තියුණු ආයුධයකින් පහරදී සිය බිරිඳ ඝාතනය කළ සැමියා මඩකලපුව එරාවුර් හීදි සැකපිට අත්අඩංගුවටගත් බව ඊච්චන්කුලම පොලිසිය කියයි. 05 November 2025
වෛද්‍ය සමන් රංජිත් වීරසිංහට රුසියාවෙන් ඉහළම සම්මානයක් රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා හිටපු තානාපති වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා විසින් ’’මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානයෙන්’’ පිදුම් ලැබුවේය. 05 November 2025
පොලිසියේ යකා නැටු ජාජබ පුංචි මන්ත්‍රී අල්ලයි සිය සොහොයුරා නිදහස් කරන ලෙසට ඉල්ලා හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය තුළදී පොලිස් නිලධාරීන්ට තර්ජනය කර සාපරාදී බලහත්කාරය පෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය පවසයි. 05 November 2025
සැකකරුවකුගේ තොරතුරු එළියට දීලා කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ රැඳයුම් නියෝග මත රඳවා සිටින සැකකරුවකු සම්බන්ධයෙන් , සැකකරුගේ බිරිඳට දුරකථන ඇමතුම් ලබා දී සැකකරු සම්බන්ධයෙන් පුද්ගලික තොරතුරු ලබා දුන් බව කියන පොලිස් සැරයන්වරයකු වැඩ තහනමට ලක් කර ඇත. 05 November 2025
ගෑණු හුටපටයකට සෙබළෙක් සෙබළකු මරයි සිය බිරිය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු තවත් සෙබළකු කපා කොටා ඝාතනය කර ඇතැයි මහඔය පොලිසිය කියයි. 05 November 2025
අයවැයට වෛද්‍ය සංගමයෙනුත් යෝජනාවලියක් 2026 අයවැය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. 05 November 2025
පිළියන්දර- මහරගම පාර අලුත් වෙයි මහරගම - පිළියන්දල මාර්ගයේ කිලෝමීටර 2000 සිට කිලෝමීටර 3+700 දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සහ වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 November 2025
පළාත් කීපයකට අද තරමක තද වැසි ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 November 2025
අධික රුධිර පීඩනයට තනි පෙත්තක ඖෂධයක් අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් සඳහා වර්තමානයේ වෛද්‍යවරුන් නිර්දේශ කරන පෙති වර්ග තුනක මාත්‍රාව වෙනුවට එම පෙති තුනේම ඖෂධ ගුණය එකතු කර එක පෙත්තක් නිපදවීමේ සාර්ථක පර්යේෂණයක් කිරීමට කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායමක් සමත්වූහ. 05 November 2025
මෙවර අයවැයෙන් ප්රතිලාභ රැසක් ආර්ථිකය සංවර්ධනය ඉලක්ක කරගත් ජනතාවට ප්රතිලාභ රැසක් හිමිවන අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 04 November 2025
සුළං විදුලි ව්‍යාපෘතිය ගැන ලොකු අධ්‍යයනයක්? සංක්‍රමණික කුරුල්ලන් පැමිණෙන ප්‍රදේශයක් වන මන්නාරමේ අදානි සමාගම අත්හැර දැමූ සුළං විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් සංක්‍රමණික කුරුල්ලන් පිළිබඳව ගැඹුරු අධ්‍යනයක් සිදු කළ යුතු බව යෝජනා වී ඇතැයි දැන ගන්න ඇත. 04 November 2025
සජිත් ඉන්දීය මුදල් ඇමැතිනිය හමුවේ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබීය. 04 November 2025
හෑෂ් කිලෝ 12ක් සමග අයෙක් මාට්ටු වැල්ලම්පිටිය මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේදී ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ දොළහයි ග්‍රෑම් දෙසිය දොළහක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි. 04 November 2025
නුගේගොඩ රැලියට යනවාද නැද්ද:විපක්ෂය කඹ ඇදීමක නුගේගොඩ රැලියට යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂවලට පැහැදිලි තීරණයක් මෙතෙක් ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම පක්ෂ තුළ බරපතළ මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී තිබෙන බව වාර්තාවේ. 04 November 2025
ආදායම් බදු වාර්තා 30 පෙර ඕනෑ 2024/2025 තක්සේරු වර්ෂ සඳහා ආදායම් බදු වෙනුවෙන් ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් ආදායම් බදු වාර්තා මාර්ගගතව නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර භාරදීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 04 November 2025
සීවලී මැදි විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති කාර්යාලයේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේදී අද (04) පැවැත්විණි. 04 November 2025
රාජ්‍ය නිලධාරීන්ගේ හොඳ තීන්දු ගැන ස්තුතියක් වත් නෑ රාජ්‍ය නිලධාරීන් සත්භාවයෙන් ගන්නා තීරණ වලදී සිදුවන පාඩු ගැන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන සහ මුදල් අමාත්‍යංශයේ රෙගුලාසි අනුව ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 04 November 2025
අම්බලන්ගොඩ වෙඩිතැබීමේ සිද්ධියේ මෝටර් රිය සොයාගනී අම්බලන්ගොඩ නගර සභාව ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මාළු ව්‍යාපාරිකයකුට වෙඩි තබා පළා ගිය මෝටර් රථය කරන්දෙණිය එගොඩවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 04 November 2025
ධීවර සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු 4 දෙනාට ඇප ලංකා ධීවර සංස්ථාවට අවශ්‍ය නොවන මොහොතක නියමිතය ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මාළු වැකුම් කිරීමේ යන්ත්‍රයක් මිලදීගෙන රජයට රුපියල් ලක්ෂ 58 ක පාඩුවක් කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු සැකකරුවන් සිව් දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (04) නියෝග කළේය. 04 November 2025
චරිත රත්වත්තේට ඇප අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වූ චරිත රත්වත්තේ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම මහතා නියෝග කළේය. 04 November 2025
ධීවර සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු හතරක් අත්අඩංගුවට රජයට රුපියල් 5,856,116,00 මුදලක් පාඩු කර දූෂණයක් සිදු කිරීමේ චෝදනාව මත ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 04 November 2025
වතිකාන විදෙස් ඇමැති ජනපති අනුර හමුවෙයි රටේ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගන්නා උත්සාහය බෙහෙවින් අගය කරන බව වතිකානයේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම් පෝල් රිචඩ් ගැලගර් අගරදගුරු තුමෝ ප්‍රකාශ කළහ. 04 November 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026